යෝබ්
8 එතකොට ෂුවාහ්+ ඉඳන් ආපු බිල්දද්+ මෙහෙම කිව්වා.
2 “ඔයා තව කොච්චර කල් මේ විදිහට කතා කරන්නද යන්නේ?+
සැඩ සුළඟක් වගේ බෙරිහන් දුන්නත් ඔයාගේ කටින් පිට වෙන්නේ හිස් වචන විතරයි.
3 දෙවියන් කවදා හරි අයුක්තියක් කරයිද?
සියලු බලැති දෙවියන් අසාධාරණයක් කරයි කියලා හිතන්න පුළුවන්ද?
4 සමහරවිට ඔයාගේ දරුවන් දෙවියන්ට විරුද්ධව වරදක් කරලා ඇති.
එයාලා කරපු වරදට දඬුවම් විඳින්න ඔහු ඉඩ දීලා ඇති.
5 ඒත් ඔයා සියලු බලැති දෙවියන් වෙතට හැරිලා+
ඔහුගෙන් කරුණාව අයැදිනවා නම්,
6 නිර්දෝෂ, අවංක ජීවිතයක් ගත කරනවා නම්+
ඔහු ඔයාට සවන් නොදී ඉඳියිද?*
ඔයාට අයිති දේ දීලා කලින් වගේ ආශීර්වාද නොකර ඉඳියිද?
9 මොකද අපි කිසිම දෙයක් දන්නේ නැති අලුත උපන් බිලිඳුන් වගේ.
අපේ ජීවිතෙත් නැති වෙලා යන සෙවණැල්ලක් වගේ.
10 වැඩිහිටියන්ගෙන් ඇහුවොත් එයාලා උපදෙස් නොදී ඉඳියිද?
එයාලා දන්න දේවල් ඔයාට නොකියා ඉඳියිද?
11 පැපිරස් ගහක් කවදා හරි වියළි බිමක සරුවට හැදෙයිද?
බට පඳුරක් දිය නැති තැනක උසට වැඩෙයිද?
12 දලු ලා වැඩෙන්නත් කලින් ඒවා මැලවී යයි.
වෙනත් ගස් වැල්වලට වඩා ඉක්මනින් වියළී යයි.
13 දෙවියන්ව අමතක කරන කෙනාගේ ජීවිතෙත් ඒ වගේ.
දෙවියන් ගැන ගරුබියක් නැති* කෙනාගේ බලාපොරොත්තුත් සුන් වෙලා යනවා.
14 එයා විශ්වාසය තියන්නේ නැති වෙලා යන දේවල් මත.
බලාපොරොත්තු තියන්නේ මකුළු දැලක් මත.
15 ඒකට හේත්තු වුණත් ඒක කැඩිලා යනවා.
ඒක අල්ලගන්න හැදුවත් ඒක දිය වෙලා යනවා.
17 ඒකේ මුල් දුවන්නේ ගල් ගොඩක් මත.
ඒ පැළය ගල් ගොඩේ නිවසක් හොයාගෙන යයි.
20 දෙවියන් කවදාවත් තමන්ට විශ්වාසවන්ත* අයව ප්රතික්ෂේප කරන්නේ නැහැ.
ඔහු දුෂ්ට අයට කවදාවත් අතහිත දෙන්නෙත් නැහැ.
21 දෙවියන් ඔයාගේ මූණ සිනහවෙන් සරසයි.
ඔයාගේ දෙතොල් සතුටු ගී නාදයෙන් පුරවයි.
22 ඔයාට වෛර කරන අය ලැජ්ජාවට පත් වෙයි.
දුෂ්ටයන්ගේ නිවෙස් විනාශ වෙලා යයි.”