ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 10/15 4-7 පි.
  • ඔබට බයිබලය විශ්වාස කළ හැකිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට බයිබලය විශ්වාස කළ හැකිද?
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයද නැතිනම් සම්ප්‍රදායද?
  • ශුද්ධ ලියවිලිවල වැදගත්කම
  • බයිබලයට අනුව ජීවත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන
  • නැවත-නැඟිටීම කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ප්‍රබලද?
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විපර්යාසයට ලක් වන “ක්‍රිස්තියානි ධර්මය”—දෙවිගේ දෘෂ්ටියෙන් බැලීම
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 10/15 4-7 පි.

ඔබට බයිබලය විශ්වාස කළ හැකිද?

මෙම නූතන ලෝකයේ පවා බයිබලය විශ්වාස කිරීම පුළුල්ව පැතිර පවතිනවා. උදාහරණයකට, අමෙරිකානුවන් පිළිබඳ මෑතකදී කළ ගැලප් සමීක්ෂණයකදී සියයට 80ක් බයිබලය දෙවිගේ අනුභාව ලත් වචනය ලෙස විශ්වාස කරන බව ප්‍රකාශ කළා. ඔබගේ ප්‍රදේශයේ එම ප්‍රතිශතය එයාකාරයෙන් වැඩි වුණත් නැතත්, එවැනි බැතිමතුන් පල්ලියේදී බයිබලය උගන්වයි කියා බලාපොරොත්තු වෙනවා. නමුත් බොහෝවිට ඔවුන්ට එසේ උගන්වන්නේ නැහැ. මරණයෙන් පසු දඬුවම් ලැබීමේ මූලධර්මය උදාහරණයකට ගන්න.

බයිබලයේ කොතැනක හරි ශුද්ධගිනිස්ථානය නැතිනම් නිරාගින්න ගැන උගන්වනවාද? අද ක්‍රිස්තියානි ලෝකයේ සිටින බොහෝ විශාරදයන් නැත කියා පිළිතුරු දේවි. නව කතෝලික විශ්වකෝෂයේ (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් වෙනවා: “අවසාන නිගමනය නම් මේකයි: ශුද්ධගිනිස්ථානය ගැන තිබෙන කතෝලික මතය පදනම් වී තිබෙන්නේ ශුද්ධ ලියවිලි මත නොවෙයි, නමුත් සම්ප්‍රදාය මතයි.” නිරය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි දේවධර්මය පිළිබඳ ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ අදහස් දක්වනවා: “නිරාගින්න මුල් ක්‍රිස්තියානි දේශනා කිරීම්වල කොටසක්ව තිබූ බව න[ව] ගි[විසුමේ] අපට සොයාගැනීමට නැහැ.”

ඇත්තෙන්ම, මෑතකදී එංගලන්ත සභාවේ මූලධර්ම කොමිසම නිරාගින්න පිළිබඳ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු බව නිර්දේශ කළ විට එයට සෑහෙන ප්‍රසිද්ධියක් අත් වුණා. ආසන දෙව් මැදුරේ නායක දේවගැති ආචාර්ය ටොම් රයිට්, කලක් බියගැන්වූ මිථ්‍යා මතයක් වන නිරය, “දෙවිව රකුසෙක් කරමින් බොහෝදෙනෙක් තුළ ගැඹුරු ලෙස මානසික කැළැල් ඇති කරවා තිබෙනවා” කියා සඳහන් කළා. කොමිසමේ වාර්තාව, නිරය “සම්පූර්ණයෙන්ම නොපවතින දෙයක්” හැටියට විස්තර කරනවා.a ඒ හා සමානව නව කතෝලික විශ්වකෝෂය කතෝලික මතය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කරනවා: “අද දේවධර්මවාදය නිරය පිළිබඳ ප්‍රශ්නයට එළඹෙන්නේ දෙවිට කොහෙත්ම සම්බන්ධ නැති යමක් හැටියටයි.”

ඇත්තෙන්ම, මළවුන්ගේ තත්වය ගැන බයිබලය උගන්වන දේ ශුද්ධගිනිස්ථානය සහ නිරාගින්න යන ඉගැන්වීම්වලට පටහැනියි. බයිබලයට අනුව මළ අය සිහි නැති තත්වයක සිටින අතර වේදනාව දැනෙන්නේ නැහැ. “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත.” (දේශනාකාරයා 9:5) මළවුන්ට බයිබලය ඉදිරිපත් කරන බලාපොරොත්තුව නම් අනාගතික නැවත නැඟිටීමයි. යේසුගේ මිත්‍ර ලාසරුස් මැරුණ විට, යේසු මරණය නින්දට සමාන කළා. ලාසරුස්ගේ සහෝදරිය වන මාර්තා මෙසේ පැවසූ විට බයිබලයේ උගන්වා තිබෙන බලාපොරොත්තුව ප්‍රකාශ කළා: “අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමි.” ලාසරුස්ව මරණයෙන් නැඟිටවීමෙන් මනුෂ්‍යවර්ගයා සඳහා තිබෙන බලාපොරොත්තුව යේසු සහතික කළා.—යොහන් 5:28, 29; 11:11-14, 24, 44.

මනුෂ්‍යයාට තමාගෙන් වෙන් වූ අමරණීය යමක් තියනවාය කියන ඉගැන්වීම, බයිබලයෙන් ආරම්භ වූවක් නොවන බවත් ග්‍රීක් දර්ශනවාදයෙන් පැමිණෙන්නක් බවත් ඉතිහාසඥයෝ පෙන්වා දෙනවා. මනුෂ්‍යයා භෞතික ශරීරයකින් සහ භෞතික නොවන යමකින් සෑදී තිබුණු බව පුරාණ ඉශ්‍රායෙලිතයන් නොසිතුව බව නව කතෝලික විශ්වකෝෂය පෙන්වා දෙනවා.

මෑතකදී කතෝලික විශාරදයන් “හෙලනිස්තික [ග්‍රීක] ආභාෂයට අනුව සකස් වූ ආත්මයේ අමරණීයත්වය නමැති ඉගැන්වීම න[ව] ගි[විසුමේ] උගන්වන්නේ නැති බවට වූ ස්ථාවරයක සිටින බව” එම විශ්වකෝෂයේම සඳහන් වෙනවා. එය මෙසේ නිම කරනවා: “මේ ප්‍රශ්නයට තිබෙන අවසාන විසඳුම සොයාගත හැක්කේ දර්ශනවාදී අනුමානයෙන් නොවෙයි, නමුත් අධිස්වාභාවික ත්‍යාගයක් වන නැවත නැඟිටීමෙනුයි.”

බයිබලයද නැතිනම් සම්ප්‍රදායද?

එහෙත් බයිබලයට අයත් නැති සංකල්ප පල්ලිවල ඉගැන්වීම්වලට ඇතුල් වුණේ කොහොමද? බයිබලය ඔවුන්ගේ උසස්ම අධිකාරිත්වය බව බොහෝ පල්ලි කියා සිටිනවා. උදාහරණයකට, ශුද්ධ ලියවිලි “සම්පූර්ණයෙන්ම සත්‍යයක් ලෙසත් අපේ ඇදහිල්ලේ පරම පදනම ලෙසත් විශ්වාස කරමින්” එය භාරගැනීමට අවශ්‍ය බව මෑතකදී IIවන ජුවාම් පාවුලු පාප් පැවසුවා. කොහොම වුණත් අද ක්‍රිස්තියානි ලෝකයේ ඉගැන්වීම් පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ගේ ඉගැන්වීම්වලට සමාන නැති බව පොදුවේ පිළිගැනේ. මෙම වෙනස් වීම් පල්ලි මූලධර්මයේ ක්‍රමානුකූල වර්ධනයේ කොටසක් ලෙස පල්ලි බොහොමයක් සලකනවා. තවදුරටත් ශුද්ධ ලියවිලිවලට හා සමාන අධිකාරිත්වයක් පල්ලි සම්ප්‍රදායට තිබෙන බවට වූ ස්ථාවරයේ පල්ලි බොහොමයක්ම සිටිනවා. නව කතෝලික විශ්වකෝෂය මෙසේ පවසනවා: පල්ලි “කිසිම සත්‍යයක් සම්ප්‍රදායෙන් බැහැරව ශුද්ධ ලියවිලි මත පමණක්වත්, සම්පූර්ණයෙන්ම ශුද්ධ ලියවිලිවලින් බැහැරව සම්ප්‍රදාය මත පමණක්වත් පදනම් කරගන්නේ නැහැ.”

ඉතිහාසය දෙස බලද්දී, පල්ලි මගින් ශුද්ධ ලියවිලිමය ඉගැන්වීම්වලට හිමි තැන සම්ප්‍රදාය මත පමණක් පදනම් වූ ඉගැන්වීම්වලට දී තිබෙනවා. ඇත්තටම දැන් පල්ලි බොහොමයක් බයිබලයේ ඉගැන්වීම් වැරදි බව කියා සිටිනවා. උදාහරණයකට, “බොහෝ බයිබල් වගන්ති නූතන විද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ දැනුමට අනුව බලද්දී කිසිසේත් සත්‍යයක් විය නොහැකි බව පැහැදිලියි” කියා නව කතෝලික විශ්වකෝෂය පෙන්නුම් කරනවා. මළවුන් සිහිසන් නැති තත්වයක සිටිනවායි කියන බයිබල් ඉගැන්වීම ගැන කතා කරන විට, එය මෙසේ එකතු කරනවා: “ආගමික කාරණාවලදී පවා මරණයෙන් පසු ජීවිතය ගැන ප[රණ] ගි[විසුම] සපයන්නේ අසම්පූර්ණ දැනුමක්.” විශ්වකෝෂයේ, මෙයට උදාහරණයක් වශයෙන් ගීතාවලිය 6:5 (සමහර බයිබල්වල 6වන පදය) උපුටා දක්වා තිබෙනවා: “මරණයේදී ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී [හෝ හේදීසයේදී] ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද?” ඇතැම් රෙපරමාදු සෙමනේරි සහ ආගමික විද්‍යාල තවදුරටත් බයිබලය නොවරදිනසුලු දෙයක් ලෙස උගන්වන්නේ නැහැ. අනිත් අතට කතෝලික පල්ලිය ඉගැන්වීමේ අධිකාරිත්වය තමන් සතුව තිබෙන බව විශ්වාස කරන අතර, එම හේතුව නිසා බයිබලයේ උගන්වා තිබෙන දෙයට ඔවුන් අර්ථකථන දෙනවා. ‘එහෙත් ඒ වගේ අර්ථකථනයන් ශුද්ධ ලියවිලිවලට පටහැනි නම් මොකද කරන්නේ’ කියා ඔබ කල්පනා කරන්න පුළුවන්.

ශුද්ධ ලියවිලිවල වැදගත්කම

යේසු නිතරම තමාගේ කාරණයට අවතීර්ණ වීමේදී අධිකාරිත්වය වශයෙන් ශුද්ධ ලියවිලි නැවත නැවතත් උපුටා දැක්වූයේ, “ලියා තිබේ” යන්න පවසමිනුයි. (මතෙව් 4:4, 7, 10; ලූක් 19:46) සැබවින්ම, පුරුෂයාගේ විවාහක තත්වය ගැන යේසු කතා කළ විට, ඔහු උපුටා දැක්වූවේ ග්‍රීක දර්ශනවාදී අනුමානවලින් නොවෙයි, නමුත් මැවීම පිළිබඳ උත්පත්ති වාර්තාවෙනුයි. (උත්පත්ති 1:27; 2:24; මතෙව් 19:3-9) පැහැදිලිවම ශුද්ධ ලියවිලි දෙවිගේ අනුභාවයෙන් ලද්දක් බවත්, සත්‍යය බවත් යේසු පිළිගත්තා. දෙවිට කළ යාච්ඤාවේදී ඔහු මෙසේ පැවසුවා: “ඔබගේ වචනය සත්‍යතාවය.”—යොහන් 17:18අ.b

යේසු තමාගේ කාලයේ සිටි ආගමික නායකයන්ට මෙසේ දෝෂාරෝපණය කළ බව බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා: “නුඹලාගේ නියෝග පවත්වන පිණිස නුඹලා [දෙවිගේ] ආඥාව එපාකරන හැටි කදිමයි. . . . මෙසේ . . . නුඹලාගේ නියෝගවලින් නුඹලා [දෙවිගේ] වචනය අවලංගුකරන්නහුය.” (මාර්ක් 7:6-13) ඒ හා සමානව ප්‍රේරිත පාවුල් ග්‍රීක දර්ශනවාදය හෝ සදොස් සම්ප්‍රදායන් ඔහුගේ ඉගැන්වීම්වලට මුසු කරගැනීමට තිබුණු බලපෑමට විරුද්ධව සිටියා. ඔහු මෙසේ අනතුරු ඇඟෙව්වා. “මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.” (කොලොස්සි 2:8; 1 කොරින්ති 1:22, 23; 2:1-13) පාවුල් ක්‍රිස්තියානීන්ට දිගටම පවත්වාගැනීමට උනන්දු කළ සමහර සම්ප්‍රදායන් නැතිනම් ඉගැන්වීම් තිබුණා; නමුත් මේවා ශුද්ධ ලියවිලි මත පදනම්ව තිබුණු අතර, ඒවා සම්පූර්ණයෙන්ම ඊට අනුකූල වුණා. (2 තෙසලෝනික 2:13-15) පාවුල් මෙසේ ලිව්වා: “[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව [සම්පූර්ණ වශයෙන් සමර්ථව, NW], සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල . . . ප්‍රයෝජනවත්ව තිබේ.”—2 තිමෝති 3:16.

ශුද්ධ ලියවිලිවලින් ගසාගෙන යෑමක් පාවුල් කලින් දැක්කා. ඔහු තිමෝතිට මෙසේ අනතුරු ඇඟෙව්වා: “සාරවත් ඉගැන්වීම නොඉවසා . . . සත්‍යයට කන් නොදී, . . . හැරීයන කාලය පැමිණෙන්නේය.” ඔහු තිමෝතිට මෙහෙම උනන්දු කළා: “නුමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න.” (2 තිමෝති 4:3-5) නමුත් කොහොමද? එක ක්‍රමයක් නම් “බුද්ධිමත් මනසක්” ඇතුව සිටීමයි. එක් ග්‍රීක් ශබ්ද සංග්‍රහයක මෙම බයිබල් වචනය “ඉගෙනගැනීමට සහ යම් දෙයක් සාධාරණව ඇගයීමට තිබෙන කැමැත්ත” ලෙස නිර්වචනය කරනවා. පළමු ශතවර්ෂයේ බෙරීයයෙහි සිටි පාවුල්ගේ සවන්දෙන්නන්ව විස්තර කිරීමට ලූක් මෙම ප්‍රකාශය යොදාගත්තා. පාවුල්ගේ ඉගැන්වීම් ඔවුන්ට අලුත් දෙයක් වුණා. එනිසා ඔවුන්ට මුළා වෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඔවුන්ට ප්‍රශංසා කරමින් ලූක් මෙසේ ලිව්වා: “[බෙරීයවරු] තෙසලෝනිකයෙහි අයවලුන්ට වඩා උතුම්වූවෝය [බුද්ධිමත් මනසකින් යුක්ත වූවෝය, NW]. මක්නිසාද ඔව්හු මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින්, සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය.” බුද්ධිමත් මනසකින් සිටීම, සෑම දෙයක් දෙසම වපර ඇහෙන් බැලීමටවත් කිසිම දෙයක් පිළිගැනීමට අකමැති වන තත්වයකටවත් බෙරීයවරුන්ව පත් කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ අවංක විමර්ශනයේ ප්‍රතිඵලය වූයේ ‘ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අදහාගැනීමයි.’—ක්‍රියා 17:11, 12.

බයිබලයට අනුව ජීවත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන

මුල් ක්‍රිස්තියානීන්, බයිබලයට ඇලී සිටීම සහ ඔවුන්ගේ ආත්මපරිත්‍යාගී ප්‍රේමය සම්බන්ධයෙන් නම් දරා සිටියා. කොහොම වුණත් අද බොහෝ මනුෂ්‍යයන් “දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය.” (2 තිමෝති 3:5) මුල් ක්‍රිස්තියානි ධර්මයට විශ්වාසවන්ත නොවන ඕනෑම ක්‍රිස්තියානි ආගමක, මනුෂ්‍යයන්ව යහපත කිරීමට පෙලඹවීම සඳහා අව්‍යාජ බලයක් තිබෙන්න බැහැ. මෙය, ක්‍රිස්තියානි ලෝකයේ ආගම් බහුතරයක දකින්න ලැබෙන වැඩි වන සැහැසියාව, දුරාචාරය, පවුල් දෙකඩ වීම් සහ ද්‍රව්‍යවාදය පැහැදිලි කිරීමට උපකාර නොවන්නේද? සමහර “ක්‍රිස්තියානි” රටවල්වල දරුණු වාර්ගික යුද්ධ එකම ආගමේ සාමාජිකයන් අතර පවා සිදු වෙමින් පවතිනවා.

බෙරීයවරුන් අතර තිබූ බුද්ධිමත් මානසික ස්වභාවය අද වැළලී ගොස් තිබෙනවාද? බයිබලය විශ්වාස කරන සහ එයට අනුව ජීවත් වන යම් මනුෂ්‍ය කණ්ඩායමක් අද සිටිනවාද?

කැනේඩියානා විශ්වකෝෂයේ (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් වෙනවා: “අපේ යුගයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය, පළමුවන සහ දෙවන ශතවර්ෂ තුළ යේසු සහ ඔහුගේ අනුගාමිකයන් ක්‍රියාවට නැංවූ ක්‍රිස්තියානි ධර්මයේ නැවත පණගැන්වීමක් සහ යළි ස්ථාපිත කිරීමක් වෙනවා.” සාක්ෂිකරුවන්ට යොමු දක්වමින් නව කතෝලික විශ්වකෝෂයේ මෙසේ සඳහන් වෙනවා: “ඔවුන් බයිබලය සලකන්නේ ඔවුන්ගේ විශ්වාසය සහ හැසිරීම පාලනය කිරීමේ එකම ප්‍රභවය හැටියටයි.”

ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ ආත්මික සමෘද්ධිය, සමාදානය සහ සන්තෝෂය සම්බන්ධයෙන් ප්‍රසිද්ධව සිටීමට මෙය ප්‍රධාන හේතුවක් බවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා, ආත්මික වශයෙන් නිරෝගීව තබන බයිබලයේ ඉගැන්වීම් ඉගෙනගන්නා ලෙස අපි අපේ පාඨකයන්ට උනන්දු කරන්න කැමතියි. වඩා පුළුල් දැනුමක් තුළින් බයිබලය කෙරෙහි දැඩි විශ්වාසයක් සහ දෙවි කෙරෙහි වඩා ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගැනීමට මඟ පෑදිය හැකියි. සදාතනික ප්‍රයෝජන ගෙන දෙන එවන් ඇදහිල්ලක් සඳහා දරන උත්සාහය බොහෝ වටිනවා.

[පාදසටහන්වල]

a ජාතික මහජන ගුවන් විදුලිය—“උදෑසන විකාශනය”

b බයිබලයේ තිබෙන නිරවද්‍යතාව සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සියලුම ජනයා සඳහා පොතක් යන විවරණිකාව බලන්න.

[6වන පිටුවේ පින්තූරය]

ප්‍රේරිත පාවුල් සහ වෙනත් අය වෙළඳාම්පොළේදී දේශනා කළා

[7වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් “බයිබලය සලකන්නේ ඔවුන්ගේ විශ්වාසය සහ හැසිරීම පාලනය කිරීමේ එකම ප්‍රභවය හැටියටයි”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න