යෙරෙමියා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 උතුරු දිශාවේ තිබෙන රාජ්‍යයන්වලට අයත් සියලු ගෝත්‍ර මම කැඳවන්නෙමි. ඔවුන්ගේ පාලකයෝ පැමිණ යෙරුසලමේ දොරටු අසලද+ එහි පවුරු අවටද යූදා දේශයේ සෙසු නගර තුළද+ තම බලය තහවුරු කරගනු ඇත. මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.+ යෙරෙමියා 47:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+ එසකියෙල් 30:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර් අතින් ඊජිප්තුවරුන්ව නැති කර දමන්නෙමි.+
15 උතුරු දිශාවේ තිබෙන රාජ්‍යයන්වලට අයත් සියලු ගෝත්‍ර මම කැඳවන්නෙමි. ඔවුන්ගේ පාලකයෝ පැමිණ යෙරුසලමේ දොරටු අසලද+ එහි පවුරු අවටද යූදා දේශයේ සෙසු නගර තුළද+ තම බලය තහවුරු කරගනු ඇත. මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.+
2 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+
10 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර් අතින් ඊජිප්තුවරුන්ව නැති කර දමන්නෙමි.+