ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ මේ අණපනත්වලට එකඟව ජීවත් වුණොත් ප්‍රඥාවන්තව+ හා දැනුම් තේරුම්+ ඇතුව කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. එවිට අවට ජාතීන්ට ඒ නීති ගැන පැහැදීමක් ඇති වී, ‘මේ මහත් ජාතිය දැනුම් තේරුම් ඇති බුද්ධිමත් සෙනඟක්’ කියා පවසන බවට කිසිම සැකයක් නැහැ.+

  • ගීතාවලිය 111:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+

      ש [සින්]

      ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+

      ת [ටාව්]

      දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+

  • හිතෝපදේශ 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ අවබෝධය යනු අතිශුද්ධ තැනැත්තාණන්ව දැන හඳුනා ගැනීමයි.+

  • දේශනාකාරයා 12:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි.

  • රෝම 1:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දෙවිව නොපෙනුණත්+ ලෝකය සෑදූ දා පටන්+ ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි.+ එමගින් ඔහුගේ සදාතනික බලය+ හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය+ සියල්ලන්ටම පැහැදිලි වේ. එහෙයින් දෙවිව පිළි නොගෙන සිටීමට ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න