ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, අනාගතවක්තෘවරු සෙනඟට මෙසේ කියති. ‘ඔබට විරුද්ධව කඩු ඔසවනු ලබන්නේ නැත. ඔබට සාගතවලට මුහුණ දීමට සිදු වෙන්නේ නැත. දෙවි ඔබට මේ දේශය තුළ සමාදානය ලබා දෙන්නේය.’”+

  • යෙරෙමියා 23:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+

  • යෙරෙමියා 27:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ‘බැබිලෝනියේ රජුට සේවය කරන්න ඔබට සිදු වෙන්නේ නැහැ’+ කියා පවසන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් නොදෙන්න. මන්ද ඔවුන් ඔබට කියන්නේ බොරු අනාවැකිය.+

  • යෙරෙමියා 28:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘බැබිලෝනියේ රජු ඔබ මත තැබූ වියගහ මම කඩා දමන්නෙමි.+

  • විලාප ගී 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබේ අනාගතවක්තෘවරු කිසි පලක් නැති දර්ශන දුටුවෝය.+

      ඔවුන් එදා ඔබේ වරද පෙන්වා දුන්නා නම් අද ඔබ වහල්කමට නොයනු ඇත.+

      නමුත් ඔවුහු කිසි කමකට නැති දේවල් පවසා ඔබව නොමඟ යැවූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න