ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 1/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පවුල් සන්තෝෂයට රහස සොයා ගැනීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • පවුලේ සන්තෝෂයට රහසක් තිබේද?
    පවුලේ සන්තෝෂයට රහස
  • පවුල් ජීවිතය භුක්ති විඳින්න
    පවුල් ජීවිතය භුක්ති විඳින්න
  • සදාකාල අනාගතයක් සඳහා පවුලක් වශයෙන් ගොඩනැංවීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 1/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

එපීස 3:14, 15 පවසන්නේ “ස්වර්ගයෙහිද පොළොවෙහිද, ඒ ඒ ගෝත්‍රයට [පවුලට, NW] නම් [දෙන්නේ]” දෙවියන්වහන්සේ කියාය. ස්වර්ගයෙහි පවුල් සිටිත්ද, තවද සෑම මිනිස් පවුලක්ම කෙසේ හෝ සිය නම ලබන්නේ යෙහෝවඃවහන්සේගෙන්ද?

පොළොවේ සිටින්නාක් මෙන් පියෙකු, මවක හා දරුවන් ලෙසින් සියල්ලන්ම මාංසාකාරයෙන් එකිනෙකාට නෑකම් කියන පවුල් ස්වර්ගයෙහි නොමැත. (ලූක් 24:39; 1 කොරින්ති 15:50) දේවදූතයන් විවාහ නොවන බව යේසුස්වහන්සේ පැහැදිලිව ඇඟවූ අතර, ඔවුන් ජනිතයන් උත්පාදනය කරන බවට යෝජනා කරන කිසිවක් නැත.—මතෙව් 22:30.

කෙසේවුවත්, යෙහෝවඃ දෙවියන්වහන්සේ සංකේතාත්මක ආකාරයකින් ස්වකීය ස්වර්ගික සංවිධානය සමඟ විවාහ වී සිටින බවක් බයිබලයේ පවසයි; උන්වහන්සේ විවාහ වී සිටින්නේ ආත්මික ආකාරයකිනි. (යෙසායා 54:5) එම ස්වර්ගික සංවිධානය දේවදූතයන් වැනි ජනිතයන් බිහි කරයි. (යෝබ් 1:6; 2:1; 38:4-7) එසේනම්, මෙම අර්ථයෙන් ගත් කල ස්වර්ගයෙහි විස්මයජනක ආත්මික පවුලක් පවතියි.

එපමණක් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ සිය සාමූහික භාර්යාව වන 1,44,000දෙනාගෙන් සමන්විත නව සංකේතාත්මක පවුලක් ස්වර්ගයෙහි ඇති වෙමින් පවතියි. (2 කොරින්ති 11:2) මේ අභිෂේක ලත් අයගෙන් බොහෝදෙනෙකු ස්වර්ගික ජීවිතයක අපේක්ෂාව ඇතුව දැනටමත් මියගොස් ඇත. සමහරෙක් තවමත් පොළොවෙහි ජීවත් වෙති. “බැටළු පැටවාණන්ගේ” ස්වර්ගික “සරණමංගල්‍යය” සිදු වන තෙක් සියල්ලෝම ඉතා ආශාවෙන් බලාසිටිති. පැමිණීමට ළඟ මහත් පීඩාවේ—එනම් මහ බබිලෝනියේ විනාශය හා ඉන්පසු සාතන්ගේ පිළිවෙළේ ඉතිරි කොටස අතුගා දමන කාලයට, බයිබලය එම විවාහය සම්බන්ධ කරයි.—එළිදරව් 18:2-5; 19:2, 7, 11-21; මතෙව් 24:21.

භූමික පවුල් සම්බන්ධයෙන් ගත් කල, සෑම පවුල් කණ්ඩායමක්ම කෙළින්ම යෙහෝවඃවහන්සේගෙන් නමක් ලබන බව එපීස 3:15හි ප්‍රේරිත පාවුල් අඟවන්නේ නැත. ඊට වෙනස්ව, පාවුල්ගේ මනසෙහි පැහැදිලිවම තිබුණේ, නම ගෙන යන පුළුල් වූ පවුල් පෙළපතක් ගැනය. යෝෂුවා 7:16-19 උදාහරණයක් සපයයි. යෙහෝවඃවහන්සේ එවිට ආකාන්ගේ පාපය අනාවරණය කළසේක. පළමුව, වරද පැටවුණේ හෝ සීමා කළේ යූදා ගෝත්‍රයටය. ඉන්පසු එය ශෙරහිවරුන්ගේ පවුලට සීමා කරනු ලැබීය. අන්තිමේදී, ආකාන්ගේ නිවැසියන් නිරාවරණය කරනු ලැබීය. ආකාන්ගේ භාර්යාව හා දරුවන් සමඟ ආකාන්ව සැලකුවේ ආකාන්ගේ සීයා වූ ශබ්දීගේ නිවැසියන්ගේ (නැතහොත් පවුලේ) සාමාජිකයන් වශයෙනි. අනික් අතට, එම පවුල, තම මුතුන්මිත්තෙකු වූ ශෙරාගේ නම රැකගත් පුළුල් කරන ලද කණ්ඩායමක් විය.

හෙබ්‍රෙව්වරුන් අතර එවැනි පවුල් පෙළපත් ඉතා වැදගත් වූ අතර ඒවායින් බොහොමයක් බයිබලයේ සඳහන් කර තිබේ. මියගිය සහෝදරයාගේ භාර්යාව නැතහොත් විවාහ-ඥාති සහෝදරයාව විවාහ කරගැනීමෙන්, අවශ්‍ය අවස්ථාවලදී පවුලේ නම, උරුමක්කාරයන්ට ලැබීමට සැලසීම මගින් දෙවියන්වහන්සේ එය ආරක්ෂා කිරීමට අනුබල දුන්සේක.—උත්පත්ති 38:8, 9; ද්විතීය කථාව 25:5, 6.

එවන් විශාල හෝ පුළුල් කරන ලද පවුල් සම්බන්ධයෙන් තවත් උදාහරණයක් වශයෙන්, යේසුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයා වශයෙන් සලකන්න. සැබවින්ම උන්වහන්සේ කෙළින්ම දාවිත් රජගේ ජනිතයෙකු නොවූසේක, උන්වහන්සේ දාවිත්ගේ මරණයෙන් ශතවර්ෂ ගණනාවකට පසු ඉපදුණ කෙනෙකි. එහෙත්, මෙසියස් පිළිබඳ හඳුනාගැනීමක් වශයෙන්, යුදෙව්වන් පොදුවේ දැන සිටි පරිදි, උන්වහන්සේ දාවිත්ගේ පවුලේ කෙනෙකු වීමට යුතුව තිබිණ. (මතෙව් 22:42) යේසුස්වහන්සේ සිය මව මෙන්ම සිය සුරැකි පියා යන දෙදෙනා මගින් දාවිත්ගේ පෙළපතෙන් පැමිණිසේක.—මතෙව් 1:1; ලූක් 2:4.

එහෙත් එවැනි පවුල් යෙහෝවඃවහන්සේගෙන් තම නම් ලබාගන්නේ කෙසේද? ආබ්‍රහම් හා ඊසාක් සම්බන්ධ අවස්ථා වැනි වචනානුසාරයෙන් යෙහෝවඃවහන්සේ පවුලේ නායකයෙකුට නම් තැබූ අවස්ථා ස්වල්පයක් තිබීම සත්‍යයකි. (උත්පත්ති 17:5, 19) ඒවා විශේෂිත අවස්ථා විය. වැඩි වශයෙන් ගත් කල, දරුවන්ට උරුම වීම සඳහා යෙහෝවඃවහන්සේ එක් එක් පවුලට නමක් නොදෙනසේක.

එහෙත්, ‘බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණ කරන්න’ යනුවෙන් ආදම් සහ ඒවට අණ කළ විට යෙහෝවඃවහන්සේ මිනිස් පවුල බිහි කළසේක. (උත්පත්ති 1:28) තවද යෙහෝවඃවහන්සේ අසම්පූර්ණ ආදම් සහ ඒවට ජනිතයන් ඉපදවීමට අවසර දුන් බැවින්, උන්වහන්සේ සියලු මිනිස් පවුල්වලට අත්තිවාරමක් දැමූසේක. (උත්පත්ති 5:3) එබැවින් එක් අර්ථයකට වඩා වැඩි ආකාරයකින් දෙවියන්වහන්සේව පවුල් නාමවල උත්පාදකයා ලෙසින් නම් කළ හැක.

පවුල්වල නම් පරම්පරා ගණනක් පුරා රැකගැනීමට අවශ්‍ය බව අදදින බොහෝ සංස්කෘතීන්වලට තවදුරටත් නොහැඟේ. කෙසේනමුත්, පවුල් විධිවිධානය වෙනුවෙන් යෙහෝවඃවහන්සේට තුති පුදන සියලු දේශවල ක්‍රිස්තියානීහු, තම පෞද්ගලික පවුල් ඒකකයන් සාර්ථක කරගැනීමට වෙහෙසී වැඩ කිරීමෙන් උන්වහන්සේට ගෞරව කරති.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න