ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 15:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ කාලයේ ඇසිරියාවේ රජු වූ+ පූල්+ විසින් දේශය ආක්‍රමණය කරනු ලැබීය. එවිට මෙනහෙම් රජ, තම රාජ්‍ය බලය තහවුරු කරගැනීම සඳහාත් පූල්ගෙන් උපකාර ලබාගැනීම සඳහාත්+ ඔහුට රිදී තලෙන්ත දහසක්+ දුන්නේය.+

  • 2 රාජාවලිය 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට ආහස් රජ ඇසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර්+ වෙතට පණිවිඩකරුවන් යවා මෙසේ කීවේය. “මම ඔබේ සේවකයාය.+ ඔබේ පුත්‍රයාය. ඒ නිසා මට විරුද්ධව සටනට එන සිරියාවේ රජුගෙන් හා ඊශ්‍රායෙල්හි රජුගෙන් මාව බේරගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.”+

  • 2 රාජාවලිය 17:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඇසිරියාවේ රජ+ වන ෂල්මනෙසෙර්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියේ ඔහුගේ පාලන සමයේදීය. හෝෂෙයා රජ ඔහුට යටත් වී කප්පම් ගෙවීමට පොරොන්දු විය.+

  • යෙරෙමියා 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ ඊජිප්තුවට යන්නේ මොන අරමුණින්ද?+ ෂිහොර් ගඟෙන් වතුර බොන්නද?+ ඔබ ඇසිරියාවට යන්නේ මොන අරමුණින්ද?+ මහ ගඟෙන්* වතුර බොන්නද?

  • යෙරෙමියා 2:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 දුර දිග නොබලා ඔබ හිතුමතේට වෙනස් වන්නේ ඇයි?+ ඇසිරියාව මත තැබූ ඔබේ බලාපොරොත්තු සුන් වූ ලෙසම+ ඊජිප්තුව මත තබන ඔබේ බලාපොරොත්තු සියල්ලත් සුන් වී ඔබ ලැජ්ජාවට පත් වනු ඇත.+

  • විලාප ගී 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 අපි කෑම ඉල්ලා ඊජිප්තුව දෙසටත්+ ඇසිරියාව දෙසටත්+ දෑත් දිගු කළෙමු.+

  • එසකියෙල් 16:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “‘ඔබේ කාමාශාව සන්සිඳුවා ගත නොහැකි වූ නිසා ඔබ ඇසිරියාවේ පුත්‍රයන් සමඟද වේශ්‍යාකම් කළෙහිය.+ ඔවුන් සමඟ වේශ්‍යාකම් කළත් ඔබ තෘප්තියට පත් වුණේ නැත.

  • හොෂෙයා 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “‘එවිට එෆ්‍රායිම් තම රෝගී තත්වය වටහාගත්තේය. යූදා තමාගේ තුවාලය දුටුවේය.+ එබැවින් එෆ්‍රායිම්, ඇසිරියාවේ උපකාරය පතා+ මහ රජු වෙතට+ පණිවිඩකරුවන් යැව්වේය. නමුත් ඔහුටවත් ඔබේ රෝගය සුව කිරීමට නොහැකි විය.+ ඔබේ තුවාලය සුව කරන්නද ඔහුට නොහැකි විය.+

  • හොෂෙයා 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එෆ්‍රායිම් මෝඩ ලෙස හැසිරෙන+ පරෙවියෙකු වැනිය.+ ඔහු උපකාරය පතා හඬගැසුවේ ඊජිප්තුවටය.+ ඔහු උපකාර පතා ඇසිරියාව පිටුපසද ගියේය.+

  • හොෂෙයා 8:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නොහික්මුණු සීබ්‍රාවෙකු මෙන් ක්‍රියා කරන ඔවුහු+ ඇසිරියාවට ගොස් ඇත.+ එෆ්‍රායිම්වරු ගණිකාවන්ව කුලියට ගෙන ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න