1 සාමුවෙල් 25:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 පසුව අබිගායිල් තම නිවසට පැමිණියාය. නාබල් එදින විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කර තිබිණ. ඔහු රජෙකු මෙන් කමින් බොමින් විනෝද වෙමින් සිටියේය.+ ඔහු හොඳටම මත් වී සිටියේය.+ අබිගායිල් පසුවදා උදෑසන වන තෙක් එදින සිදු වූ කිසිවක් ගැන නාබල්ට පැවසුවේ නැත. හිතෝපදේශ 23:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 අවසානයේදී එය සර්පයෙකු මෙන් දෂ්ට කරයි.+ පොළඟෙකු මෙන් විෂ පිට කරයි.+ 1 කොරින්ති 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත්+ බේබද්දන්ටවත්+ නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.+ ගලාති 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කුඩුකේඩුකම, බේබදුකම,+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල් ඔහු තුළ දක්නට ලැබේ. මීට කලින් මා ඔබට අනතුරු ඇඟවූ ලෙසම මා දැනුත් ඔබට අනතුරු අඟවන්නේ එවැනි දේවල් කරන* අයට+ දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවය.+ එෆීස 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 වයින්වලින් වෙරි නොවන්න.+ මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.+ ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරිමින්,+
36 පසුව අබිගායිල් තම නිවසට පැමිණියාය. නාබල් එදින විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කර තිබිණ. ඔහු රජෙකු මෙන් කමින් බොමින් විනෝද වෙමින් සිටියේය.+ ඔහු හොඳටම මත් වී සිටියේය.+ අබිගායිල් පසුවදා උදෑසන වන තෙක් එදින සිදු වූ කිසිවක් ගැන නාබල්ට පැවසුවේ නැත.
10 සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත්+ බේබද්දන්ටවත්+ නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.+
21 කුඩුකේඩුකම, බේබදුකම,+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල් ඔහු තුළ දක්නට ලැබේ. මීට කලින් මා ඔබට අනතුරු ඇඟවූ ලෙසම මා දැනුත් ඔබට අනතුරු අඟවන්නේ එවැනි දේවල් කරන* අයට+ දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවය.+
18 වයින්වලින් වෙරි නොවන්න.+ මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.+ ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරිමින්,+