ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 තම හමුදාව යෙරුසලම වැටලූ පසු+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් නගරයට ඇතුල් විය.

  • 2 රාජාවලිය 25:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ශෙදකියා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේ+ දහවන මාසයේ දහවන දින,+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්+ ඔහුගේ මුළු හමුදාව සමඟ යෙරුසලමට විරුද්ධව සටනට පැමිණියේය.+ ඔහු පැමිණ ඒ අවට කඳවුරු බැඳගෙන යෙරුසලම වටා පවුරක් ගොඩනැඟුවේය.+

  • යෙරෙමියා 39:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 යූදාහි රජු වූ ශෙදකියා රජකම් කළ නවවන අවුරුද්දේ දහවන මාසයේදී+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඔහුගේ මුළු යුධ හමුදාව සමඟ පැමිණ යෙරුසලම වැටලුවෝය.+

  • එසකියෙල් 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊළඟට ඔබ එය වැටලිය යුතුය.+ එය වටා පස් වැටියක් හා පවුරක් ගොඩනඟන්න.+ එයට විරුද්ධව කඳවුරු බැඳගෙන එහි පවුරු බිඳ දැමීමට+ එය වටේටම යුධෝපකරණත් සිටුවා තබන්න.+

  • එසකියෙල් 21:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔහුගේ දකුණතට හසු වන දේ අනුව තමන් යෙරුසලම බලා යා යුතුයි කියා ඔහු තීරණය කරනු ඇත.+ එහෙයින් යුද්ධයට සැරසෙන්නයයි මහත් හඬින් අණක් නික්මෙයි.+ යෙරුසලමට පහර දී මහත් ඝාතනයක් සිදු කිරීමට ඔහුගෙන් අණක් නික්මෙයි. නුවරේ දොරටු කඩා දැමීමට යුධෝපකරණ සූදානම් කිරීමටත් නුවර වටලා පවුරු ගොඩනැඟීමටත් ඔහුගෙන් අණ ලැබෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න