ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 24:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 මගේ පියාණන් ඔබට ලබා දෙන බවට පොරොන්දු වූ දේ මම ඔබට සහතිකවම දෙනවා. නමුත් දෙවිගේ බලය ඔබට ලැබෙන තුරු+ නුවරෙහිම රැඳී සිටින්න.”

  • යොහන් 15:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මම ඔබේ උපකාරය සඳහා පියාණන්ගේ බලය ඔබට ලබා දෙනවා.+ ඒ බලය මගින් ඔබට සත්‍යය එළිදරව් වෙයි. පියාණන්ගෙන් ඔබට ලැබෙන ඒ බලය මගින් මා ගැනත් සාක්ෂි ලැබෙයි.+

  • යොහන් 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 කොහොමවුණත් මගේ පිටත්ව යෑම ඔබට ප්‍රයෝජනවත් වෙයි. මම මේ කියන දේ සත්‍යයක්. මන්ද මම පිටත්ව ගියේ නැත්නම් ඔබේ උපකාරයට ලැබිය යුතු දේ+ ඔබට ලැබෙන්නේ නැහැ. නමුත් මම පිටත්ව ගියොත් මම අනිවාර්යයෙන්ම ඒ දේ ඔබේ උපකාරය සඳහා ලබා දෙනවා.

  • ක්‍රියා 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යොහන්, බව්තීස්ම කළේ වතුරෙන්. නමුත් වැඩි දවසක් යෑමට කලින් ඔබව දෙවිගේ බලයෙන් බව්තීස්ම කරනු ලබනවා.”+

  • ක්‍රියා 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ මොහොතේ පටන් ඒ සියලුදෙනා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක විය.+ දෙවිගේ බලය ඔවුන් තුළ එසේ ක්‍රියාත්මක වූ නිසා සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තෝය.+

  • රෝම 8:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඊට අමතරව අප දුර්වලව සිටින විට+ අපට උපකාර කිරීම සඳහා දෙවි තම බලය+ අපට ලබා දෙයි. මන්ද යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද කියා අපට නොතේරෙන අවස්ථා මතු විය හැක.+ එවැනි අවස්ථාවලදී අපගේ හැඟීම් වචනවලට පෙරළිය නොහැකි වුවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ ඒවා එළිදරව් වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න