ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 සෙනඟ බියෙන් සිටින බව තේරුම්ගත් විගස මම වංශවත් අයටත්+ නිලධාරීන්ටත්+ පොදු ජනයාටත් මෙසේ පැවසුවෙමි. “ඔවුන්ට භය වෙන්න එපා.+ නිතරම ශ්‍රේෂ්ඨ,+ ගරුබිය උපදවන+ දෙවි වන යෙහෝවාව සිහි කරන්න. ඔබේ සහෝදරයන් වෙනුවෙනුත්+ ඔබේ දූපුතුන් හා භාර්යාවන් වෙනුවෙනුත් ඔබේ නිවෙස් වෙනුවෙනුත් සටන් කරන්න.”

  • නෙහෙමියා 9:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 “දෙවියනි, සියලුදෙනාගේ ගරුබිය+ ලබන්න වටින අපගේ ශ්‍රේෂ්ඨ,+ බලවත්+ දෙවි ඔබයි. ඔබ කිසිවිටෙක ගිවිසුම් කඩ නොකරන+ අතිශයින් ප්‍රේමය*+ පෙන්වන දෙවි කෙනෙක්. ඇසිරියාවේ රජු පාලනය කළ කාලයේ පටන් මේ දක්වා+ අපේ රජවරුන්ටත්+ අධිපතීන්ටත්+ පූජකයන්ටත්+ අනාගතවක්තෘවරුන්ටත්+ අපේ මුතුන්මිත්තන්ටත්+ සියලු සෙනඟටත් මුහුණ දෙන්න සිදු වූ දුෂ්කරතා+ අමතක කරන්න එපා දෙවියනි.+

  • ගීතාවලිය 48:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 යෙහෝවා දෙවි අතිඋතුම්ය. අපේ දෙවිගේ නුවරේදී+ එනම්, ඔහුගේ ශුද්ධ කන්දේදී+

      ඔහු බොහෝ ප්‍රශංසාව ලබන්න වටින්නේය.+

  • ගීතාවලිය 145:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 යෙහෝවා දෙවි වන ඔබ ඉතා ශ්‍රේෂ්ඨය. ඔබ බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නෙහිය.+

      ඔබේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා දැනගත හැක්කේ කාටද!+

  • යෙරෙමියා 32:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මනුෂ්‍යයන් දහස් ගණනකට මහත් ප්‍රේමයක්* පෙන්වන,+ පියවරුන් කළ වැරදිවලට ඔවුන්ගේ දරුවන්ට පවා දඬුවම් කරන+ සැබෑ දෙවි ඔබයි. බලවත්,+ ශ්‍රේෂ්ඨ තැනැත්තාත්+ ඔබයි. ඔබේ නාමය+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න