ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවිට විරුද්ධව නම් කැරලිගසන්න එපා.+ ඒ දේශයේ ජීවත් වෙන මිනිසුන්ට බය වෙන්නත් එපා.+ මන්ද යෙහෝවා දෙවි සිටින්නේ අප සමඟයි.+ නමුත් ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ අපිට පහසුවෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්.”+

  • ද්විතීය කතාව 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු ඔවුන්ට පැවසිය යුත්තේ මෙයයි. ‘ඊශ්‍රායෙල්වරුනි, මට සවන් දෙන්න. ඔබ දැන් සූදානම් වෙන්නේ ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්නයි. ඔබ ඔවුන් වෙතින් භයෙන් පලා යන්න එපා.+ ඔවුන්ට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+

  • යොෂුවා 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න.+ ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.+ එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.”+

  • ගීතාවලිය 27:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යෙහෝවා දෙවි මාගේ ආලෝකයය.+ මාගේ ගැලවීමය.+

      මම කිසිවෙකුටවත් භය නැත.+

      යෙහෝවා දෙවි මාගේ බලකොටුවය.+

      මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත.+

  • රෝම 8:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+

  • හෙබ්‍රෙව් 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.+ ඔබට තිබෙන දේවල් ගැන+ සෑහීමට පත් වන්න.+ මන්ද, “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියා දෙවි පවසා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න