යෙරෙමියා 9:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “චර්මච්ඡේදනය වූ නමුත් අචර්මච්ඡේදිතයන් ලෙස හැසිරෙන අයව මම විනිශ්චය කරන කාලය ළඟදීම පැමිණෙන බව දැනගන්න.+ යෙරෙමියා 25:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ජාතියක් පාසා ජාතියක් පිටට විපත්ති පැමිණෙනු ඇත.+ පොළොවේ ඈත කෙළවරේ සිට චණ්ඩ මාරුතයක් හමා ඒමට සලස්වනු ඇත.+ යෙරෙමියා 49:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සෙනඟට පවා මාගේ උදහස නමැති කුසලානයෙන් බීමට සිදු වෙනවා නම්,+ මාගේ දඬුවමින් ගැලවීමට ඔබට පුළුවන් වෙයි කියා ඔබ සිතන්නෙහිද? ඔබට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නේය. මාගේ උදහස නමැති කුසලානයෙන් ඔබට බීමට සිදු වන බව නියතයි.”+ යෝවෙල් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තීන්දුව දෙන තැනිතලාවේ විශාල සමූහයක් රැස්ව සිටිති.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළඟය. තීන්දුව දෙන තැනිතලාවේදී එය දැකගත හැක.+ මීකා 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මම දැවෙන උදහසින් යුක්තව මට අකීකරු වූ සියලු ජාතීන්ට දඬුවම් කරන්නෙමි.”+ 2 පේතෘස් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+
25 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “චර්මච්ඡේදනය වූ නමුත් අචර්මච්ඡේදිතයන් ලෙස හැසිරෙන අයව මම විනිශ්චය කරන කාලය ළඟදීම පැමිණෙන බව දැනගන්න.+
32 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ජාතියක් පාසා ජාතියක් පිටට විපත්ති පැමිණෙනු ඇත.+ පොළොවේ ඈත කෙළවරේ සිට චණ්ඩ මාරුතයක් හමා ඒමට සලස්වනු ඇත.+
12 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සෙනඟට පවා මාගේ උදහස නමැති කුසලානයෙන් බීමට සිදු වෙනවා නම්,+ මාගේ දඬුවමින් ගැලවීමට ඔබට පුළුවන් වෙයි කියා ඔබ සිතන්නෙහිද? ඔබට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නේය. මාගේ උදහස නමැති කුසලානයෙන් ඔබට බීමට සිදු වන බව නියතයි.”+
14 තීන්දුව දෙන තැනිතලාවේ විශාල සමූහයක් රැස්ව සිටිති.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළඟය. තීන්දුව දෙන තැනිතලාවේදී එය දැකගත හැක.+
10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+