ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 5/8 13 පි.
  • “ජනයාගෙන් බහුල වූ නගරය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ජනයාගෙන් බහුල වූ නගරය”
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒවා එතරම්ම විශාල වූයේ කෙසේද?
  • “විශාලවීම තවදුරටත් වඩාත් සුදුසු දෙය නොවේ”
  • ඊටත් වඩා බරපතළවූ ගැටලු
  • ගමනේදී ගුවන් යානයක් අලුත්වැඩියා කිරීම හා සමානය
  • උපනගරවල වැසියන්ගේ හුස්ම ක්‍රමක්‍රමයෙන් හිර වේ
    1995 පිබිදෙව්!
  • ‘නගරය පීඩාවෙන් පිරී තිබේ’
    1994 පිබිදෙව්!
  • ‘අපිටම නගරයක් ගොඩනගා ගනිමු’
    1994 පිබිදෙව්!
  • නාගරිකයන්ගේ කුස පිරවීමේ අභියෝගය
    2005 පිබිදෙව්!
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 5/8 13 පි.

“ජනයාගෙන් බහුල වූ නගරය”

ටෝකියෝව, සැවෝ පවුලෝ, ලාගෝස්, මෙක්සිකෝ නගරය සහ සියොල් යන නගර එම විස්තරයට හොඳින් ගැළපෙන නමුත් බයිබල් අනාගතවක්තෘ වූ යෙරෙමියා සඳහන් කරමින් සිටියේ ඒවා සම්බන්ධයෙන් නොවේ. ඔහු යොමු කරමින් සිටියේ යෙරුසලම් නගරයටයි, එසේ කළේ පො.යු.පෙ. 607දී බබිලෝනිවරුන් විසින් එය විනාශයට පත් කරනු ලැබීමෙන් කෙටි කලකට පසුවය.—විලාප ගී 1:1.

බිලියන පහමාරක පමණ ලෝක ජනගහනයක් සිටින මේ කාලයේදී, ජනයාගෙන් බහුල වූ නගරවල් සොයාගැනීම දුෂ්කර දෙයක් නොවෙයි. පසුගිය අඩ ශතවර්ෂය තුළ ඉතා පැහැදිලි නැඹුරුවාව වී ඇත්තේ විශාලත්වය දෙසටයි. වර්ෂ 1950දී පුරවැසියන් මිලියන පහක ජනගහනයක් ලෝකයේ නාගරික මධ්‍යස්ථාන 7ක පමණක් වාර්තා වූ නමුත්, විවිධ තක්සේරුවලට අනුව ශතවර්ෂයේ අවසානය වන විට, ඉහත සඳහන් නගර 5 ඇතුළු අඩුම වශයෙන් නගර 21ක පුරවැසියන් මිලියන දහයකට වඩා වැඩියෙන් සිටිනු ඇත.

ඒවා එතරම්ම විශාල වූයේ කෙසේද?

සුපිරි නගර සෑදෙන්නේ ගම්බද වැසියන් රැකියාවක් සොයමින් නගරයේ පදිංචියට යන විටත් නගර වැසියන් වැඩි ඉඩකඩ තිබෙන ප්‍රසන්න වටාපිටාවක් ඇති ස්ථාන සොයමින් නගරයේ අභ්‍යන්තරය අත්හැර, මෝටර් රථයක්, බස් රියක් හෝ දුම්රියක් මගින් රැකියාව පිණිස නගරයට පැමිණිය හැකි දුරකින් පිහිටි ස්ථානයකට පදිංචියට යන විටත්ය. මෙම උප නගර, ඒවායේ මව් නගරයත් සමඟ, ඉක්මනින් සම්බන්ධ වී අගනුවර ප්‍රදේශයක් සකස් වේ.

ඇතැම් සුපිරි නගරවල් “නහඹරයන්” හා සමාන විය. ටෙනොක්ටිට්ලාන්—අදදින අප එය හඳුන්වන්නේ මෙක්සිකෝ නගරය යනුවෙනි—පිහිටුවනු ලැබුවේ 1325දී පමණය. වර්ෂ 1519දී පමණ, ස්පාඤ්ඤ ජාතිකයෝ පැමිණි විට, ඇස්ටෙක්වරුන්ගේ රාජධානියේ පිහිටි මෙම අගනුවරේ 3,00,000ට පමණ කිට්ටුවන ජනගහනයකින් ගහණ විය.

කෙසේවෙතත්, මැදිවියේ තරවීමෙන් පීඩා විඳින අය මෙන්, වෙනත් නගර පැතිර තිබෙන්නේ කල් යෑමෙන් පමණි. වර්ෂ 1988 ඔලිම්පික් තරඟාවලිය පවත්වනු ලැබූ ස්ථානය වන සියොල් නගරයට, පූර්ව-ක්‍රිස්තියානි දවස් දක්වා දිවයන ඉතිහාසයක් තිබේ, එහෙත් වසර 50කට පමණ පෙර, එහි ජනගහනය අදදින ජනගහනයෙන් දහයෙන් එකක්ව පමණක් තිබුණි. දැන් එම රටේ වැසියන් මිලියන 43න් හතරෙන් එකකට පමණ එය පදිංචි ස්ථානයක් වේ.

සියොල් මෙන්, ටෝකියෝහි නාමයේ අර්ථයද “අගනුවර” වේ. ඇත්ත වශයෙන්ම, ටෝකියෝ සම්බන්ධයෙන් නම්, එය “නැගෙනහිර අගනුවර” වේ. වඩා බටහිර දෙසට පිහිටි ක්යෝතෝ නගරය කලින් අගනුවරව තිබූ නමුත් සිට 1868දී ඊඩු නමැති ප්‍රදේශයට ස්ථාන මාරු කරනු ලැබූ විට එහි නාමය ටෝකියෝ යනුවෙන් වෙනස් කරන ලදි. ඊඩු අවට ප්‍රදේශය පූර්ව-ක්‍රිස්තියානි කාලවලදී පවා ජනාවාස කරනු ලැබූ නමුත්, 1457දී බලවත් රණශූරයෙකු විසින් එහි මාළිගාවක් ගොඩනගන තුරු, අදදින තිබෙන සුපිරි නගරය සඳහා අත්තිවාරම නොදමනු ලැබීය. දාහත්වන ශතවර්ෂයේදී නගරය පිහිටුවනු ලැබීය, එමෙන්ම 1800 ගණන්වල මැදභාගය වන විට මිලියනයකට වඩා වැඩි ජනගහනයක් එහි සිටියහ. ලෝකයේ පිහිටි වෙනත් ඕනෑම නගරයකට වඩා වැඩි නියොන් සංඥා පුවරු තිබීමේ කීර්තියලත් ටෝකියෝව ඉතා තත්කාලීන නගරයකි.

මේ හා සමාන ආකර්ෂණීය යොවුන් ස්වභාවයක් දනවන සුපිරි නගරයකි බ්‍රසීලයේ සැවෝ පවුලෝ. පළල් මාවත් මෙන්ම නවීන පන්නයේ හිවි මැදුරු ඇති මෙම නගරය ජේසු නිකායික මිෂනාරිවරුන් විසින් 1554දී පිහිටුවනු ලැබූ නමුත්, එය පැවත ඇති කාලයට වඩා විශේෂාකාරයකින් යොවුන් ස්වභාවයක් ඇතිව දිදුලයි, පසුගිය ජනවාරි මාසයේදී, එහි වැසියන්—පවුලස්ටස්—එහි 440ස්වන සංවත්සරය පැවැත්වූහ. එක්දහස් අටසිය අසූ ගණන් වන තෙක් සැවෝ පවුලෝ තරමක කුඩා නගරයක්ව පැවතුණි. එම කාලයේදී පමණ බ්‍රසීලයේ අලුතෙන් පිහිටුවනු ලැබූ කෝපි වගාවෙන් ලැබූ මුදල යුරෝපය සහ පසුව ආසියාවේ පදිංචිකරුවන් ආකර්ෂණයට එය කාන්දමක් මෙන් ක්‍රියා කළේය.

පෘතුගීසිහු නයිජීරියාවේ සුපිරි නගරයක් ගොඩනැගීමෙහිද කොටසක් දැරූහ. ඇත්ත වශයෙන්, 15වන ශතවර්ෂය අගභාගයේදී යුරෝපීය ජාතිකයන් පැමිණීමට බොහෝ කලකට පෙර, එනම් යොරුබාවරුන් යනුවෙන් හැඳින්වූ අප්‍රිකාව ජනාවාස වීමට පෙර, වඩාත්ම ජනාකීර්ණ මෙන්ම වඩාත්ම නාගරික නිවර්තනීය ජන කොටසක් ලාගෝස් ප්‍රදේශයේ වාසය කරනු ලැබීය. එක්දහස් අටසිය ගණන්වල මැදභාගය වන තෙක් නගරය වහලුන් විකුණනු ලබන ප්‍රසිද්ධ වෙළඳ පොළක් විය. එක්දහස් අටසිය හැටඑකේදී බ්‍රිතාන්‍ය එය ඈඳා ගත්තාය, එමෙන්ම 1914දී එවක් පටන් බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව තිබූ ප්‍රදේශයේ අගනුවර බවට එය පත්විය.

“විශාලවීම තවදුරටත් වඩාත් සුදුසු දෙය නොවේ”

විශාලත්වයට ප්‍රයෝජන තිබේ. සාමාන්‍යයෙන් නගරය විශාල වන තරමටම, එහි වැසියන්ට සමෘධිමත් සමාජීය මෙන්ම සංස්කෘතිමය ජීවිතයක් ගත කිරීමට තිබෙන ඉඩකඩද වැඩි වේ. ආර්ථික සාධකද විශාලත්වයට පක්ෂ වේ, මන්දයත් විශාල ජනගහනයක් නිසා වැඩිතර වෙළඳ කටයුතු කිරීමටත් රැකියා ලබාගැනීමටත් වැඩි හැකියාවක් ඇති කරන බැවිනි. බලවත් කාන්දමක් මෙන්, පොරොන්දු දේශය සොයන මනුෂ්‍යයන්ව නගරවල ආර්ථික ප්‍රයෝජන, ආකර්ෂණය කරයි. එහෙත් ඔවුන් රැකියා සෙවීමේදී අසමත් වී ඇතැම්විට ඔවුන්ගේ පැවැත්ම සඳහා හිඟාකමින් හෝ සුදුසු නිවෙස්වල හිඟය නිසා, මුඩුක්කු ගෙවල ජීවිතය ගත කරන විට, ඔවුන්ට නිවාස අහිමි වන විට, බලාපොරොත්තු සුන්වීම සහ තිත්තකම කොතරම් ඉක්මනින් ඇති වේද!

නැෂනල් ජියෝග්‍රැෆික් නමැති සඟරාව පමණට වඩා විශාල ඇත්තෙන්ම පමණට වඩා විශාල වන බව තර්ක කරමින් මෙසේ පවසයි: “වසර ස්වල්පයකට පෙර, නගර ඒවායේ වර්ධනයට ආඩම්බර ලෙස අවධානය ලබා ගත්තා. විශාල වීම හොඳ දෙයක් විය, එමෙන්ම වඩාත් විශාල නගරවලට ලෝකයෙහි තිබූ ස්ථානය ගැන ඒවා පුරසාරම් දොඩන්නට විය. එහෙත් විශාල වීම තවදුරටත් වඩාත් හොඳ දෙය නොවෙයි. අදදින, ‘ලෝකයේ විශාලතම නගරය’ යන නම්බු නාමය ලබාගැනීම සඳහා තරඟ වැදීම හරියට සෞඛ්‍යසම්පන්න තරුණ කෙනෙකුට බරපතළ රෝගයක් තිබෙන බව කියනවා හා සමානය. එය සුව කළ හැකිය, නමුත් එය නොසලකා හැරිය නොහැකිය.”

පිළිගත නොහැකි සංඛ්‍යාවලින් නගර තුළට රොක්වීමෙන් ජනයාව වැලැක්වීම කළ නොහැකි කාර්යයක් තරම්ය. එමනිසා එම අභියෝගයට වෙනත් ආකාරවලින් මුහුණ දීමට විශාල නගර විසින් ප්‍රයත්න දරනු ලැබෙයි, එනම් ඇතැම්විට එක-හා-සමාන අප්‍රසන්න කුලී නිවාස පේලි ගොඩනැගීමෙන්, අහස දක්වා ඉතා උසට යන හිවි මැදුරු ගොඩනැගීමෙන් හෝ සම්පූර්ණයෙන්ම අලුත් සංකල්පවලට හැරීමෙන් ඇතැම්විට එසේ කළ හැකිය. නිදසුනක් වශයෙන් මිලියන සංඛ්‍යාත ජනයාට වැඩ කළ හැකි, සාප්පු යා හැකි සහ ජීවත්වීමට පවා හැකි විශාල ගොඩනැගිලි සංකීර්ණ පොළොව යට ගොඩනැගීම ගැන ජපන් ජාතික ගොඩනැගිලි ආයතන විසින් දැන් පරීක්ෂණ පවත්වනු ලැබේ. “භූගත නගරයක් තවදුරටත් සිහිනයක් නොවෙයි,” යනුවෙන් එක් ගොඩනැගිලි විධායක නිලධාරියෙකු පවසයි, “ඊළඟ ශතවර්ෂයේ මුල් භාගයේදී පමණ එය සැබවින්ම යථාර්ථයක් බවට පත්වීම අපගේ බලාපොරොත්තුවයි.”

භෞතික කෝණයකින් බලන විට පවා, විශාල වීම සැමවිටම වඩාත් හොඳ දෙය නොවෙයි. සෑම තැනකම විපත්ති ඇති වීමට ඉඩ ඇත—එමෙන්ම ඒවා සිදු වී තිබේ. එහෙත් ඒවා නගරවලට පහර දෙන විට, ජීවිත සහ දේපළවලට සිදු විය හැකි හානිය ඉතා මහත් එකක් විය හැකිය. නිදසුනකට: ස්වාභාවික මෙන්ම මිනිසා විසින්ම නිර්මිත බරපතළ උවදුරුවලින් ටෝකියෝව පීඩා විඳ තිබේ. වර්ෂ 1657දී විපත්තිදායක ගින්නකින් 1,00,000ක්ද, 1923දී මාරක භූමිකම්පාවක් සහ ගින්නකින් ඊට සමාන ගණනක්ද, IIවන ලෝක යුද්ධය අවසානයේදී බලවත් බෝම්බ ප්‍රහාරවල මිලියන කාලක පමණ ජනසංඛ්‍යාවක්ද විනාශයට පත් වූහ.

ලෝකයේ ගැටලු එහි නගර තුළ පිළිබිඹු වේ—එනම් නාගරික පරිසර දූෂණය සහ වාහන තදබදය. වරක් නාගරික විපත්තියේ “ආදර්ශයක්” වශයෙන් විස්තර කරනු ලැබූ මෙක්සිකෝ නගරය තුළ මෙම ගැටලු දෙකම විචිත්‍ර ආකාරයකින් දැක්වේ. මිලියන තුනකට වඩා වැඩි මෝටර් රථ ප්‍රමාණයකින් වීදිවල මහත් තදබදයක් ඇති කෙරෙයි. මේවාද, මෙක්සිකෝවල මුළු කර්මාන්ත ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නාවූ කර්මාන්ත ශාලා මගින්ද, කොතරම් විශාල මරණීය දූෂණයක් ඇති කරයිද කිවහොත්, 1984 වාර්තාවකට අනුව, “එය හුදෙක් ආශ්වාස කිරීම පමණක් දිනකට දුම්වැටි පැකට්ටු දෙකක් දුම්පානය කිරීම හා සමාන යයි තක්සේරු කර තිබේ.”

මෙක්සිකෝ නගරය අද්විතීය එකක් නොවන බව සැබෑවකි. පරිසර දූෂණයත් වාහන තදබදයත් නැත්තේ කිනම් නවීනදින කාර්මික නගරයකටද? ලාගෝස්හි, තදබදය ඇති කාලයට “මන්දගාමී” කාලය යයි කියනු ලැබේ, ඇරත් මෙය ඊට හොඳින් ගැළපේ. එම නගරය ප්‍රධාන දූපත් හතරක් හරහා පැතිර යයි; වීදිවල මෝටර් රථ සංඛ්‍යාව වැඩි වීමෙන් ඇතිවන තදබදය මාබිමට සම්බන්ධවන පාලම් මගින් දරන්ට නොහැකි තරම්ය, මෙනිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම වාගේ නතර කෙරේ. 5000 ඩේස් ටු සේව් ද ප්ලැනට් (ග්‍රහලෝකය බේරා ගැනීමට දින 5000යි) නමැති පොත මෙලෙස පැහැදිලි කරයි: “පයින් යෑම වඩා ඉක්මන් විය හැකි කාලය ළඟා වී තිබේ.” ළඟා වී තිබේද?

ඊටත් වඩා බරපතළවූ ගැටලු

ඊටත් වඩා බරපතළ ගැටලුවලින් සුපිරි නගරවල් පීඩා විඳියි. අප්‍රමාණවත් නිවාස, සිසුන්ගෙන් ගහණ වූ පාසල් මෙන්ම කාර්ය මණ්ඩලයේ ඌනතාවයක් තිබෙන රෝහල් හැර මනෝවිද්‍යාත්මක පැතිද මෙයට ඇතුළත් වේ. ප්‍රසිද්ධ ජර්මන් ජාතික මානව ධර්ම විද්‍යාඥයෙක් වන ආචාර්ය පෝල් ලේහව්සන් කියා සිටින්නේ, “නියුරෝසියා (ස්නායු රෝග) සහ සමාජයට හොඳින් නොගැළපීමේ අවස්ථා බොහොමයකට අර්ධ වශයෙන් හෝ මුළුමනින්, ඍජු ලෙසින් හෝ වක්‍ර ආකාරයකින් හේතුවන්නේ අධික ජන තදබදයයි.”

සුපිරි නගරවල සිටින වැසියන්ට සමාජයක් වශයෙන් එක්ව ජීවත්වීමේ හැඟීම අහිමි වෙයි, මෙමගින් නගරය මුහුණු නොමැති නිර්නාමික සමූහයකට පරිවර්තනය වෙයි. අසල්වැසියන් සියගණනක් අතර ජීවත් වන නගර වැසියෙකුට පවා තනිකම හැඟිය හැකිය, කිසි තැනක සොයාගත නොහැකි මිත්‍රයන් සහ ආශ්‍රිතයන් සඳහා දැඩි ආශාවකින් ඔහු පසුවිය හැකිය. මෙම තත්ත්වය නිසා හටගන්නා තනිකමේ හැඟීම හේතුවෙන්, බහුජාතික ජනගහනයක් ජාතිමය හෝ ආචාර ධර්මීය කණ්ඩායම් වශයෙන් බිඳී යන විට හානිදායක ප්‍රතිඵල ඇතිවිය හැකිය. ජාතිමය සැහැසියාව හටගැනීමෙන් මරණ 50කටත් වඩා වැඩි ගණනක්ද එමෙන්ම තුවාල වීම් 2,000කටත් වඩා වැඩි ගණනක්ද සිදු වූ අවස්ථාවේදී එනම් 1992දී ලොස් ඇන්ජලිස්හි අවබෝධකර ගත්තාක් මෙන් ආර්ථික අසමානකම් හෝ වෙනස්කම් දැක්වීම—සැබෑ හෝ සිතාගත් ඒවා විය හැකිය—විපත්තියට මඟ පෑදිය හැකිය.

නාගරික ජීවිතය හා සම්බන්ධ විශාලතම උවදුර වනුයේ ආත්මිකත්වය ඉවතලෑමට තිබෙන නැඹුරුවාවයි. නාගරික ජීවිතය මිල අධික එකකි, එමනිසා එහි ජීවත්වන අයට පහසුවෙන් ජීවිතයේ කාන්සාවන්ගෙන් වෙනතකට යොමු විය හැකිය. සැබෑ මෙන්ම කල්පවතින වැදගත්කමක් තිබෙන දේවල් නොසලකා හැරීමට මිනිසුන්ව මෙතරම් පහසුවෙන් මුළා කළ හැකි දේවල් වෙන කිසි තැනක නොමැත. විනෝදාස්වාදය සඳහා—යහපත්, අයහපත් මෙන්ම අවිනීත වේවා—ඇති ප්‍රස්තාවන් වෙන කිසිම තැනක එතරම් මහත් සේ පවතින්නේ නැත. යෙරෙමියා සඳහන් කළ ජනයාගෙන් බහුල නගරය වූ යෙරුසලමේ විනාශයට හේතු වූයේද, ආත්මිකත්වයේ එබඳුම හීනතාවයකි.

ගමනේදී ගුවන් යානයක් අලුත්වැඩියා කිරීම හා සමානය

සම්පූර්ණයෙන්ම යටපත් කරන්නා වූ එවන් ගැටලු මධ්‍යයේ, “අනාගත පරම්පරා හැර, අදදින සිටින නගර වැසියන්ටවත් ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සැපයීමේ කාර්යය, පෙනෙනාකාරයට මැඩපැවැත්විය නොහැකි ගැටලු සම්භාරයක් ඉදිරිපත් වෙයි,” යනුවෙන් 5000 ඩේස් ටු සේව් ද ප්ලැනට් නිගමනය කරයි. වර්තමාන අවශ්‍යතා පමණක් සපුරාලීම පවා, “පරිසරයට සහ සමාජයට දැරිය නොහැකි බරක් ඇති කරයි.” තවද අනාගතය දෙස බලමින්, එය මෙසේ සඳහන් කරයි: “නගර දැන් පවතින ප්‍රමාණයට වඩා තුන්ගුණයකින් විශාල වූ කාලයක ඒවා හසුරුවීමට බලාපොරොත්තු වීම හුදෙක් ව්‍යාජ අපේක්ෂා සහිත බලාපොරොත්තුවක් පමණි.”

නගර විපතට පත් වී සිටීම ගැන අනුමානයක් නැත. එමෙන්ම සුපිරි නගරවල විශාලත්වය නිසා ඊටත් වඩා එසේ වී ඇත! මුළු ලෝකයම මරණමංචකයේ තැබීමට ඒවායේ අසනීපවලට හැකි වී ඇත. පෙනෙන තෙක් මානයේ සුවයක් තිබේද?

සුපිරි නගර අපට බලපායි. වඩා කුඩා නගරවලට පවා අපට බලපෑමට හැක, ඇතැම් ඒවාට ඒවායේ ප්‍රමාණයට වඩා විශාල ලෙසින් අපට බලපෑ හැක. මේ සම්බන්ධයෙන් නිදසුන් සඳහා, අපගේ ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ලබන වැඩිපුර නගර සම්බන්ධයෙන් සලකා බලන්න. g94 1/22

[13 පිටුවෙහි ඇති පින්තූරය]

ජනයාගෙන් බහුල, ලාගෝස්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න