ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 9/1 7 පි.
  • අපි දේශනා කරන්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි දේශනා කරන්නේ ඇයි?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්
    2018 පිබිදෙව්!
  • ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්නේ කොහෙන්ද?
    අපේ ප්රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?
  • තේරුම්ගන්න උදව් ඕනෙද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සේවයේ දක්ෂ වීමට - JW.ORG වෙබ් අඩවියට හොඳින් හුරු වෙමු
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 9/1 7 පි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් ශුභාරංචිය කියනවා

මුල් පිටුවෙන් | යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?

අපි දේශනා කරන්නේ ඇයි?

අපිව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගෙයින් ගෙටත් මිනිසුන් ගැවසෙන ඕනම තැනකත් දේශනා කරන අය හැටියටයි. ඇයි අපි එහෙම කරන්නේ?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශනා කරන්නේ දෙවියන්ට ගෞරවය ලබා දෙන්නයි, ඔහුගේ නම අනිත් අයට දන්වන්නයි. (හෙබ්‍රෙව් 13:15) අපි යේසුස්ටත් කීකරු වෙනවා. ඔහු මේ වගේ අණක් දුන්නා. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. . . . මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20.

අපි අසල්වැසියන්ටත් ප්‍රේම කරනවා. (මතෙව් 22:39) තමන්ටම කියලා ආගමික විශ්වාසයන් හුඟක් අයට තියෙනවා. හැමෝම පණිවිඩයට උනන්දුවක් දක්වන්නේ නැහැ කියලත් අපි දන්නවා. ඒත් බයිබලයේ තියෙන සත්‍යයන් මිනිසුන්ගේ ජීවිත ගලවගන්න උදව් වෙනවා. ඒ නිසයි අපි මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් වගේම ‘යේසුස් පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කරන්නේ නැත්තේ.’—ක්‍රියා 5:41, 42.

ආගම් පිළිබඳ හදාරන සමාජ විද්‍යාඥයෙක් වන ආන්ටෝන්යෝ කෝවා මාඩුරෝ සාක්ෂිකරුවන් ගැන ලිව්වේ මෙහෙමයි. ‘ලෝකේ අස්සක් මුල්ලක් නෑර හැම තැනකම ඉන්න අයට දේවවචනය කියන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මැරීගෙන වැඩ කරනවා.’—වෙනිසියුලාවේ පුවත්පතක් (El Universal)

අපේ පොත් පත් කියවන හුඟදෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නෙවෙයි. අපිත් එක්ක බයිබලය පාඩම් කරන මිලියන ගණන් අය වෙනත් ආගම්වල අය. ඒත් තමන්ව හමු වෙන්න සාක්ෂිකරුවන් එන එක ගැන ඒ අය සතුටු වෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔයාට තවත් ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ගෙන් අහන්න.

  • අපේ www.pr418.com වෙබ් අඩවියට පිවිසෙන්න.

  • අපේ රැස්වීම්වලට එන්න. ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. මුදල් අය කරන්නේ නැහැ.

යේසුස් ගෝලයන් දෙන්නෙක්ව දේශනා සේවයට යවනවා
හිමෙන් වැහිලා තියෙන කන්දක්

සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න ‘ශුභාරංචිය සැමට පැවසීමට සංවිධානය වී සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ’ කියන වීඩියෝ එක www.pr418.com/si වෙබ් අඩවියෙන් බලන්න. (ප්‍රකාශන > වීඩියෝ යටතේ බලන්න)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න