ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 9/1 29-31 පි.
  • ඔබගේ පරිශුද්ධ සේවය අගය කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබගේ පරිශුද්ධ සේවය අගය කරන්න
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අප පළමු වතාවට දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගන්නා විට
  • ඒවා ඇත්තටම පරිත්‍යාගද?
  • විපාක ගැන කල්පනා කරන්න
  • කැපවීම නමැති පියවර
  • ඇදහිලිවන්ත සේවය සඳහා ලැබෙන වෙනත් විපාක
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් සන්තෝෂය ලැබීමට හේතුව
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • ‘ඔබද ඔබේ වචන අසන්නන්ද ගළවාගන්න’
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 9/1 29-31 පි.

ඔබගේ පරිශුද්ධ සේවය අගය කරන්න

යම් වටිනාකමක් ඇති ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීම පිණිස, අප යම් මිලක් ගෙවීමට සූදානම් විය යුතුය. වෛද්‍යවරයෙකු වීමට, වසර ගණනාවක් පුරා අධ්‍යයනය සහ අධිෂ්ඨානය එමෙන්ම මුදල්ද අවශ්‍යය. සාර්ථක ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක්, තම යෞවන කාලය පුරා, ඉතා දැඩි සේ පරිපූර්ණත්වය හඹායමින් වඩ වඩාත් දුෂ්කර ව්‍යායාමවල යෙදී ඇත. දක්ෂ පියානෝ වාදකයෙකුටද ඒ හා සමානව, වසර ගණනාවක් පුරා තමා ඇපකැපවී කළ පුහුණුවීම් දෙස ආපසු හැරී බැලිය හැක.

කෙසේ වුවද, ගෙවීමට තිබෙන ඕනෑම මිලකට වඩා අතිශයින් වැඩිවූ විපාකයක් ලබා දෙන්නා වූ එක්තරා ඉලක්කයක් තිබේ. එය කුමක්ද? එය නම්, අතිමහෝත්තමයාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ සේවකයෙකු වීමේ වරප්‍රසාදයයි. කාලය, මුදල් හෝ ශක්තිය අතින් අප ඕනෑම පරිත්‍යාගයක් කළද, අපගේ මැවුම්කරුවාණන්ට පරිශුද්ධ සේවය පිරිනැමීමේ වරප්‍රසාදය කිසිවක් සමඟ සැසඳිය නොහැකි විපාක ගෙන එයි. ප්‍රේරිත පාවුල්ගේ වචන සැබෑය: “භක්තිවන්තකමට [දේවභක්තියට, NW] දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.” (1 තිමෝති 4:8) මෙය සැබෑ වන ආකාරය අපි බලමු.

අප පළමු වතාවට දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගන්නා විට

ශුභාරංචියට ඒකාන්ත ලෙස ප්‍රතිචාර දක්වා, බයිබලය අධ්‍යයනය කිරීමට පටන් ගන්නාවූ බොහෝ දෙනෙක්, පෙනෙන විදිහට, ඒ මගින් තමාගේ ජීවිතයේ සිදුවෙන්නට යන වෙනස්කම්වල තරම වටහා ගන්නේ නැත. පළමුව, දෙවියන්වහන්සේට අගෞරව ගෙනෙන බවට දැන් ඔහු විසින් පිළිගන්නාවූ හඹායෑම්වල තවදුරටත් ඔහු නොයෑමට හේතුව තේරුම් ගැනීමට නොහැකි ඇතැම් මිත්‍රයන් මෙම නව බයිබල් ශිෂ්‍යයාට අහිමි වන්නට පිළිවන. (1 පේතෘස් 4:4) ඇතැම් අය, තම පවුලෙන් එල්ල වෙන විරෝධතා අද්දැකිය හැකි අතර, තමන් ප්‍රේම කරන අය, යෙහෝවඃවහන්සේ උදෙසා අකමැත්තක් හෝ වෛරයක් පවා දක්වනවා දැකීමෙන් හිත් වේදනාවට පත් වන්නට පිළිවන. (මතෙව් 10:36) එය විඳීමට තිබෙන දුෂ්කර ප්‍රතිඵලයක් විය හැකියි.

රැකියා ස්ථානයේදී හෝ පාසැලේදී යම් ප්‍රතිඵලවලට මුහුණ දීමටද සිදුවනු ඇත. කල්යත්ම, මෙම නවක බයිබල් ශිෂ්‍යයා ලෞකික පුරුදු සහ අනෙක් උත්සවවලට සහභාගි වීම නවත්වාලනවා ඇත. ඔහු තවදුරටත් ඔහුගේ රැකියා ස්ථානයේ සිටින අයගේ හෝ පාසැලේ සෙසු ළමුන්ගේ අශික්ෂිත කථාවලට සවන් දෙන්නට යන්නේවත් අසභ්‍ය විහිළු හුවමාරු කරගන්නට යන්නේවත් නැත. ඒ වෙනුවට, එපීස 5:3, 4හි සඳහන් අවවාදය ක්‍රියාවට නැංවීමට ඔහු උත්සුක වෙනවා ඇත: “නුමුත් වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද [ගිජුකමද, NW] නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. කැතකම්ද මෝඩ කථාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය. ඒවා නොව ස්තුතිකිරීම් පවත්වාපල්ලා.”

එවන් වෙනස්කම් සිදුවීම නිසා එම බයිබල් ශිෂ්‍යයා කොන්වී ගිය කෙනෙකු බවට පත් වෙන්නට පිළිවන. විශේෂයෙන්ම තවමත් පාසැලේ සිටින යෞවනයෙකුට එය දුෂ්කර යමක් විය හැකිය. එක එක උත්සවවලට සහභාගි වීමට සිදුවන නිසාත්, පරිණාමවාදය වැනි අදේවවාදී ඉගැන්වීම්වලට මුහුණ දීමට සිදුවන නිසාත්, සමූහයා සමඟ පටලැවීමට ඇතිවන නිරන්තර පීඩනය නිසාත්, ක්‍රිස්තියානි යෞවනයන් ඇදහිල්ල උදෙසා නිරන්තර සටනක් කළ යුතුය. දෙවියන්වහන්සේගේ මාර්ග අනුගමනය කිරීම, ඔවුන් වෙනස් පුද්ගලයන් කරවන අතර, පංතියේ ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ සරදමට ලක්වීම මෙහි ප්‍රතිඑලයක් වශයෙන් සිදුවිය හැක. මෙය පිළිගැනීම විශේෂයෙන්ම සංවේදී නහඹර වියේදී දුෂ්කර විය හැකි වුවත්, දෙවියන්වහන්සේගේ අනුමැතිය ලැබීම එම පාඩුවට හිලව්වකි.

ඒවා ඇත්තටම පරිත්‍යාගද?

පරිත්‍යාග යයි පළමුවෙන් පෙනෙන්ට තිබෙන තවත් දේවල් ආශීර්වාද බවට පෙරළෙයි. ඇතැම් අයට දුම්බීමේ පුරුද්ද අත්හැරීමට සිදුවේ. (2 කොරින්ති 7:1) මෙය පොරබැදීමක් විය හැක, නමුත් මේ අමනෝඥ කල්ක්‍රියාවෙන් අවසානයේදී ජයගත හැකි වන විට එය මොනතරම් ආශීර්වාදයක්ද! අනෙකුත් මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලට ඇති ඇබ්බැහි වීමෙන් ජය ගැනීම සම්බන්ධයෙන්ද කිව හැක්කේ එයමය. එවැනි විනාශකාරි පුරුදු නොමැතිව ජීවිතය කොතරම් වඩාත් හොඳ දෙයක් වන්නේද! තවත් අයට තමන්ගේ විවාහ ජීවිත හරිගැස්වීමට සිදුවේ. විවාහයේ ප්‍රයෝජන නොමැතිව එකට ජීවත් වන අයට, එක්කෝ විවාහ විය යුතුය, නැත්නම් එකට ජීවත්වීම නැවැත්විය යුතුය. (හෙබ්‍රෙව් 13:4) භාර්යාවන් කිහිප දෙනෙක් සමඟ ජීවත් වන අය, තම යෞවන වියේ භාර්යාව පමණක් නවත්වා ගත යුතුය. (හිතෝපදේශ 5:18) එවැනි වෙනස්කම්වලට පරිත්‍යාග ඇතුළත් වෙයි, නමුත් ඒවා නිවසට සාමය ගෙන එයි.

විපාක ගැන කල්පනා කරන්න

ඇත්ත වශයෙන්ම, යෙහෝවඃවහන්සේගේ නීතිවලට කීකරුවන ඕනෑම කෙනෙක් සැබවින්ම ප්‍රයෝජන ලබන්නේය. තම ජීවිතයේ පළමු වතාවට, බයිබල් ශිෂ්‍යයා සිය මැවුම්කරුවාණන්ට, උන්වහන්සේගේ නාමය වන යෙහෝවඃවහන්සේ කියා අමතන්නට පටන් ගනී. (ගීතාවලිය 83:17) එම ශිෂ්‍යයා, මිනිස්වර්ගයා සඳහා යෙහෝවඃවහන්සේ කර ඇති පුදුමාකාර දේවල් සහ තවදුරටත් කරන්නට යන දෙය උගනිත්ම, උන්වහන්සේට ප්‍රේම කරන්නට පටන් ගනී. පොදුවේ මළවුන් සඳහා භය පවතින රටවල, මළවුන් නැවත නැඟිටීමක් බලාපොරොත්තුවෙන් සැතපී සිටින බව දන්නා ඔහු මෙම මිථ්‍යාදෘෂ්ටික භය නැති කර ගනී. (දේශනාකාරයා 9:5, 10) තවද යෙහෝවඃවහන්සේ මිනිසුන් සදහටම නිරාගින්නක වධ දෙන්නේ නැති බව වටහා ගැනීම මොනතරම් සහනයක්ද! එසේය, ඇත්තෙන්ම සත්‍යය ඔහුව නිදහස් කර තබයි.—යොහන් 8:32.

ශිෂ්‍යයා තම ජීවිතය යෙහෝවඃවහන්සේගේ ප්‍රමිතිවලට වැඩි වැඩියෙන් එකඟ කරන තරමට, ඔහු පිරිසිදු හෘදය සාක්ෂියක්ද ආත්ම ගෞරවයද දිනා ගනී. සැබෑ ක්‍රිස්තියානිවරයෙක් ලෙස ජීවත්වීමට ඉගෙන ගන්නා ඔහුට තමාගේ පවුල වඩාත් හොඳින් රැකබලා ගැනීමට උපකාර කරන අතර, එය මහත් සෑහීමක් හා ප්‍රීතියක් ගෙන එයි. ඉන්පසු, රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට පැමිණීමටද තිබේ. එය මොනතරම් ප්‍රමෝදජනක අද්දැකීමක්ද! මෙහි සිටින මිනිසුන් ඇත්තටම පිළිපදින්නේ, දෙවියන්වහන්සේගේ ජනයාව හඳුන්වා දිය යුතු යයි බයිබලය පවසන උණුසුම් ප්‍රේමයයි. (ගීතාවලිය 133:1; යොහන් 13:35) ඔවුන් “දෙවියන්වහන්සේගේ මහානුභාවසම්පන්න දේවල්” කථා කරත්ම, ඔවුන්ගේ කථාව පිරිසිදුය, ගොඩනංවනසුලුය. (ක්‍රියා 2:11, NW) එසේය, “[මුළු] සහෝදර සමාගම” සමඟ සම්බන්ධකම් පැවැත්වීම සන්තෝෂයේ උල්පතක්ය. (1 පේතෘස් 2:17) එවැනි කදිම ඇසුරක්, බයිබල් ශිෂ්‍යයාට “සැබෑ ධර්මිෂ්ඨකම හා පක්ෂපාතකම තුළ දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව මවනු ලැබූ අලුත් පෞද්ගලිකත්වය පැළඳ [ගැනීමට]” රුකුලක් වෙයි.—එපීස 4:24, NW.

කැපවීම නමැති පියවර

යම් පුද්ගලයෙක් දැනුම තුළ ප්‍රගතියක් ලබත්ම, යෙහෝවඃවහන්සේට ඇති ප්‍රේමය නිසා අවසානයේදී ඔහු තම ජීවිතය උන්වහන්සේට කැප කොට, වතුර බව්තීස්මය මගින් එය සංකේතවත් කිරීමට පෙලඹෙයි. (මතෙව් 28:19, 20) යේසුස්වහන්සේගේ උපදෙස නම්, මෙම පියවර ගැනීමට පෙර, උන්වහන්සේගේ ගෝලයන් වියදම ගණන් බලන ලෙසය. (ලූක් 14:28) කැපවූ ක්‍රිස්තියානියෙක් යෙහෝවඃවහන්සේගේ කැමැත්ත පළමු තැනට දමන බවත්, මාංසයේ දේවල් එපාකරන බවත් මතක තබාගන්න. “මාංසයේ ක්‍රියා” අත්හැරීමටත් “ආත්මයේ ඵලදාව” වගා කිරීමටත් ඔහු මහත් වෙහෙසක් දරයි. (ගලාති 5:19-24) රෝම 12:2හි [NW] සඳහන් උපදෙස දැන් ඔහුගේ ජීවිතයේ වඩාත් පූර්ණ කාර්ය භාරයක් කරමින් සිටී: “මේ දේවල පිළිවෙළ අනුව හැඩගැසීයෑම අත්හරින්න, නමුත් යහපත්වූ පිළිගත හැකිවූ, දෙවියන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත ඔබටම ඔප්පු කර ගත හැකි වන පිණිස ඔබගේ මනස යළි සකස් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.” මෙසේ, කැපවූ ක්‍රිස්තියානියෙක් තම දිවි ගෙවන්නේ අරමුණක් සහිත යළි ප්‍රාණවත්වූ හැඟීමකිනි.

එහෙත්, ඔහු ලබාගන්නා දේ ගැන සලකා බලන්න. එක දෙයක් නම්, ඔහු දැන් විශ්වයේ මැවුම්කරුවාණන් සමඟ පෞද්ගලික සම්බන්ධතාවක සිටින්නේය. දෙවියන්වහන්සේගේ මිත්‍රයෙකු වීමේ අරමුණින් ඔහු ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබ සිටී! (යාකොබ් 2:23) ඔහු දෙවියන්වහන්සේ, “ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණෙනි” කියා අමතන්නේ වඩාත් ගැඹුරු අර්ථයක් ඇතිවය. (මතෙව් 6:9) අලුත කැපවූ තැනැත්තෙකුට තිබෙන තවත් ආශීර්වාදයක් නම්, සැබවින්ම ජීවිතයට අරමුණක් තිබෙන බවත්, ඔහු එම අරමුණට එකඟව තම ජීවිතය ගත කරන බවත් දැනගැනීමය. (දේශනාකාරයා 12:13) යේසුස්වහන්සේගේ නායකත්වය අනුව යෑමෙන්, ඔහුට ඇදහිලිවන්තව සිටීම මගින්, යක්ෂයා බොරුකාරයෙකු බවට ඔප්පු කළ හැකිය. එය යෙහෝවඃවහන්සේගේ හෘදයට මොනතරම් ප්‍රීතියක් ගෙන එනවාද!—හිතෝපදේශ 27:11.

ඇත්ත වශයෙන්ම, ක්‍රිස්තියානියෙක් ඇදහිලිවන්තභාවයේ මාර්ගය විඳදරාගන්නා විට, තවත් දේවල්ද පරිත්‍යාග කිරීමට තිබේ. දෙවියන්වහන්සේගේ වචනය පෞද්ගලිකවද සභා මට්ටමෙන්ද අර්ථාන්විත ලෙස අධ්‍යයනයේ නියැලීමට කාලය අවශ්‍ය කරවයි. (ගීතාවලිය 1:1-3; හෙබ්‍රෙව් 10:25) ක්ෂේත්‍ර දේව සේවය සඳහා, අනෙකුත් ක්‍රියාකාරකම්වලින්, කාලය මිලදී ගැනීමට තිබේ. (එපීස 5:16, NW) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යෑමටද, ඔවුන්ගේ එක්රැස්වීම් සහ සමුළුවලට ගමන් කිරීමටද කාලය සහ ප්‍රයත්නය අවශ්‍ය කෙරේ. රාජ්‍යය ශාලාවට සහ ලෝක ව්‍යාප්ත දේශනා කර්තව්‍යට මුදලින් ආධාර කිරීම සඳහා ආත්ම පරිත්‍යාගය අවශ්‍ය වියහැක. කෙසේවෙතත්, මිලියන ගණනක් ක්‍රිස්තියානීන්ට සාක්ෂි ඉදිරිපත් කළ හැකි පරිදි, එවැනි දේවල මුළු හදින් හවුල්වීමෙන් සන්තෝෂය ගෙන දෙයි. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ගැනීමට වඩා දීමේදී බොහෝ සන්තෝෂයක් තිබේ.”—ක්‍රියා 20:35, NW.

යෙහෝවඃවහන්සේගේ වැඩයට අනුබල දීමෙන් ලැබෙන මහඟු විපාක, අප වෙතින් වැයවන දේවලට වඩා බොහෝසෙයින් වැඩිය. අප මේරුභාවය කරා වැඩෙනවාත් සමඟම, අපගේ දේව සේවය වඩාත් ඵලදායි සහ ප්‍රීතිමත් එකක් බවට පත්වේ. ඇත්ත වශයෙන්ම, යමෙකුට බයිබල් සත්‍යය උගන්වා, එම තැනැත්තා යෙහෝවඃවහන්සේගේ නමස්කාරය වැලඳගන්නවා දැකීම තරම්, බොහෝ තෘප්තියක් ගෙන දිය හැකි දෙයක් තවත් නැත. අලුත් නමස්කාරකයා පවුල් සාමාජිකයෙකු නම්, සමහරවිට “යෙහෝවඃවහන්සේගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද” පුහුණු කරනු ලැබූ දරුවෙක් නම්, එය විශේෂ ප්‍රීතියක් ගෙන එයි. (එපීස 6:4, NW) දෙවියන්වහන්සේගේ “හවුල් වැඩකරන්නෝ” වීමට අප දරන ප්‍රයත්නය කෙරෙහි දෙවියන්වහන්සේගේ මහඟු ආශීර්වාද අපි දකින්නෙමු.—1 කොරින්ති 3:9.

ඇදහිලිවන්ත සේවය සඳහා ලැබෙන වෙනත් විපාක

මේ දේවල පිළිවෙළ පවතිනතාක් කල්, අපට ගැටලු තිබෙන්නට යන බව සැබෑවකි. පෙනෙන විදහට, යක්ෂයාගේ කාලය වඩාත් කෙටි වන විට ගැටලු තවත් දරුණු තත්ත්වයට පත් වනු ඇත. අපට පීඩා විඳින්නට හෝ පරීක්ෂාවන් විඳදරාගැනීමට සිදු විය හැකියි. එහෙත්, දෙවියන්වහන්සේ අප සමඟ සිටින්නේය යන දැනුම අපව සනසාලමින්, විඳදරාගැනීම සඳහා අපට ශක්තිය දෙයි. (1 කොරින්ති 10:13; 2 තිමෝති 3:12) ඇතැම් සෙසු ක්‍රිස්තියානීහු වසර ගණනාවක් පුරා කෲර සැලකීම් විඳදරාගෙන සිටිති, නමුත් දෙවියන්වහන්සේට ඇති තම ප්‍රේමය නිසා ඔවුහු නොකඩවා අත්නෑර දරාගනිති. නොයෙක් අන්දමේ පරීක්ෂා විඳදරාගන්නා අයට හැඟෙන්නේ, ප්‍රේරිතයන්ට තලනු ලැබ නිදහස් කළ අවස්ථාවේදී ඔවුන්ට හැඟුණාක් මෙන්ය. ක්‍රියා 5:41 මෙසේ විස්තර කරයි: “එහෙයින් ඔව්හු ඒ නාමය නිසා නින්දාවිඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව [සන්හේඩ්‍රින් අධිකරණය, NW] ඉදිරියෙන් පිටත්ව [ගියෝය].”

විඳදරාගැනීමට ලැබෙන විපාකය, ඒ සඳහා දරන පාඩුවලට වඩා දැන් පවා බොහෝ සෙයින් වටී. දේව භක්තිය, ‘පොරොන්දු තබන්නේ’ “දැන් තිබෙන ජීවිතය ගැන” පමණක් නොව නමුත් “මතු ජීවිතය” ගැනත් බව මතක තබාගන්න. (1 තිමෝති 4:8) විඳදරාගන්නෙකු අපේක්ෂාව මොනතරම් අනර්ඝද! ඔබ ඇදහිලිවන්ත වන්නේ නම්, මේ දේවල පිළිවෙළ නිම වී තිබෙන බවට සලකුණු කරන මහත් පීඩාවෙන් ඔබ බේරී ජීවත් වන්නෙහිය. නැතහොත්, නව යුගයකට මුල පුරන එම සිද්ධියට පෙර ඔබ මියගියොත්, ඉන්පසු පැමිණෙන, දෙවියන්වහන්සේගේ නව ලෝකයට ඔබව නැවත නැගුටුවනු ලබනවා ඇත. (දානියෙල් 12:1; යොහන් 11:23-25) “යෙහෝවඃවහන්සේගේ උපකාරයෙන්, මා සාර්ථක වුණා” කියා ඔබ විසින් කීමට හැකි වන විට ඔබට ඇති වන ප්‍රීතිදායක හැඟීම් ගැන සිතා බලන්න! “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ගැන දැනගැන්මෙන් . . . පිරීයන” එම පොළොව උරුමයකට පංගුකාර වීමට ලැබීම මොනතරම් සතුටක්ද!—යෙසායා 11:9.

එසේය, දෙවියන්වහන්සේට සේවය කිරීමට යමක් වැයවෙයි. එහෙත් විපාක සමඟ සසඳා බලන විට, එම වැය වන දෙය ඉතා කුඩාය. (පිලිප්පි 3:7, 8) දෙවියන්වහන්සේ ස්වකීය සේවකයන්ට දැන් කරන සහ අනාගතයේදී කරන්නට යන සියලු දේවල් කල්පනා කරන විට, අපි ගීතිකාකරුගේ මෙම වචන ප්‍රතිනාද කරමු: “ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] මට කළාවූ සියලු යහපත්කම් ගැන උන්වහන්සේට කුමක් දෙම්ද?”—ගීතාවලිය 116:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න