ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 රැස්ව සිටි සෙනඟ අතරේ මහලු පූජකයෝ,+ ලෙවීවරු සහ පෙළපත්වල ප්‍රධානීහු+ බොහෝදෙනෙක්ද සිටියෝය. ඔවුන්, මුලින් ගොඩනඟා තිබූ දෙවිගේ ගෘහය+ දැක තිබුණු අතර ඔවුන්ගෙන් සමහරෙක් අත්තිවාරම දමන අවස්ථාවේදී+ ශබ්ද නඟා හඬන්න+ පටන්ගත්තෝය. නමුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ප්‍රීති ඝෝෂා නඟමින් සිටියෝය.+

  • නෙහෙමියා 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මෙසේ, වහල්කමින් නිදහස් වී පැමිණි සියලුම ජනයා පැල් සාදාගෙන ඒ පැල්වලට වී සිටියෝය. ඇත්තෙන්ම නූන්ගේ+ පුත් යොෂුවාගේ කාලයේ සිට ඒ දක්වා, ඊශ්‍රායෙල්වරු එයාකාරයට කර තිබුණේ නැත. එහෙයින් ඔවුහු සියලුදෙනා මහත් සේ ප්‍රීති වූහ.+

  • යෙසායා 35:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන්+ නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+

  • යෙසායා 51:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන් නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+

  • යෙරෙමියා 31:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඊශ්‍රායෙල් දියණිය, ඔබේ දේශය මම නැවත ගොඩනඟන්නෙමි.+ එවිට ප්‍රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්‍රීති වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න