උත්පත්ති 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+ යෙරෙමියා 31:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා+ ගිවිසුම මෙයයි.+ මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.+ ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි.+ මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.”+ එසකියෙල් 36:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මා ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔබ වාසය කරනවා ඇත.+ ඔබ මාගේ සෙනඟ වන්නහුය. මමද ඔබේ දෙවි වන්නෙමි.’+
7 “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+
33 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා+ ගිවිසුම මෙයයි.+ මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.+ ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි.+ මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.”+
28 මා ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔබ වාසය කරනවා ඇත.+ ඔබ මාගේ සෙනඟ වන්නහුය. මමද ඔබේ දෙවි වන්නෙමි.’+