10 “‘මම ඊජිප්තුවට සිදු කළ ලෙසම ඔබට පීඩාවලින් පහර දුන්නෙමි.+ ඔබේ තරුණයන්ව කඩුවෙන් මරා දමා+ ඔබේ අශ්වයන්ව පැහැරගෙන යන්න ඉඩහැරියෙමි.+ ඔබට පිළිකුලක් වන තරමටම ඔබේ කඳවුරුවලින් දුගඳක් හමන්න සැලැස්වූවෙමි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.