ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් ජීවය+ වන ලේ+ සමඟ ඔබ මස් නොකෑ යුතුයි.+

  • ලෙවී කතාව 7:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “‘ඔබ ජීවත් වන කවර තැනකදී හෝ වේවා ලේ+ කොහෙත්ම නොකෑ යුතුයි. කුරුල්ලෙකුගේ ලේ හෝ වේවා මෘගයෙකුගේ ලේ හෝ වේවා ඔබ නොකෑ යුතුයි.

  • ලෙවී කතාව 17:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙකුවත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකුවත් මොනම ආකාරයකින් හෝ ලේ+ අනුභව කළොත් මම ඔහුව ප්‍රතික්ෂේප* කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී+ ඔහුව මරා දමන්නෙමි.

  • ද්විතීය කතාව 15:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබට කන්න අවසර නැත්තේ උන්ගේ ලේ පමණයි.+ එය වතුර මෙන් බිමට වත් කළ යුතුයි.+

  • 1 සාමුවෙල් 14:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 පසුව සාවුල් රජුට මෙසේ දන්වනු ලැබීය. “සෙනඟ යෙහෝවා දෙවිගේ නීතිය කඩ කරන හැටි බලන්න! ඔවුන් ලේ සමඟම මස් කනවා.”+ එවිට ඔහු මෙසේ පැවසුවේය. “ඔබ ඇයි මෙවැනි පාපයක් කරන්නේ? දැන් මා ළඟට ලොකු ගලක් අරගෙන එන්න.”

  • එසකියෙල් 33:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “එබැවින් ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබ ලේ සමඟ මස් කන්නහුය.+ ඔබ පිහිට පතන්නේ ඔබේ පිළිකුල්සහගත රූපවලිනි.+ ඔබ මිනී මරන්නහුය.+ එබැවින් මා ඔබට මේ දේශයේ දිගටම ජීවත් වෙන්න ඉඩ දෙන්නේ කොහොමද?+

  • ක්‍රියා 15:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඒවා නම් දේවතා රූපවලට පූජා කළ දේවලින්,+ ලේවලින්,+ බෙල්ල මිරිකා මැරූ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන්+ සහ වේශ්‍යාකමින්ය.*+ ඔබ ඒ දේවලින් නිරතුරුවම වැළකී සිටීම අවශ්‍යය. ඔබ සැලකිලිමත් වෙමින් ඒ දේවලින් වැළකී සිටීමට උත්සාහ දරනවා නම්+ එයින් ඔබට යහපතක් සිදු වනු ඇත. ඔබ සැමට අපගේ සුබ පැතුම්!”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න