ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 49:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි මට මෙසේ පැවසුවේය. “මාගේ සේවකයා ලෙස ඔබට පැවරී තිබෙන කාර්යය සුළුපටු එකක් නොවෙයි. යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන ගෝත්‍ර නැවත ගොඩනඟන්නත් රැකවරණය ලැබූ ඊශ්‍රායෙල්වරුන්ව නැවත මා වෙතට ගෙන එන්නත් මම ඔබට පැවරුවෙමි.+ එමෙන්ම, ජාතීන්ට ආලෝකය දෙන පිණිස මම ඔබව පත් කළෙමි.+ මා එසේ කළේ පොළොවේ ඈත කෙළවර දක්වාම වෙසෙන ජනයාට මා දෙන ගැලවීම අත් කර දෙන පිණිසය.”+

  • ක්‍රියා 13:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 ඇත්තෙන්ම යෙහෝවා දෙවි අපිට මෙලෙස අණ කර තිබෙනවා. ‘මම ජාතීන්ට ආලෝකය දීම සඳහා ඔබව පත් කළෙමි.+ එසේ කළේ ඔබ මාර්ගයෙන් පොළොවේ ඈත කෙළවර දක්වාම වෙසෙන ජනයාට ගැලවීම ලබා දීම සඳහාය.’”+

  • ක්‍රියා 28:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එහෙයින් ඔබ මේ දේ දැනගත යුතුයි. දෙවි ගැලවීම ලබා දෙන මාර්ගය පිළිබඳ මේ පණිවිඩය වෙනත් ජාතීන්ටත් දන්වා තිබෙනවා.+ ඔවුන් නම් එයට අනිවාර්යයෙන්ම සවන් දෙයි.”+

  • රෝම 10:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 නමුත් මේ සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් මතු වේ. එනම් සවන් දෙන්න ඔවුන්ට ප්‍රස්තාවක් ලැබුණේ නැද්ද යන්නයි. ඇත්තෙන්ම ඔවුන්ට ලැබිණ. මන්ද, “ඔවුන්ගේ හඬ පොළෝතලය පුරාම පැතිර ගියේය.+ පොළොවේ කෙළවර දක්වා ඔවුන් පැවසූ දේ අසන්න ලැබුණේය”+ කියා සඳහන් වී ඇත.

  • කොලොස්සි 1:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ සඳහා ඔබ දිගටම ඔබට තිබෙන විශ්වාසය වර්ධනය කරගත යුතු අතර+ එම විශ්වාසය නමැති අත්තිවාරම මත ස්ථිරව+ පිහිටා සිටිය යුතුයි.+ මීට අමතරව අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර+ දේශනා කරනු ලැබූ+ මෙන්ම ඔබද ඇසූ ශුභාරංචිය+ මගින් ඔබට ලැබුණු බලාපොරොත්තුවෙන් ඔබව ඉවත් කිරීමට කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න. පාවුල් වන මමද එම ශුභාරංචිය දේශනා කරන සේවකයෙක් බවට පත් වූවෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න