ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 7/1 4 පි.
  • වැඩි අවධානය සල්ලිවලටද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩි අවධානය සල්ලිවලටද?
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලේ ඒ ගැන කියන්නේ මොකක්ද?
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්වත් මැන බලමු
  • ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි
    2015 පිබිදෙව්!
  • මුදල් පරිහරණය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රාජ්‍යයේ වැඩකටයුතුවලට මුදල් ලැබෙයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • මුදල්
    2014 පිබිදෙව්!
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 7/1 4 පි.

වැඩි අවධානය සල්ලිවලටද?

ස්ටෙලාa නොවරදවා දරුවො එක්ක පල්ලි ගිය මවක්. එයා මෙහෙම කිව්වා. “බයිබලේ ගැන ඉගෙනගන්න කැමතියි කියලා පල්ලියේ ස්වාමිට මං කිව්වා.” ඒත් ඒක වුණේ නැති නිසා ස්ටෙලා පල්ලි යන එක නැවැත්තුවා. “පල්ලි එන්න බැරි නම් සල්ලි ටික විතරක් හරි එවන්න කියලා ලියුමක් ආවා. මට තේරුණා ඒගොල්ලන්ට ඕනේ මගේ සල්ලි විතරයි, මං පල්ලි ආවත් නාවත් ඒගොල්ලන්ට වැඩක් නෑ කියලා.”

ආගමට ළැදි ඇන්ජලා මෙහෙම කිව්වා. “අපේ පල්ලියේ දේවමෙහෙය තියෙද්දී තුන් පාරක්ම පඬුරු එකතු කරනවා. එයාලා හැම දේටම සල්ලි ඉල්ලනවා. මේ වගේ ආගමකට දෙවිගේ අනුමැතිය තියෙයිද කියලා මං කල්පනා කළා.”

බැතිමතුන්ගෙන් සල්ලි ගරන ආගම් ගැන ඔයාත් දන්නවද? ඔයාගේ ආගමෙත් ඒ වගේ දේවල් වෙනවද? ඒක බයිබලේට එකඟද?

බයිබලේ ඒ ගැන කියන්නේ මොකක්ද?

ක්‍රිස්තියානි සභාව පිහිටෙවූ යේසුස් කිව්වේ මෙහෙමයි. “ඔබට . . . ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න.” (මතෙව් 10:8) බයිබලේ තියෙන පණිවිඩය මිල කරන්න බැරි වටිනා එකක්. ඕනම කෙනෙක්ට නොමිලේ ඒක දැනගන්න පුළුවන් වෙන්න ඕන.

මුල් ක්‍රිස්තියානි සභාව වියහියදම් පියවගත්තේ කොහොමද?

එදා හිටිය ක්‍රිස්තියානීන් ‘තම තමාගේ සිතින් තීරණය කරලා’ ඒ අනුව සම්මාදම් දුන්නා. එහෙම දුන්නේ ‘අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත්’ නෙමෙයි කැමැත්තෙන්මයි. (2 කොරින්ති 9:7) ශුභාරංචිය දේශනා කරන්න ඇපකැප වෙලා වැඩ කරපු පාවුල් තම වියදම් පියවගත්තේ කූඩාරම් මහලයි. (ක්‍රියා 18:2, 3) අනික් අය එයාගේ වියදම් පියවන්න ඕන කියලා එයා බලාපොරොත්තු වුණේ නැහැ. ඒ ගැන පාවුල්ම මෙහෙම කිව්වා. “අපගේ වියහියදම්වලින් ඔබෙන් කිසිවෙකුට බරක් දැනෙනවාට අප අකමැති වූ නිසා රෑ දවල් වැඩ කරමින් අපි ඔබට දෙවිගේ ශුභාරංචිය දේශනා කළෙමු.”—1 තෙසලෝනික 2:9.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්වත් මැන බලමු

සාක්ෂිකරුවන් නමස්කාරය සඳහා රැස් වෙන කොයිම අවස්ථාවකදීවත් ළඟට ඇවිත් සල්ලි එකතු කරන්නේ නැහැ. ගෙවල්වලට ලියුම් කවර යවලා සල්ලි ඉල්ලන්නෙත් නැහැ. කෙනෙක් කැමති නම් නමස්කාර මධ්‍යස්ථානවල තියෙන සම්මාදම් පෙට්ටිවලට කැමති සම්මාදමක් දාන්න පුළුවන්. කවුරු කොච්චර දානවද කියලා කවුරුත් දන්නේ නැහැ. කෙනෙක් සම්මාදමක් දාන්නේ දෙවියන් ලබා දෙන දේවල් අගය කිරීමක් හැටියටයි.

ආගම් සල්ලි ලබාගන්න විදිහ හරිද?

මේ සඟරාව මුද්‍රණය කරලා බෙදාහරින්න මුදලක් වැය වුණත් මේකෙ එක වෙළඳ දැන්වීමක්වත් සල්ලි ඉල්ලලා කරන අයැදීමක්වත් නැහැ. සාක්ෂිකරුවන් අවධානය දෙන්නේ සල්ලිවලට නෙමෙයි බයිබලේ තියෙන සත්‍යය මිනිසුන්ට කියලා දෙන්නයි.

වියදම් පියවගන්න සාක්ෂිකරුවන් අනුගමනය කරන ක්‍රමය යේසුස් කියපු දේටත් මුල් ක්‍රිස්තියානීන් කරපු දේටත් එකඟද?

a මේ ලිපි මාලාවේ සමහර නම් වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න