ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—කොලොම්බියා
කොලොම්බියා වනාහි අද්විතීය දකුණු අමෙරිකානු රටකි. මතුපිට පෘෂ්ඨයේ ගිනිකඳුවලින් පිරුණු මෙම රටේ වෙරළ තීරය අත්ලාන්තික් හා පැසිෆික් යන සාගර දෙකම වැළඳගනී. මෙහි දේශගුණය පහත්බිම්වල පවතින නිවර්තන උෂ්ණත්වයේ පටන් උස්, හිමෙන් වැසුණු මුදුන් පවතින ඇන්ඩීස් කඳුවල ශීතල දක්වා වෙනස් වේ.a
කොලොම්බියාව රත්රන් හා මරකත මැණික් සඳහා නම් දරා සිටියත්, එහි වඩාත්ම වටිනා වත්කම වන්නේ, එහි ජනතාවයි. අදදින, යෙහෝවඃවහන්සේ ස්වකීය ආත්මික ගෘහය තේජසින් පුරවමින් සිටින සේක. අලංකාරවත්, ප්‍රියඋපදවන නමස්කාරකයෝ කොලොම්බියාවේද ඇතුළුව, ලෝකයේ සියලු කොටස්වලින් ඒ කෙරෙහි ඇදී එමින් සිටිති.—හග්ගයි 2:7.
ව්‍යාපාරික විධායකයන්ගේ සිත් ඇදීයයි
බොගෝටාවට වයඹ දෙසින් සැතපුම් 26ක් දුරින් පිහිටි ෆාකාටාටිවා නම් ස්ථානයේ ඉදිකරන ලද වොච්ටවර් සමිතියේ නව ශාඛා කාර්යාලය හා මුද්‍රණාලය, 1992 නොවැම්බර් 1වන ඉරු දිනයේ කැප කරනු ලැබීය. ශාඛාවේ කළ සංචාරයන්, බැහැදකින්නන් මත මහත් බලපෑමක් සිදු කර ඇත. තමා සේවය කරන කර්මාන්ත ශාලාවට පෙරළා පැමිණීමෙන් පසු, එක් බැහැදකින්නෙක් තම වැඩකරන කර්මාන්ත ශාලාවට යළි පැමිණි පසු සිය කළමනාකරුවන්ගෙන් උනන්දුවෙන් ඉල්ලා සිටියේ ‘කාර්යක්ෂමතාව, පිළිවෙළ හා සේවක ආත්ම විශ්වාසය අතින් පුදුමසහගත වන සංවිධානයක් ගොස් නරඹන්නැයි කියාය. ඉන්පසු ඔවුන් කළ සංචාරය තුළ, එම විධායකයෝ මහත් උනන්දුවක් පෙන්වූ අතර බොහෝ ප්‍රශ්න ඇසූහ.
සිය අධිකාරීන්, පරිපාලකයන්, මෙන්ම වැඩමූලිකයන්ව—ඇත්ත වශයෙන්ම, තමන්ගේ සේවකයන් සියලු දෙනාවම—සංචාරයක එවන්නට මෙම විධායකයන්ට වුවමනා විය. සේවකයන් 1,300කින් සමන්විත තමන්ගේ මුළු සේවක පිරිසම එවන් සංවිධානාත්මක කාර්යක්ෂමතාවක් නිරීක්ෂණය කරනතෙක්, සෑම සතියකම, ඔවුහු සේවකයන් 15 සිට 25ක් දක්වා පිරිසක් එවන්නට වැඩසටහනක් සකස් කර ගත්හ.
ඔවුන්ගේ සේවකයන් සිය ගණනක් ශාඛා කාර්යාලයේ සංචාරය කර ඇති අතර ජෙහෝවා’ස් විට්නසස්—දි ඕර්ගනයිසේෂන් බිහයින්ඩ් ද නේම් (යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—නාමයට පිටුපස තිබෙන සංවිධානය) නම් වීඩියෝ පටය නරඹා ඇත. සංවිධානයේ විශාලත්වය මගින්ද, රාජ්‍යය දේශනා වැඩය කොතරම් දුරට ලෝක ව්‍යාප්තව පැතිර තිබෙන ආකාරය මගින්ද සිත් කාවැදී සිටින ඔවුහු සමිතියේ ක්‍රියාකාරකම්වලදී යොදවන ඉහළ මට්මමේ තාක්ෂණය ගැන පුදුම වෙති. එතැනින් බැහැර වන විට, ‘අවුල්සහගත ලෝකයක් තුළට යෑමට පාරාදීසය අතහැර යන’ බවට හැඟීමක් තමන්ට හැඟුණේ යයි බොහෝ දෙනෙකු පවසනු අසන්නට ලැබුණි.
සත්‍යය සියලු ආකාරයේ අය කරා ළඟා වේ
සියලු ආකාරයේ ජනයා වෙත ශුභාරංචිය ගෙන යෑමක් සිදුවේ. (1 තිමෝති 2:3, 4) උදාහරණයක් හැටියට, හෙවි මෙටල් රොක් සංගීත කණ්ඩායමක හිටපු රචකයෙක් මෙන්ම නායකයෙක් බයිබල් සත්‍යයන් පිළිගෙන, සිය ජීවිතයේ වෙනස්කම් සිදුකර, ඉක්මනින්ම ස්ථාවර පුරෝගාමියෙක් වුණේය. පසුව ඔහුව උපස්ථායක සේවකයෙක් ලෙස පත්කරනු ලැබීය. විප්ලවකාරී කණ්ඩායම්වල සාමාජිකයන්ව සිටි පුද්ගලයන් ගණනාවක් යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය කෙරෙහි සිය නිසැකකම හා බලාපොරොත්තුව තබන්නට උගෙන ඇත්තාහ. ඔවුහු දැන් සාමකාමී නව ලෝකයක් පිළිබඳ පුවත දේශනා කිරීමෙහි ක්‍රියාශීලීව නිරත වී සිටිති.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ මෙන්ම ඒවා අලෙවිකරන්නෝද සත්‍යය වෙතට හැරී ඇත්තාහ. දැන් සාක්ෂිකරුවෙකුව සිටින එක්තරා යෞවනයෙක් එයාකාර ජීවිතයකින් මිදෙන්නට පෙර වසර පහක් පුරා වනයේ මත්ද්‍රව්‍ය වගාවක් හා කොකේන් රසායනාගාරයක් තබාගෙන සිටියේය. බයිබල් ප්‍රතිපත්ති ඉගෙන ගැනීමෙහි හා ක්‍රියාවට නැගීමෙහි ඔහු සන්තෝෂයක් අත්කරගෙන ඇත. අවංක බයිබල් පාඩමකින් පෙලඹීම් ලද දණ්ඩනාගාරයක මිනීමරු වරදකරුවෝ, යෙහෝවඃවහන්සේ සිය පාප කමා කර, ස්වකීය සේවකයන් හැටියට තමුන්ව පිළිගන්නා ලෙස ඕනෑකමින් යාච්ඤා කරමින් සිටිති.
මෙයින් පැහැදිලි වන්නේ සියලු ආකාරයේ ජනයා රාජ්‍යයේ පණිවුඩයට ප්‍රතිචාරය දක්වමින් සිටින බවය. වෙනත් තැන්වල මෙන්, කොලොම්බියාවේද, යෙහෝවඃවහන්සේ මෙසේ ස්වකීය ගෘහය තේජසින් පුරවමින් සිටින සේක.
[පාදසටහන්වල]
a වැඩිමනත් තොරතුරු සඳහා, 1994 කැලැන්ඩර් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස් බලන්න.
[8වන පිටුවේ කොටුව]
රටේ ආකෘති සටහනක්
1993 සේවා වසර
සාක්ෂි දරන ඉහළම සංඛ්‍යාව: 60,854
අනුපාතය: එක් සාක්ෂිකරුවෙකුට 558
සිහිකිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව: 2,49,271
පුරෝගාමි ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 8,487
බයිබල් පාඩම්වල සාමාන්‍යය: 1,00,927
බව්තීස්මවූ සංඛ්‍යාව: 5,183
සභා සංඛ්‍යාව: 751
ශාඛා කාර්යාලය: ෆාකාටාටිවා
[9වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1956 ශාඛා කාර්යාලයේ සේවකයෝ හා මිෂනාරිවරු
[9වන පිටුවේ පින්තූරය]
ශාඛා කාර්යාලය ගුවනින් බැලූ කල