ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 14:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 සාවුල් රජුගේ පුත්‍රයෝ නම් යොනාතාන්,+ ඉෂ්වී සහ මල්කී-ෂුවාය.+ ඔහුට දූවරු දෙදෙනෙක්ද සිටියෝය. වැඩිමල් දියණියගේ නම මේරබ්ය.+ බාල දියණියගේ නම මීකල්ය.+

  • 1 සාමුවෙල් 19:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දාවිත්ව පසුවදා උදෑසන මරා දමන ලෙස තම සේවකයන්ට අණ කරමින් සාවුල් රජ ඔවුන්ව ඔහුගේ නිවසට යැව්වේය.+ ඔවුහු උදෑසන වන තෙක්ම ඔහුව අල්ලාගැනීමට රැක සිටියෝය.+ දාවිත්ගේ භාර්යාව වන මීකල් දාවිත්ට මෙසේ අනතුරු ඇඟෙව්වාය. “ඔබ අද මෙහෙන් පැනලා යන්න. ඔබ ගියේ නැත්නම් හෙට ඔබව මරලා දායි.”

  • 1 සාමුවෙල් 25:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 සාවුල් රජ, දාවිත්ට භාර්යාවක් ලෙස දුන් තම දියණිය වන මීකල්ව+ පල්තීට+ විවාහ කර දුන්නේය. පල්තී ගල්ලිම්හි+ ජීවත් වූ ලායිෂ්ගේ පුත්‍රයාය.

  • 2 සාමුවෙල් 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 දාවිත්ද ඔහුට මෙසේ කියා යැව්වේය. “මම ඒ යෝජනාවට එකඟයි. නමුත් අපි දෙන්නා ගිවිසුමක් ඇති කරගන්න කලින් ඔබ මගේ එක ඉල්ලීමක් ඉටු කරන්න ඕනේ. සාවුල් රජුගේ දුව වන මීකල්ව+ මගේ ළඟට එක්කගෙන එන්න. ඇය නැතුව මා ළඟට ඔබ එන්න එපා.”+

  • 2 සාමුවෙල් 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට ගෙනෙන විට සාවුල්ගේ දියණිය වූ මීකල්+ ජනේලයෙන් ඒ දෙස බලා සිටියාය. දාවිත් රජු යෙහෝවා දෙවි ඉදිරියේ උඩ පැනපැන නටන ආකාරය දැක ඇය තම සිතින්+ ඔහුව හෙළාදකින්න පටන්ගත්තාය.+

  • 1 ලේකම් 15:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ දාවිත්ගේ නුවරට ළඟා වන විට සාවුල් රජුගේ දියණිය වූ මීකල්+ කවුළුවකින් ඒ දෙස බලා සිටියාය. දාවිත් රජු උඩ පැන පැන නටන ආකාරය+ දැක ඇය තම සිතින් ඔහුව හෙළාදැකීමට පටන්ගත්තාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න