ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 12/1 14-15 පි.
  • මම සල්ලි ණයට ගන්න ඕනමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මම සල්ලි ණයට ගන්න ඕනමද?
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ණයක් ගන්නම ඕනද?
  • බයිබලයෙන් මඟ පෙන්වීම් කීපයක්
  • මිතුරන් අතරේ ණයට දීම සහ ණයට ගැනීම
    1999 පිබිදෙව්!
  • සෙසු ක්‍රිස්තියානින්ට මුදල් ණයට දීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ සහෝදරයාගෙන් මම ණයක් ඉල්ලීම යෝග්‍යද?
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මුදල්
    2014 පිබිදෙව්!
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 12/1 14-15 පි.
සල්ලි ණයට ගන්නවා

මම සල්ලි ණයට ගන්න ඕනමද?

‘ණය ගද්දී ලොකු සතුටක් දැනුණත් ඒ ණය ගෙවන්න වෙද්දී දැනෙන්නේ ලොකු දුකක්.’

අප්‍රිකාවේ ප්‍රසිද්ධ කියමනක ඒ අදහස තියෙනවා. ණය ගන්න හුඟක් අයගේ අද්දැකීමත් ඒකයි. යාළුවෙක්ගෙන් හරි වෙන තැනකින් හරි ණය ගන්න එක ගැන ඔයාටත් හැඟෙන්නේ ඒ විදිහටද? ණය ගන්න එක හොඳයි වගේ පෙනුණත් ඇත්තටම ඒක ඥානවන්තද? ණය ගත්තොත් ඇති වෙන්න පුළුවන් මොන වගේ හානිද?

මේ වගේ කියමනකුත් තියෙනවා. “ණය දීමෙන් මිතුරාත් මුදලත් දෙකම නැතිවේ.” හොඳින් සැලසුම් කරලා අවංක චේතනාවකින් ණයක් ගත්තත් පස්සේ කාලෙක නොහිතපු දේවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා බැඳීම් පවා පලුදු වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයකට, පොරොන්දු වුණ වෙලාවට, පොරොන්දු වුණ මුදල ගෙවාගන්න බැරි වුණොත් ණය දුන්න කෙනාට තරහ යන්න පුළුවන්. ඒ තරහව වෛරයකට හැරිලා ණය දුන්න කෙනා සහ ගත්ත කෙනා අතරේ විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුල් අතරේ තියෙන බැඳීම් පවා නැති වෙන්න පුළුවන්. ණය ගත්තාම නැති ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ණයක් ගන්න ඕන වෙන කරන්නම දෙයක් නැත්නම් විතරයි.

ණය ගන්න එකෙන් කෙනෙකුට දෙවියන් එක්ක තියෙන බැඳීමත් නැති වෙන්න පුළුවන්. හිතාමතාම ණය ගෙවන්නේ නැති කෙනෙක්ව බයිබලයේ හඳුන්වන්නේ දුෂ්ට කෙනෙක් හැටියටයි. (ගීතාවලිය 37:21) ඒ වගේම “ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි” කියලත් බයිබලයේ කියනවා. (හිතෝපදේශ 22:7) ණය ගන්න කෙනා ඒ ණය ගෙවන තුරු ණය දුන්න කෙනාට බැඳිලා ඉන්නවා කියලා ණය ගන්න කෙනා මතක තියාගන්න ඕනේ. අප්‍රිකාවේ තවත් කියමනක මේ වගේ අදහසක් තියෙනවා. “මුදල් ණයට ගන්නවා කියලා කියන්නේ හරියට තව කෙනෙක්ගේ කකුල් දෙක ණයට ගන්නවා වගෙයි. ණය ගත්තාට පස්සේ ඒ කෙනා යන යන තැනට ඔයාට යන්න සිද්ධ වෙයි.” ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙක්ගෙන් ලොකු ණයක් අරගෙන තියෙනවා නම් ඊටපස්සේ ඒ ණය ගෙවනකම්ම ඔහුට කිසිම නිදහසක් නැහැ කියලයි.

ඒ නිසා පොරොන්දු වුණ විදිහටම ඉක්මනින් ණය ටික ගෙවලා දාන්න. නැත්නම් ණය එකතු වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට මානසික පීඩනය ඇති වෙන එක, නින්ද යන්නේ නැති එක, වැඩිපුර වෙලාවක් වැඩ කරන්න වෙන එක, සැමියා හා බිරිඳ අතර ප්‍රශ්න ඇති වෙන එක, පවුල් බැඳීම් කැඩෙන එක විතරක් නෙවෙයි නඩුහබවල පැටලෙන්නත් හිරේ විලංගුවේ වැටෙන්නත් සිද්ධ වෙයි. බයිබලයේ මේ වගේ ඥානවන්ත උපදෙසක් දීලා තියෙනවා. “කිසි කෙනෙකුට කිසි ලෙසකින්වත් ණය නොවන්න.”—රෝම 13:8.

ණයක් ගන්නම ඕනද?

ඒ දේවල් ගැන හිතලා බලද්දී, සල්ලි ණයට ගන්න කලින් දෙපාරක් හිතලා බලන එක නුවණට හුරුයි. මේ විදිහට කල්පනා කරන්න. මම ණයක් ගන්නම ඕනද? පවුලේ අයව බලාගන්න ඕන නිසා මගේ ජීවිකාව රැකගන්නද මම ණයක් ගන්නේ? එහෙම නැත්නම් සල්ලිවලට තියෙන ආසාව හින්දාද? එහෙමත් නැත්නම් පෝසත් අය වගේ ජීවිතයක් ගත කරන්න ආසාවක් මට ඇති වෙලාද? ණයක් ගන්න එක අත්‍යවශ්‍යම නැත්නම් හොඳම දේ වෙන කෙනෙකුට ණය වෙනවාට වඩා තියෙන දෙයින් සෑහීමට පත් වෙන එකයි.

ඒත් හදිසි තත්වයක් නිසා වෙන කරන්නම දෙයක් නැත්නම් ණයක් ගන්න සිද්ධ වෙන අවස්ථා උදා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ණයක් ගන්නවා වුණත් ප්‍රතිපත්තිගරුක වෙන්න ඕනේ. ඒ කොහොමද?

කෙනෙක් පෝසත් නිසාම ඔහු හෝ ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක වැරදියි. කෙනෙක්ට සල්ලි බාගේ තිබුණ පළියට ඒ කෙනා අපිට සල්ලි දෙන්න බැඳිලා ඉන්නවා කියලා හිතන්න හොඳ නැහැ. ඒ වගේ කෙනෙක්ගෙන් ණයක් ගත්තත් අපි අවංකව කටයුතු කරන්න ඕනේ. මුදල්හදල් තියෙන අයට අපි ඊර්ෂ්‍යා කරන්න නරකයි.—හිතෝපදේශ 28:22.

ගත්ත ණය ගෙවන්නත් ඒ ණය ප්‍රමාද නොකර ගෙවන්නත් වගබලා ගන්න. ණය දුන්න කෙනා ණය ගෙවන්න දිනයක් දුන්නේ නැතත් ඔයා දිනයක් කතා කරගන්න. පොරොන්දු වුණ විදිහටම ඒ දිනේට ණය ගෙවන්න. දෙපාර්ශ්වයේම වරදවා වටහාගැනීම් ඇති වෙන එක වළක්වගන්න නම් ගනුදෙනුව ලියවිල්ලක සටහන් කරගන්න එක වැදගත්. (යෙරෙමියා 32:9, 10) පුළුවන් නම් ණය දුන්න කෙනාගේ අතටම ආපහු සල්ලි ටික දෙන්න. එතකොට එයාට ස්තුති කරන්න ඔයාට පුළුවන් වෙයි. ණය ගෙවන එක ගැන කල්පනාවෙන් හිටියොත් බැඳීම්, යාළුකම් නැති වෙන්නෙත් නැහැ. යේසුස් ඉදිරිපත් කරපු ප්‍රසිද්ධ දේශනාවකදී මෙහෙම කිව්වා. “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.” (මතෙව් 5:37) ඒ වගේම මේ දේත් මතක තියාගන්න. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.

බයිබලයෙන් මඟ පෙන්වීම් කීපයක්

ණය ගන්න ඇති වෙන පෙලඹීම වළක්වගන්න බයිබලයේ තියෙන මේ මඟ පෙන්වීම ඔයාට උදව් වෙයි. “ඇත්තෙන්ම දෙවිට භක්තියෙන් සේවය කරන විට ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි. නමුත් ඒ සඳහා කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත්ව සිටිය යුතුයි.” (1 තිමෝති 6:6) අනිත් එක, ණය ගෙවාගන්න බැරි වෙද්දී අද්දකින්න වෙන වේදනාකාරී ප්‍රතිඵල වළක්වගන්න නම් තියෙන දෙයින් සෑහීමට පත් වෙන එක තමයි හොඳම දේ. ඒත් ආස කරන දේවල් ක්ෂණිකව ලබාගන්න පොලඹවන සමාජයකයි අද අපි ජීවත් වෙන්නේ. ඒ නිසා සෑහීමට පත් වෙන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ වුණත් දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිපදිනවා නම් සෑහීමට පත් වෙන්න පුළුවන්.

උදාහරණයකට, ආසියාවේ ඉන්න ක්‍රිස්තියානි යුවළක් ගෙයක් ගත්තොත් හොඳයි කියලා තරුණ කාලෙදී හිතුවා. ඒ නිසා ඉතුරු කරලා තිබුණ සල්ලියි, බැංකුවෙන් ගත්ත ණයයි, නෑදෑයන්ගෙන් ගත්ත ණයයි එකතු කරලා ගෙයක් ගත්තා. ඒත් වැඩි කල් යන්න කලින් මාස්පතා ගෙවන්න තිබුණ ණය එයාලට ලොකු හිසරදයක් වුණා. වැඩිපුර වැඩ කරන්න වුණ නිසා දරුවන් දෙන්නා එක්ක ගත කරන්න තිබුණ කාලයත් අඩු වුණා. “මානසික පීඩනයයි හිතේ වේදනාවයි නිසා මට හරියට නින්ද ගියෙත් නැහැ. ලොකු බරක් හිතේ තිබුණ හින්දා මොනවද කරන්න ඕන කියලා හිතාගන්න මට බැරි වුණා” කියලා ස්වාමිපුරුෂයා කිව්වා.

“බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම්වලට එකඟව මුදල් ගැන සමබර ආකල්පයක් තියාගන්න එක ඇත්තෙන්ම අපිට ආරක්ෂාවක්”

මේ අතරේ 1 තිමෝති 6:6 තියෙන මඟ පෙන්වීම මතක් වෙලා ගේ විකුණන්න ඔවුන් තීරණය කළා. ණය බේරලා හිත සැහැල්ලු කරගන්න ඔවුන්ට පුළුවන් වුණේ අවුරුදු දෙකකට පස්සෙයි. ඒ යුවළ ඉගෙනගත්ත පාඩම මොකක්ද? “බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට එකඟව මුදල් ගැන සමබර ආකල්පයක් තියාගන්න එක ඇත්තෙන්ම අපිට ආරක්ෂාවක්” කියලා ඔවුන් කිව්වා.

ලිපියේ මුලින්ම කිව්ව විදිහට, අප්‍රිකාවේ ප්‍රසිද්ධ කියමනක තිබුණ අදහස හැමෝම වගේ දැනගෙන හිටියත් ණය ගන්න එක නම් නවත්තලා නැහැ. කලින් කිව්ව බයිබල් ප්‍රතිපත්තිය ගැන සලකලා බලද්දී මම සල්ලි ණයට ගන්න ඕනමද කියලා හිතලා බලන එක ඥානවන්ත දෙයක් නෙමෙයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න