ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 තම හමුදාව යෙරුසලම වැටලූ පසු+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් නගරයට ඇතුල් විය.

  • 2 රාජාවලිය 24:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මෙසේ බැබිලෝනියේ රජු රැගෙන ගිය අය+ අතර යුද්ධයට දක්ෂ පුරුෂයෝ හත්දහසක්ද කර්මාන්තකරුවෝ සහ බලකොටු ඉදි කරන්නෝ දහසක්ද සිටියෝය. ඒ සියලුදෙනා යුධ දක්ෂයෝ වූහ.

  • එස්රා 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් අපේ පියවරුන් ස්වර්ගයේ දෙවිව උදහසට+ පත් කළ නිසා දෙවි ඔවුන්ව බැබිලෝනියේ රජු වූ කල්දිය ජාතික+ නෙබුකද්නෙෂර්ගේ+ අතට භාර දුන්නා.+ ඉන්පසු නෙබුකද්නෙෂර් රජ, මෙහි ගොඩනඟා තිබූ ගෘහය සම්පූර්ණයෙන්ම විනාශ කර,+ සෙනඟව බැබිලෝනියට රැගෙන ගියා.+

  • හිතෝපදේශ 10:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 දුෂ්ටයා යම් දෙයකට භයින් සිටින්නේද ඔහු පිටට පැමිණෙන්නෙත් ඒ දේමය.+ නමුත් ධර්මිෂ්ඨයන්ගේ ආශා ඉටු කරනු ලැබේ.+

  • යෙරෙමියා 24:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්, යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ යූදාහි රජු වන යෙකොනියාවද යූදාහි අධිපතීන්වද කැටයම්කරුවන්වද+ පවුරු ඉදි කරන්නන්වද යෙරුසලමේ සිට බැබිලෝනියට+ වහලුන් ලෙස රැගෙන ගිය පසු+ යෙහෝවා දෙවි මට දර්ශනයක් පෙන්වූවේය. යෙහෝවා දෙවිගේ මාලිගාව ඉදිරියේ අත්තික්කාවලින් පිරුණු කූඩ දෙකක් තිබුණේය.

  • යෙරෙමියා 27:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්, යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූද යූදාහි රජු වූද යෙකොනියාව යූදාහි සහ යෙරුසලමේ සිටි වංශවත් අය සමඟ+ බැබිලෝනියට ගෙන ගිය අවස්ථාවේදී ඒවා රැගෙන ගියේ නැත.+

  • යෙරෙමියා 29:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු එම ලිපිය යවන විට යෙකොනියා රජුවද+ මව් බිසවද+ ඔහුගේ නිලධාරීන්වද යූදාහි හා යෙරුසලමේ අධිපතීන්වද+ කැටයම්කරුවන්ව සහ පවුරු ඉදි කරන්නන්වද+ යෙරුසලමෙන් ගෙන ගොස් තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න