ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/09 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 2009 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • බයිබල් පද හොයාගන්නේ කොහොමද?
    තවත් ලිපි
  • පාඩම් අංක 3—කාලය නමැති ප්‍රවාහයේ සිදුවීම් ගණනය කිරීම
    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3)
  • කාල රේඛාව
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • බයිබලය අප අතට පත් වූ අයුරු—1 කොටස
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 3/09 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

වියෝ දුකට සහනයක්!—(2008 අගෝස්තු) මම මේ කෙටි ලිපිය ලිවීමට පෙලඹුණේ 2008 අගෝස්තු මස පළ වුණු පිබිදෙව්! සඟරාව මා අතට පත් වූ නිසයි. එම සඟරාව කියවීමෙන් මා හට තවදුරටත් එවැනි සඟරා කියවීමේ ආශාවක් ඇති වුණා. විශේෂයෙන්ම එම සඟරාවේ අවසාන පිටුවේ පළ වී තිබූ ලිපිය මටද යම් තරමකට අදාළ බව හැඟුණා. ඒකට හේතුව මම ආදරය කළ මගේ අත්තම්මා මීට අවුරුදු හතරකට පමණ පෙර මිය ගියද තවම මට ඒ වේදනාව දැනෙනවා. ඒ වේදනාවෙන් මිදීමට මට අවශ්‍යයි. මිය ගිය කෙනෙකුට ඇති බලාපොරොත්තුව ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා දැනගන්න මම කැමතියි. සඟරාවලින් මගේ ජීවිතයට අලුතින් යමක් එක් කරගැනීමට හැකි නිසා දිගටම සඟරා ලැබීමට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ඊ. එම්. ආර්.

යෞවන අය අසති—රෝගී වුණත් සතුටින් සිටිය හැකිද? (2008 පෙබරවාරි) මේ ලිපිය ඇතුළත් සඟරාව ලැබුණාම මට දැනුණ සතුට කියා නිම කරන්න බැහැ. ඒක ලැබුණේ නියම වෙලාවට. මමත් අසනීප වෙලා සති තුනක් රෝහලේ සිටියා. මම රෝහලෙන් එනකොටම මට සඟරාව ලැබුණා. මට හැඟුණ ආකාරයත් හුඟක්දුරට එම ලිපියේ සඳහන් යෞවනයන්ට හැඟුණ ආකාරයට සමානයි. ඒ ලිපියෙන් ලබා දුන් උපදෙස්වලට ස්තුතියි.

කැනඩාවේ කේ. පී.

යෙහෝවා දෙවි මම වගේ ආබාධිත අය ගැනත් සැලකිලිමත් වෙනවා කියන කාරණය මගේ සිතට තදින්ම කාවැදුණා. මගේ පුංචි කාලයේදී මට මොළයේ දරුණු ආබාධයක් (cerebral palsy) තියෙනවා කියලා දැනගත්තා. මට ඇවිදින්න බැරි වුණත් මම උපකාරික පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා. මේ ලෝකය පාරාදීසයක් බවට පත් වන විට ඇවිදින්න බැරි අය ‘මුවකු මෙන් පැන යන’ කාලය එන තුරු මම බලා සිටිනවා.—යෙසායා 35:5, 6, නව ලොව පරිවර්තනය.

කොරියාවේ ජේ. ජේ.

මම මේ ලිපිය කිහිප වරක්ම කියෙව්වා. යෙහෝවා දෙවි අපිට මොන තරම් ආදරේද කියලා දැනගත්තාම මට හොඳටම ඇඬුණා. අපිට කිසිම අනතුරක් නොවන විදිහට ඔහු අපිව පොරෝනයකින් ඔතා අපව ආරක්ෂා කර තිබෙනවා හා සමාන හැඟීමක් ඇති වුණා.

ජපානයේ එම්. ටි.

මරණයෙන් සියල්ල අවසන් වෙයිද? (2007 දෙසැම්බර්) මාස කිහිපයකට කලින් මගේ අම්මා මැරුණා. මේ ලිපි මාලාවේ පැහැදිලි කර තිබූ නැවත නැඟිටිමේ පොරොන්දුව මගේ සිතට තදින් කාවැදුණා. හුඟක් ස්තුතියි. එය මට ලොකු දිරිගැන්වීමක් හා සැනසීමක් වුණා.

මැඩගස්කරයේ එම්. ආර්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න