හෙබ්‍රෙව්
8 මෙතෙක් පැහැදිලි කළ දේවලින් ඉස්මතු වන ප්‍රධාන කරුණ වන්නේ මෙයයි. එනම් අපට සිටින උත්තම පූජකයා+ ස්වර්ගයෙහි මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන,+ 2 මිනිසා විසින් නොව+ යෙහෝවා දෙවි විසින් ඉදි කරන ලද+ සැබෑ කූඩාරමෙහි හා අතිශුද්ධස්ථානයෙහි ජනයා වෙනුවෙන් සේවය කරන බවය.+ 3 සෑම උත්තම පූජකයෙකුවම පත් කරන්නේ පරිත්‍යාග සහ පූජා ඔප්පු කිරීම සඳහාය.+ ඒ අනුව ඔහුටත් ඔප්පු කිරීම සඳහා යමක් අවශ්‍ය විය.+ 4 ඔහු තවමත් පොළොවේ ජීවත් වෙමින් සිටිනවා නම් ඔහු පූජකයෙක් වන්නේ නැත.+ මන්ද නීතියට අනුව පරිත්‍යාග ඔප්පු කරන පූජකයන් තවමත් සිටින නිසාය. 5 මෝසෙස් කූඩාරම සෑදීමට පියවර ගත් විට+ ඔහුට ලැබුණු ආඥාව වූයේ,+ “ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න”+ කියාය. ඉන් පැහැදිලි වන්නේ ඉහත සඳහන් මිනිසුන් දෙවිට තම සේවය ස්වර්ගයේ තිබෙන දේවල ආකෘතියක්+ සහ ඡායාවක්+ හා සමාන ස්ථානයක පිරිනමන බවයි. 6 නමුත් ජනයා වෙනුවෙන් වඩාත් උතුම් සේවයක් යේසුස්ට භාර දී ඇත. ඒ නිසා ඔහු වඩාත් උතුම් ගිවිසුමක+ මැදිහත්කරු ලෙස කටයුතු කරන අතර+ එය නීත්‍යනුකූලව පිහිටුවා තිබෙන්නේ කලින් දුන් පොරොන්දුවලට වඩා උතුම් පොරොන්දු මතය.+
7 මුල් ගිවිසුමේ කිසි අඩුවක් තිබුණේ නැත්නම් දෙවෙනි ගිවිසුමක් සඳහා අවශ්‍යතාවක් ඇති වන්නේ නැත.+ 8 මන්ද දෙවි සෙනඟට දොස් තබමින් මෙසේ පවසයි. “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා ඊශ්‍රායෙල් සෙනඟ සහ යූදා සෙනඟ සමඟ අලුත් ගිවිසුමක් ඇති කරගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+ 9 නමුත් එය ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මා ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී+ ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවෙයි.+ මන්ද ඔවුන් මාගේ ගිවිසුමට විශ්වාසවන්තව සිටියේ නැත.+ එහෙයින් මා ඔවුන් ගැන තවදුරටත් සැලකිල්ල දැක්වූයේද නැත’ කියා යෙහෝවා දෙවි පවසයි.”+
10 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා ගිවිසුම මෙයයි. මම මගේ නීති ඔවුන්ගේ සිත්වල තබමි. ඒවා ඔවුන්ගේ හදවත්වල+ ලියන්නෙමි. මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.+
11 “‘“යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න”+ කියා ඉදිරියේදී එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් උගන්වන්නේ නැත. මන්ද සුළුම තැනැත්තාගේ සිට උතුම්ම තැනැත්තා දක්වා එනම්, ඔවුන් අතරේ සිටින සියලුදෙනා මාව හොඳින් දැන හඳුනා ගෙන සිටිනු ඇත.+ 12 ඔවුන් කළ අධර්මිෂ්ඨ ක්‍රියා සඳහා මම ඔවුන්ට දයාව දක්වන්නෙමි. ඔවුන් කළ පව්+ නැවත කිසිදා සිහි නොකරන්නෙමි.’”+
13 “අලුත් ගිවිසුමක්” කියා පැවසීමෙන් කලින් තිබූ ගිවිසුම ඔහු අවලංගු කර තිබේ.+ එසේ අවලංගු කර පහ වී යෑමට නියමිතව තිබූ දේ දැන් තුරන් වී යෑමට ආසන්නය.+