ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 45:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එසේ පොරොන්දු වන ජනයා මෙසේද කියති. ‘යෙහෝවා දෙවි සෑම අතින්ම ධර්මිෂ්ඨයි. ශක්තිය තිබෙන්නේ ඔහුට පමණයි.+ දෙවි සමඟ උදහස් වන සියලුදෙනා ඔහු ඉදිරියට පැමිණ ලැජ්ජාවට පත් වනු ඇත.+

  • යෙරෙමියා 23:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්‍රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.”

  • රෝම 3:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මේ වර්තමාන කාලයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වන්නේ+ යේසුස් කෙරෙහි විශ්වාසය තබන මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමෙනි.+

  • 2 කොරින්ති 5:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 කිසිදා පාපයක් නොකළ ඒ තැනැත්තාව+ අප වෙනුවෙන් පාප පූජාවක් ලෙස+ දෙවි ඉදිරිපත් කළේය. එසේ කළේ ඔහු මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට+ මඟ උදා කර දීම සඳහාය.

  • එෆීස 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය+ පැළඳගත යුතුයි.+ එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ+ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින්+ සහ පක්ෂපාතකමින්ය.

  • ෆිලිප්පි 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔහු සමඟ එකට බැඳී සිටින කෙනෙකු ලෙස පිළිගනු ලැබීමටය. ඒ අනුව නීතිය පිළිපැද මගේම උත්සාහයෙන් ධර්මිෂ්ඨයෙකු වෙනවා වෙනුවට+ ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන්+ මම ධර්මිෂ්ඨයෙක් වෙමි. ඒ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ දෙවිගෙනි. එයට පදනම විශ්වාසයයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න