ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යෙහෝයාකිම් රජුගේ පාලන සමයේදී බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්+ යෙරුසලම ආක්‍රමණය කළේය. අවුරුදු තුනක් යෙහෝයාකිම් රජ ඔහුට යටත් වී සිටියේය.+ නමුත් පසුව ඔහු නෙබුකද්නෙෂර් රජුට විරුද්ධව කැරලිගැසුවේය.

  • යෙරෙමියා 27:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘“යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘යම් ජාතියක් හෝ යම් රාජ්‍යයක් බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්ට සේවය නොකරන්නේ නම් හෝ ඔහුගේ වියගහට යටත් නොවන්නේ නම් හෝ මම බැබිලෝනියේ රජු ලවා ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නෙමි.+ කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතවලින්ද+ ඔවුන්ට දඬුවම් කරන්නෙමි.’

  • යෙරෙමියා 32:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘මම මේ නගරය කල්දිවරුන්ගේ අතටත් බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ අතටත් භාර දෙමි. ඔහු එය යටත් කරගන්නේය.+

  • යෙරෙමියා 43:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඉන්පසු ඔබ යුදෙව්වරුන්ට කතා කර මෙසේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මාගේ සේවකයාද+ බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ව මා කැඳවා,+ සඟවා තැබූ මේ ගල් මත ඔහුගේ සිංහාසනය මම පිහිටුවන්නෙමි. ඔහු තම රාජකීය කූඩාරම මේ ස්ථානයේම පිහිටුවනු ඇත.

  • එසකියෙල් 26:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මේ අසන්න. මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ව* තීර් නුවරට විරුද්ධව එවන්නෙමි. උතුරු දිශාවෙන් පැමිණෙන ඔහු+ රජවරුන්ගෙත් රජෙකි.+ ඔහු අශ්වයන්ගෙන්ද+ යුධ රථවලින්ද+ අසරුවන්ගෙන්ද මහත් සමූහයකින්ද සන්නද්ධව තීර්ට විරුද්ධව පැමිණෙයි.+

  • දානියෙල් 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ලෝකයේ සෑම තැනකම ජීවත් වන සියලු ජාතීන්ට, ගෝත්‍රයන්ට හා විවිධ භාෂා කතා කරන මිනිසුන්ට+ නෙබුකද්නෙෂර් රජ මෙසේ දැනුම් දෙන්නේය. “ඔබ සියලුදෙනාටම බොහෝ සමාදානය ලැබේවා!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න