ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 4/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 4/1 16 පි.
යේසුස්ගේ අතේ තියෙන රෙදි කෑල්ලකින් ලෝක ගෝලය පිස දමනවා වගේ

පැනයට පිළිතුර බයිබලයෙන්

යේසුස් අනාගතයේදී මොනවාද කරන්නේ?

යේසුස් මිය ගියෙත් නැවත නැඟිට්ටෙත් ස්වර්ගයට ගියෙත් ක්‍රිස්තු වර්ෂ 33දී. කාලයක් ගියාට පස්සේ දෙවියන් ඔහුව රජු හැටියට පත් කළා. (දානියෙල් 7:13, 14) අනාගතයේදී ඔහු මුළු පොළොවටම සාමය උදා කරන අතර දුප්පත්කම සම්පූර්ණයෙන්ම නැති කරනවා.—ගීතාවලිය 72:7, 8, 13 කියවන්න.

යේසුස් රජු ලෙස මේ පොළොවෙන් දුෂ්ටකම නැති කරයි

යේසුස් රජු හැටියට, දෙවියන් තමන්ට දුන්න බලය පාවිච්චි කරලා මිනිසුන්ව පරිපූර්ණ තත්වයකට ගේනවා. එදාට මහලු නොවී, මරණය අත් නොදැක මිනිසා මේ පොළොවේ ප්‍රීතියෙන් ජීවත් වෙයි.—යොහන් 5:26-29; 1 කොරින්ති 15:25, 26 කියවන්න.

යේසුස් දැන් මොනවාද කරන්නේ?

තම අනුගාමිකයන් ලොව පුරා කරමින් සිටින දේශනා කිරීමේ කාර්යයට මඟ පෙන්වන්නේ ඔහුයි. ඔහුගේ අනුගාමිකයන් දෙවියන්ගේ රාජ්‍ය ගැන බයිබලයේ කියන දේ හැමෝටම දැනුම් දෙනවා. මිනිසාගේ පාලනය යටතේ තියෙන සියලුම ආණ්ඩු ළඟදීම විනාශ වන තුරු එම කාර්යයට උපකාර කරන බව යේසුස් පැවසුවා.—මතෙව් 24:14; 28:19, 20 කියවන්න.

යේසුස් තම සැබෑ අනුගාමිකයන් මාර්ගයෙන් යහමඟට එන්න මිනිසුන්ට උපකාර කරනවා. ඒ වගේම මේ දුෂ්ට සමාජය විනාශ කරනකොට ඉන් බේරී අලුත් පොළොවට යන්නත් යේසුස් ඔවුන්ට මඟ පෙන්වනවා.—2 පේතෘස් 3:7, 13; එළිදරව් 7:17 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න