ගීතාවලිය 72:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ඔබේ සෙනඟ වෙනුවෙන් ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරයි.+පීඩාවට ලක් වූ ඔබේ ජනයාට යුක්තිය ඉටු කර දෙයි.+ යෙසායා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+ යෙසායා 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+ ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි. ඔහුගේ මුඛයෙන් දණ්ඩක් නික්මෙන අතර ඔහු එමගින් පොළොවට පහර දෙන්නේය.+ තම මුඛයෙන් නික්මෙන දෙයින්* ඔහු දුෂ්ටයාව මරණයට පත් කරන්නේය.+ යෙසායා 32:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ කාලයේදී, ධර්මිෂ්ඨකමින්+ පාලනය කිරීමට රජෙකුවද+ යුක්තිය ඉටු කිරීමට පාලකයන්වද+ පත් කරනු ලබයි.
7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+
4 ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+ ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි. ඔහුගේ මුඛයෙන් දණ්ඩක් නික්මෙන අතර ඔහු එමගින් පොළොවට පහර දෙන්නේය.+ තම මුඛයෙන් නික්මෙන දෙයින්* ඔහු දුෂ්ටයාව මරණයට පත් කරන්නේය.+