ද්විතීය කතාව 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ එලෙස ධනවත් වන්නේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසයි.+ ඒ නිසා හැමවිටම ඔබේ දෙවිව මතකයේ තබාගන්න. මන්ද ඔහු ඔබ වෙනුවෙන් ඒ දේ කරන්නේ ඔහු අද වන තුරුත් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිටින නිසයි.+ ද්විතීය කතාව 28:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සියලුම යහපත් දේවල් ලබා දෙන යෙහෝවා දෙවි අහසේ කවුළු ඇර නියම කලට ඔබට වැසි ලබා දෙයි.+ ඔබ කරන සෑම දෙයකටම ඔහුගේ ආශීර්වාදය ලැබෙයි.+ ඔබට කවදාවත් වෙනත් ජාතීන්ට ණය වෙන්න සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ණයට දෙන්න ඔබට හැකි වෙයි.+ 2 ලේකම් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ ඉල්ලූ ප්‍රඥාවත් අවබෝධයත් මම ඔබට දෙන්නෙමි.+ එමෙන්ම ඔබට කලින් සිටි කිසි රජ කෙනෙකුට නොතිබූ ධන සම්පත් හා ගෞරවය මම ඔබට දෙන්නෙමි.+ ඔබෙන් පසුව පැමිණෙන කිසිම රජ කෙනෙක් ඔබට සමාන නොවන්නෙහිය.”+ යෝබ් 42:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි යෝබ්ට මුලින්+ ආශීර්වාද කළාටත් වඩා බොහෝ සෙයින් ආශීර්වාද කළේය.+ ඔහුට බැටළුවෝ දහහතර දහසක්ද ඔටුවෝ හයදහසක්ද ගොන් බාන් දහසක්ද බූරුදෙන්නු දහසක්ද සිටියෝය. හිතෝපදේශ 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි.+ ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.+ 2 කොරින්ති 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවි ඔබට එසේ සෑම අතින්ම ආශීර්වාද කරන්නේ ඔබටත් ත්‍යාගශීලී වීමට විවිධ අවස්ථාවන් උදා කර දීම සඳහාය. ත්‍යාගශීලී වීමට අප දරන ඒ උත්සාහය තුළින් දෙවිට ස්තුති දීමට සියලුදෙනාම පෙලඹෙති.+
18 ඔබ එලෙස ධනවත් වන්නේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසයි.+ ඒ නිසා හැමවිටම ඔබේ දෙවිව මතකයේ තබාගන්න. මන්ද ඔහු ඔබ වෙනුවෙන් ඒ දේ කරන්නේ ඔහු අද වන තුරුත් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිටින නිසයි.+
12 සියලුම යහපත් දේවල් ලබා දෙන යෙහෝවා දෙවි අහසේ කවුළු ඇර නියම කලට ඔබට වැසි ලබා දෙයි.+ ඔබ කරන සෑම දෙයකටම ඔහුගේ ආශීර්වාදය ලැබෙයි.+ ඔබට කවදාවත් වෙනත් ජාතීන්ට ණය වෙන්න සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ණයට දෙන්න ඔබට හැකි වෙයි.+
12 ඔබ ඉල්ලූ ප්‍රඥාවත් අවබෝධයත් මම ඔබට දෙන්නෙමි.+ එමෙන්ම ඔබට කලින් සිටි කිසි රජ කෙනෙකුට නොතිබූ ධන සම්පත් හා ගෞරවය මම ඔබට දෙන්නෙමි.+ ඔබෙන් පසුව පැමිණෙන කිසිම රජ කෙනෙක් ඔබට සමාන නොවන්නෙහිය.”+
12 යෙහෝවා දෙවි යෝබ්ට මුලින්+ ආශීර්වාද කළාටත් වඩා බොහෝ සෙයින් ආශීර්වාද කළේය.+ ඔහුට බැටළුවෝ දහහතර දහසක්ද ඔටුවෝ හයදහසක්ද ගොන් බාන් දහසක්ද බූරුදෙන්නු දහසක්ද සිටියෝය.
11 දෙවි ඔබට එසේ සෑම අතින්ම ආශීර්වාද කරන්නේ ඔබටත් ත්‍යාගශීලී වීමට විවිධ අවස්ථාවන් උදා කර දීම සඳහාය. ත්‍යාගශීලී වීමට අප දරන ඒ උත්සාහය තුළින් දෙවිට ස්තුති දීමට සියලුදෙනාම පෙලඹෙති.+