2 රාජාවලිය 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව සිරියානු ජාතිකයන්ගෙන් ගලවාගැනීමට යෙහෝවා දෙවි ගැලවුම්කරුවෙකු එව්වේය.+ ඉන්පසු පෙර මෙන් තම තමන්ගේ නිවෙස්වලට වී සාමකාමීව ජීවත් වීමට ඊශ්‍රායෙල්වරුන්ට හැකි විය.+ ගීතාවලිය 86:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+ යෙරෙමියා 31:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “එෆ්‍රායිම් මාගේ වටිනා පුත්‍රයෙකු නොවේද? මා ඔහුව ඉතා ආදරයෙන් ඇතිදැඩි කළේ නැද්ද?+ මා ඔහුට විරුද්ධව කොතරම් කතා කළත් මාගේ මතකයෙන් කවදාවත් ඔහු මැකී යන්නේ නැත.+ ඔහු නිසා මාගේ හදවත* කම්පා වන්නේය.+ එබැවින් මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. හොෂෙයා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් යූදා සෙනඟට මම දයාව පෙන්වන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ එහෙත් මා එසේ කරන්නේ දුන්නෙන්වත් කඩුවෙන්වත් යුද්ධයෙන්වත් අශ්වයන් හා අසරුවන් මාර්ගයෙන්වත් නොවෙයි.”+
5 එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව සිරියානු ජාතිකයන්ගෙන් ගලවාගැනීමට යෙහෝවා දෙවි ගැලවුම්කරුවෙකු එව්වේය.+ ඉන්පසු පෙර මෙන් තම තමන්ගේ නිවෙස්වලට වී සාමකාමීව ජීවත් වීමට ඊශ්‍රායෙල්වරුන්ට හැකි විය.+
15 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+
20 “එෆ්‍රායිම් මාගේ වටිනා පුත්‍රයෙකු නොවේද? මා ඔහුව ඉතා ආදරයෙන් ඇතිදැඩි කළේ නැද්ද?+ මා ඔහුට විරුද්ධව කොතරම් කතා කළත් මාගේ මතකයෙන් කවදාවත් ඔහු මැකී යන්නේ නැත.+ ඔහු නිසා මාගේ හදවත* කම්පා වන්නේය.+ එබැවින් මම අනිවාර්යයෙන්ම ඔහුට අනුකම්පා කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
7 නමුත් යූදා සෙනඟට මම දයාව පෙන්වන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ එහෙත් මා එසේ කරන්නේ දුන්නෙන්වත් කඩුවෙන්වත් යුද්ධයෙන්වත් අශ්වයන් හා අසරුවන් මාර්ගයෙන්වත් නොවෙයි.”+