පැනයට පිළිතුර බයිබලයෙන්
කවදා හරි මුළු ලෝකෙටම එක ආණ්ඩුවක් එයිද?
සියලු ජාතීන්ව එක්සත් කරන්න එක ආණ්ඩුවකට පුළුවන් කොහොමද? යෙසායා 32:1, 17; 54:13
ලෝකෙටම එක ආණ්ඩුවක් ආවොත් මිනිසුන්ට කොච්චර ප්‍රයෝජන ලැබෙයිද කියලා හිතන්න. අද සමහරු සැප විඳිද්දී සමහරු දුක් විඳිනවා. මිනිසුන්ගේ දුක දැනෙන ආණ්ඩුවක් නම් හැමෝගෙම අවශ්‍යතා සපුරන්න වගබලා ගනියි. ඒ වගේ ආණ්ඩුවක් ඇති කරන්න මිනිසුන්ට පුළුවන් වෙයිද?—යෙරෙමියා 10:23 කියවන්න.
ඉතිහාසය පුරා රට වැසියන්ගේ විශේෂයෙන්ම දිලිඳු අයගේ අවශ්‍යතා සපුරන්න හුඟක් පැතිවලින් ආණ්ඩුවලට බැරි වෙලා තියෙනවා. සමහර පාලනයන් හරිම කෲරයි. (දේශනාකාරයා 4:1; 8:9) ඒත් සියලු බලැති දෙවියන් පොරොන්දු වෙනවා හැම ආණ්ඩුවක්ම ඉවත් කරලා එක ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. ඒකේ පාලකයා මිනිසුන් ගැන හුඟක් සැලකිලිමත් කෙනෙක්.—යෙසායා 11:4; දානියෙල් 2:44 කියවන්න.
දේවරාජ්‍යයෙන් කරන්නේ මොනවාද?
යෙහෝවා දෙවියන් සුදුසුම කෙනාව, ඒ කියන්නේ ඔහුගේ පුත්‍රයා වන යේසුස්ව රජ හැටියට තෝරගෙන තියෙනවා. (ලූක් 1:31-33) ඔහු මේ පොළොවේ ඉන්නකොට උනන්දුවෙන් මිනිසුන්ට උදව් කළා. ඉදිරියේදී ඔහු රජ හැටියට සියලුම ජාතීන්ව එක්සත් කරලා මිනිසුන්ගේ සියලුම දුක් වේදනා ඉවත් කරනවා.—ගීතාවලිය 72:8, 12-14 කියවන්න.
පාලකයා හැටියට හැමෝම යේසුස්ව පිළිගනියිද? නැහැ. ඒත් යෙහෝවා දෙවියන් ඉවසලා පාලකයා හැටියට යේසුස්ව පිළිගන්න ඔවුන්ට අවස්ථාව දෙනවා. (2 පේතෘස් 3:9) ළඟදීම ඔහු නරක මිනිසුන්ව ඉවත් කරලා මුළු ලෝකෙම සාමය හා සුරක්ෂිතභාවය තියෙන තැනක් කරනවා.—මීකා 4:3, 4 කියවන්න.