ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “සමහරවිට ඔබ අතරින් කෙනෙක් අනාගතවක්තෘවරයෙකු+ ලෙස හෝ සිහින දකින්නෙකු+ ලෙස පෙනී සිට ඔබට යම් ලකුණක් දිය හැකියි.+

  • යෙරෙමියා 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්‍රකාශ කරති.+

  • යෙරෙමියා 23:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “අනාවැකි පැවසීමට මම අනාගතවක්තෘවරුන්ව යැව්වේ නැත. නමුත් ඔවුහු ගියෝය. මම ඔවුන්ට කිසිවක් පැවසුවේ නැත. නමුත් ඔවුහු අනාවැකි පැවසුවෝය.+

  • යෙරෙමියා 27:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අනාවැකි කීමට මම ඔවුන්ව පත් නොකළෙමි. මාගේ නාමයෙන් ඔවුන් පවසන්නේ බොරු අනාවැකිය. ඔබ ඒවාට ඇහුම්කන් දුන්නොත් මම ඔබව සීසීකඩ විසුරුවාහරින්නෙමි.+ ඔබටත් බොරු අනාවැකි කියන අනාගතවක්තෘවරුන්ටත්+ අනිවාර්යයෙන්ම මැරුම් කෑමට සිදු වනු ඇත.’”+

  • යෙරෙමියා 29:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “බැබිලෝනියේ සිටින සියලුදෙනාට+ ලිපියක් මාර්ගයෙන් මෙසේ දන්වන්න. ‘නෙහෙලාම්හි ෂෙමායා සම්බන්ධයෙන් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “අනාවැකි පැවසීමට මම ෂෙමායාව පත් නොකළත් ඔහු ඔබට අනාවැකි පැවසුවේය. එමෙන්ම ඔහු පවසන බොරු අනාවැකි විශ්වාස කිරීමට ඔහු ඔබව පෙලඹුවේය.+ ඒ හේතුව නිසා

  • එසකියෙල් 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “තමන්ගේ කැමැත්ත පරිදි ක්‍රියා කරන+ කිසිම දෙයක් නොදකින+ අඥාන අනාගතවක්තෘවරුන්ට අත් වන්නේ මහත් විපතකි!+

  • සෙකරියා 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසු යමෙකු බොරු අනාවැකි ප්‍රකාශ කළොත් ඔහුගේ මවද පියාද ඔහුට මෙසේ කිව යුතුයි. ‘ඔබ යෙහෝවා දෙවිගේ නමින් බොරු අනාවැකි පැවසූ නිසා තවදුරටත් ජීවත් වීමට වටින්නේ නැත.’ ඔහුගේ මව සහ පියා ඔහුට ඇන ඔහුව මරා දැමිය යුතුයි.+

  • ලූක් 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “සියලුදෙනා ඔබේ ගුණ වර්ණනා කළත් ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද! මන්ද ඒ සියලුදෙනාගේ මුතුන්මිත්තනුත් බොරු අනාගතවක්තෘවරුන්ව ඒ හා සමානව වර්ණනා කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න