99 යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න.
ඔහු කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+
ඒ නිසා පොළොව කැලඹේවා!
2 ඔහු මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා
යෙහෝවා සියොන්වලදී පෙන්නුවා.
ඔහු මිනිසුන් හැමෝටම වඩා උසස්.+
3 ඒ හැම කෙනෙක්ම ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට ප්‍රශංසා කරත්වා!+
මොකද ඔහුගේ නම ශුද්ධයි. ගරුබිය ඇති කරවයි.
4 ඔහු යුක්තියට ප්‍රිය කරන බලසම්පන්න රජෙක්.+
ඔහු ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති දීලා හැම දේම ඒවාට අනුව සිද්ධ වෙන්න සලස්වනවා.
ඔහු යාකොබ්ට යුක්තිය ඉටු කරලා දීලා ඔහු එක්ක ධර්මිෂ්ඨකමින් වැඩ කළා.+
5 අපේ දෙවි යෙහෝවාව ගෞරවයට පත් කරන්න.+
ඔහුගේ පා පුටුව ඉස්සරහා වැඳ වැටෙන්න.+ මොකද ඔහු ශුද්ධයි.+
6 ඔහුගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන් හිටියා.+
දෙවියන්ගේ නම කියලා යාච්ඤා කරපු අය අතරේ සාමුවෙල් හිටියා.+
ඔවුන් යෙහෝවාට කන්නලව් කළා.
ඔහුත් ඔවුන්ට උත්තර දුන්නා.+
7 වලා ටැඹ මැදින් ඔහු ඔවුන් එක්ක කතා කළා.+
ඔවුන් දිගටම ඔහු දුන්න සිහිගැන්වීම්වලටත් නියෝගවලටත් කීකරු වුණා.+
8 යෙහෝවා අපේ දෙවියනි, ඔබ ඔවුන්ට උත්තර දුන්නා.+
ඔවුන්ගේ වැරදිවලට සමාව දුන්නා.+
ඒත් ඔවුන් දුෂ්ට දේවල් කරද්දී ඔබ ඔවුන්ට දඬුවම් නොකර හිටියේ නැහැ.+
9 අපේ දෙවි යෙහෝවාව ගෞරවයට පත් කරන්න.+
ඔහුගේ ශුද්ධ කන්ද ඉස්සරහට ගිහින් වැඳ වැටෙන්න.+
මොකද අපේ දෙවි යෙහෝවා ශුද්ධ දෙවි කෙනෙක්.+