14 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඊජිප්තුවේ+ කුලී නොලබා වැඩ කරන සේවකයෝද ඉතියෝපියාවේ වෙළෙන්දෝද උස මහත මිනිසුන්+ වන සෙබාවරුද+ ඔබගේ අණසකට යටත් වෙති.+ ඔවුහු විලංගු+ දමාගෙන ඔබ වෙත පැමිණ හිස නමා+ මෙසේ කියති. ‘සැබවින්ම දෙවි ඔබ සමඟ සිටියි.+ ඔහුට සමාන දෙවි කෙනෙක් නැත. එකම සැබෑ දෙවි ඔහුයි.’”+