ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • යෙත්‍රෝ සහ ෂිප්පොරා එයි (1-12)

      • විනිශ්චයකරුවන්ව පත් කරන්න කියලා යෙත්‍රෝ යෝජනා කරයි (13-27)

නික්මයාම 18:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 2:9, 10; 9:3, 9
  • +නික් 2:16, 21; 3:1

නික්මයාම 18:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

නික්මයාම 18:3

පාදසටහන්

  • *

    තේරුම, “එහේ ඉන්න විදේශිකයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:29
  • +නික් 2:22

නික්මයාම 18:4

පාදසටහන්

  • *

    තේරුම, “මගේ උදව්වට ඉන්නේ මගේ දෙවියන්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:15

නික්මයාම 18:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:2; 1රාජා 19:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

නික්මයාම 18:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:18; ගණන් 10:29

නික්මයාම 18:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:3; 14:27, 28; ද්වි 4:34
  • +නික් 15:22; 16:3

නික්මයාම 18:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:11; ගීතා 95:3; 97:9

නික්මයාම 18:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2013, 6 පි.

නික්මයාම 18:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:5; 5:1

නික්මයාම 18:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:5, 17
  • +නික් 20:19
  • +ගණන් 27:1-5

නික්මයාම 18:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:11

නික්මයාම 18:21

පාදසටහන්

  • *

    මූ.අ., “ගරුබියක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:16, 17; ද්වි 1:13; ක්‍රියා 6:3
  • +නික් 23:8; 1තිමෝ 3:2, 3; තීත 1:7; 1පේතෘ 5:2
  • +ද්වි 1:15; ක්‍රියා 14:23

නික්මයාම 18:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:10, 11; ගණන් 15:32, 33; ද්වි 1:17
  • +ගණන් 11:17

නික්මයාම 18:26

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:2

නික්මයාම 18:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:29

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 18:1යොෂු 2:9, 10; 9:3, 9
නික්. 18:1නික් 2:16, 21; 3:1
නික්. 18:3ක්‍රියා 7:29
නික්. 18:3නික් 2:22
නික්. 18:4නික් 2:15
නික්. 18:5නික් 19:2; 1රාජා 19:8, 9
නික්. 18:6නික් 4:18; ගණන් 10:29
නික්. 18:8නික් 7:3; 14:27, 28; ද්වි 4:34
නික්. 18:8නික් 15:22; 16:3
නික්. 18:11නික් 15:11; ගීතා 95:3; 97:9
නික්. 18:16ද්වි 4:5; 5:1
නික්. 18:19යොෂු 1:5, 17
නික්. 18:19නික් 20:19
නික්. 18:19ගණන් 27:1-5
නික්. 18:20ද්වි 7:11
නික්. 18:21ගණන් 11:16, 17; ද්වි 1:13; ක්‍රියා 6:3
නික්. 18:21නික් 23:8; 1තිමෝ 3:2, 3; තීත 1:7; 1පේතෘ 5:2
නික්. 18:21ද්වි 1:15; ක්‍රියා 14:23
නික්. 18:22ලෙවී 24:10, 11; ගණන් 15:32, 33; ද්වි 1:17
නික්. 18:22ගණන් 11:17
නික්. 18:26ක්‍රියා 15:2
නික්. 18:27ගණන් 10:29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 18:1-27

නික්මයාම

18 යෙහෝවා මෝසෙස් වෙනුවෙන් සහ ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් කරපු හැම දේම ඒ කියන්නේ, එයාලව ඊජිප්තුවෙන් පිටතට ගෙනාපු විදිහ+ මෝසෙස්ගේ මාමණ්ඩි+ වුණ මිදියන්වල පූජක යෙත්‍රෝට ආරංචි වුණා. 2 ඒ දවස්වල යෙත්‍රෝත් එක්ක තමයි මෝසෙස්ගේ බිරිඳ වුණ ෂිප්පොරායි, 3 එයාගේ පුතාලා දෙන්නායි හිටියේ.+ එක පුතෙක්ගේ නම ගේර්ෂොම්.*+ එයාට ඒ නම දැම්මේ “මං මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් විදිහටයි” කියලා මෝසෙස් කියපු නිසයි. 4 අනිත් පුතාගේ නම එලියේසර්.* එයාට ඒ නම දැම්ම වෙලාවේ මෝසෙස් මෙහෙම කියලා තිබුණා. “මගේ උදව්වට ඉන්නේ මගේ තාත්තාගේ දෙවියන්. මාව පාරාවෝගෙන් බේරගත්තේ ඔහුයි.”+

5 පස්සේ මෝසෙස්ගේ මාමණ්ඩි වුණ යෙත්‍රෝයි, මෝසෙස්ගේ බිරිඳයි, පුත්තු දෙන්නායි පාළුකරයේ මෝසෙස් කඳවුරු බැඳගෙන හිටපු තැනට ආවා. මෝසෙස් කඳවුරු බැඳගෙන හිටියේ සැබෑ දෙවියන්ගේ කන්දට කිට්ටුවෙන්.+ 6 යෙත්‍රෝ+ එතනට ඇවිත් මෝසෙස්ට පණිවිඩයක් යවලා කිව්වා “ඔයාගේ බිරිඳයි, පුතාලා දෙන්නායි එක්ක මං ඔයාව බලන්න ඇවිල්ලා ඉන්නවා” කියලා. 7 ඒක අහපු ගමන්ම මෝසෙස් එයාගේ මාමණ්ඩිව හම්බ වෙන්න ගියා. එයා ඔළුව නමලා යෙත්‍රෝට ආචාර කරලා එයාව ඉඹගත්තා. එයාලා එකිනෙකාගේ සැප දුක් ඇහුවාට පස්සේ කූඩාරම ඇතුළට ගියා.

8 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟව බේරගන්න පාරාවෝටයි, ඊජිප්තුවරුන්ටයි කරපු හැම දේම+ මෝසෙස් එයාගේ මාමණ්ඩි වුණ යෙත්‍රෝට විස්තර කළා. ගමන යන අතරතුරේ එයාලට මුහුණ දෙන්න වුණු දුෂ්කරතා ගැනත්+ යෙහෝවා එයාලව බේරගත්ත විදිහ ගැනත් මෝසෙස් එයාට කිව්වා. 9 යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවරුන්ගෙන් බේරගෙන එයාලා වෙනුවෙන් කරපු හැම යහපත් දෙයක් ගැනම අහලා යෙත්‍රෝ ගොඩක් සතුටු වුණා. 10 එයා ඒ වෙලාවේ මෙහෙම කිව්වා. “ඊජිප්තුවරුන්ගෙනුත් පාරාවෝගෙනුත් ඔයාලව බේරගත්ත යෙහෝවා දෙවියන්ට ප්‍රශංසාව ලැබෙන්න ඕනේ! 11 යෙහෝවා අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා උසස්+ කියලා මට දැන් හොඳටම විශ්වාසයි. උද්ධච්ච විදිහට ඔහුගේ සෙනඟට විරුද්ධව වැඩ කරපු ඊජිප්තුවරුන්ට ඔහු කරපු දේවලින් ඒක හොඳින්ම ඔප්පු වෙනවා.” 12 යෙත්‍රෝ දෙවියන්ට ඔප්පු කරන්න දවන පූජාවක් සහ තවත් පූජාවන් ගෙනාවා. ඊටපස්සේ ආරොනුයි, ඊශ්‍රායෙල් වැඩිමහල්ලෝ හැමෝමයි මෝසෙස්ගේ මාමණ්ඩිත් එක්ක එකට ඉඳගෙන සැබෑ දෙවියන් ඉදිරියේ කෑම කෑවා.

13 පහුවෙනිදා උදේ මෝසෙස් සුපුරුදු විදිහට සෙනඟගේ නඩු අහන්න ඉඳගත්තා. උදේ ඉඳන් හවස් වෙන කල්ම සෙනඟ එයා ළඟට ආවා. 14 මෝසෙස් සෙනඟ වෙනුවෙන් කරපු දේවල් දැකලා එයාගේ මාමණ්ඩි මෙහෙම කිව්වා. “සෙනඟ උදේ ඉඳන් හවස් වෙන කල් ඔයා ළඟට ඇවිත් හිටගෙන ඉන්නවා. ඔයා තනියම ඉඳගෙන එයාලත් එක්ක මොනවාද මේ කරන්නේ?” 15 එතකොට මෝසෙස් මෙහෙම කිව්වා. “සෙනඟ සමහර දේවල් ගැන දෙවියන් කියන දේ දැනගන්න මං ළඟට එනවා. 16 නඩුවක් විසඳගන්න ඕනෙ වුණාමත් එයාලා එන්නේ මං ළඟට. දෙපැත්තේම අය කියන දේවල් ඇහුවාට පස්සේ මං සැබෑ දෙවියන් දෙන තීරණය සහ ඔහුගේ නීති එයාලට දැනුම් දෙනවා.”+

17 ඒක අහලා මෝසෙස්ගේ මාමණ්ඩි එයාට මෙහෙම කිව්වා. “ඔයා ඔය වැඩේ කරන විදිහ එච්චර සාර්ථක නැහැ. 18 දිගටම ඔය විදිහට කරන්න ගියොත් ඔයා විතරක් නෙමෙයි මේ සෙනඟත් හොඳටම හෙම්බත් වෙයි. කාගෙවත් උදව්වක් නැතුව මේ වැඩේ ඔයාට තනියෙන් කරන්න බැහැ. 19 දැන් මං කියන දේ අහන්න. මේ වැඩේ කරන්න ඕනෙ විදිහ මං ඔයාට කියලා දෙන්නම්. ඔයා ඒ විදිහට වැඩ කළොත් දෙවියනුත් ඔයාට ආශීර්වාද කරයි.+ ඔයා දිගටම සෙනඟ වෙනුවෙන් සැබෑ දෙවියන් එක්ක කතා කරන්න.+ ඔයා ළඟට නඩුවක් ගෙනාවාම සැබෑ දෙවියන්ට ඒ ගැන දන්වන්න.+ 20 දෙවියන් දෙන තීරණ සහ ඔහුගේ නීති ඔයා එයාලට කියලා දෙන්න.+ එයාලා ජීවත් වෙන්න ඕනෙ විදිහ, එයාලා වැඩ කරන්න ඕනෙ විදිහ ගැනත් එයාලට කියලා දෙන්න. 21 මේ සෙනඟ අතරින් වගකීම් දරන්න පුළුවන් පුරුෂයන් කීපදෙනෙක්ව තෝරගන්න.+ එයාලා අසාධාරණ විදිහට ලාභ ප්‍රයෝජන ගන්න එක පිළිකුල් කරන අය වෙන්න ඕනේ.+ දෙවියන්ට ලොකු ගෞරවයක්* තියෙන, විශ්වාසවන්ත අය වෙන්නත් ඕනේ. ඊටපස්සේ සෙනඟව දාහ, සීය, පනහ සහ දහය ගාණේ කණ්ඩායම්වලට වෙන් කරලා එයාලව බලාගන්න ඒ පුරුෂයන්ව පත් කරන්න.+ 22 එතකොට එයාලට පුළුවන් සෙනඟ ගේන පොඩි පොඩි නඩු විසඳන්න. ඒත් විසඳන්න අමාරු නඩු ඔයා ගාවට ගේන්න කියලා එයාලට කියන්න.+ ඔයාගේ වගකීම් එයාලා එක්ක බෙදාගත්තාම ඔයාගේ වැඩේ තවත් ලේසි වෙයි.+ 23 මං කියන දේට දෙවියනුත් එකඟ වුණොත් ඔයාගේ වැඩේ සාර්ථකව කරගන්න ඔයාට පුළුවන් වෙයි. සෙනඟත් හිතේ සාමයෙන් ආපහු ඒගොල්ලන්ගේ ගෙවල්වලට යයි.”

24 මෝසෙස් ඉක්මනටම එයාගේ මාමණ්ඩි කියපු හැම දේම ඒ විදිහටම කළා. 25 එයා ඊශ්‍රායෙල් සෙනඟ අතරින් වගකීම් දරන්න පුළුවන් පුරුෂයන්ව තෝරගත්තා. ඊටපස්සේ එයා සෙනඟව දාහ, සීය, පනහ සහ දහය ගාණේ කණ්ඩායම්වලට වෙන් කරලා එයාලව බලාගන්න ඒ පුරුෂයන්ව පත් කළා. 26 සෙනඟ ගෙනාපු පොඩි පොඩි නඩු ඒ පුරුෂයෝ තනියම විසඳුවා. ඒත් විසඳන්න අමාරු නඩු එයාලා මෝසෙස් ළඟට අරන් ආවා.+ 27 ඊටපස්සේ මෝසෙස්ගේ මාමණ්ඩි+ මෝසෙස්ගෙන් සමු අරන් එයාගේ දේශයට ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න