පැනයට පිළිතුර බයිබලයෙන්
යේසුස් නැවත පැමිණෙන්නේ ඇයි?
යේසුස් ස්වර්ගයට යන්න කලින් ගෝලයන්ට කිව්වා තමා නැවත පැමිණෙනවා කියලා. ඒක තේරුම් කරන්න ඔහු දුර රටකට ගිය වංශවත් මිනිසෙක්ට තමාව සමාන කළා. ඒ මිනිසා කාලයකට පස්සේ ආපහු තමාගේ රටට ආවේ රජෙක් හැටියටයි. යේසුස් ඒකෙන් අදහස් කළේ තමා නැවත පැමිණෙන්නේ රජෙක් හැටියට මිනිස්සුන්ව පාලනය කරන්න කියලයි.—ලූක් 19:11, 12 කියවන්න.
යේසුස්ගේ පාලනය මිනිසුන්ට සතුට ගෙනෙනවා
යේසුස් ආපහු මිනිසෙක් විදිහට පොළොවට එනවාද? යේසුස්ව නැවත නැඟිටෙව්වේ මිනිසෙක් හැටියට නෙමෙයි. ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හැටියටයි. (1 පේතෘස් 3:18) “පුරාතන තැනැත්තා” වන යෙහෝවා දෙවියන්ගේ දකුණු පැත්තේ යේසුස් කාලයක් හිටියා. (ගීතාවලිය 110:1) ඊටපස්සේ දෙවියන් ඔහුව රජ හැටියට පත් කළා. ඔහු පොළොව පාලනය කරන්නේ ස්වර්ගයේ සිටයි. ඒ නිසා යේසුස් ආපහු පොළොවට එන්නේ නැහැ.—දානියෙල් 7:13, 14 කියවන්න.
යේසුස් රජ හැටියට ඇවිත් මොනවාද කරන්නේ?
ඔහු දේවදූතයන් සමඟ පැමිණ සියලුම මිනිසුන්ව විනිශ්චය කරලා නරක මිනිසුන්ව විනාශ කරනවා. ඒත් ඔහුව රජ හැටියට පිළිගන්න අයට සදාකාල ජීවිතය ලබා දෙනවා.—මතෙව් 25:31-33, 46 කියවන්න.
යේසුස් පාලනය කරන කාලයේදී මුළු පොළොවම පාරාදීසයක් වෙනවා. මිය ගිය අයවත් නැවත නැඟිටවලා එයාලට පාරාදීසයේ සතුටින් ජීවත් වෙන්න අවස්ථාව උදා කරනවා.—ලූක් 23:42, 43 කියවන්න.