ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 12/1 6-7 පි.
  • තේරුම්ගන්න උදව් ඕනෙද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තේරුම්ගන්න උදව් ඕනෙද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අතීතයේදී ලැබුණු උදව්
  • අද දින ලැබෙන උදව්
  • කොයි කාටත් ගැළපෙන වෙබ් අඩවියක්
    2014 පිබිදෙව්!
  • පටුන
    2014 පිබිදෙව්!
  • පටුන
    2014 පිබිදෙව්!
  • පටුන
    2014 පිබිදෙව්!
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 12/1 6-7 පි.

මුල් පිටුවෙන් | බයිබලය තේරුම්ගන්න පුළුවන් පොතක්

තේරුම්ගන්න උදව් ඕනෙද?

ඔයා මුල් වතාවට පිටරටකට ගියා කියලා හිතන්න. එහෙ ඉන්න අය, ඒ අයගේ සිරිත් විරිත්, කෑම බීම, මුදල්, මේ හැම දේම අලුත් නිසා සමහරවිට ඔයාට අමුත්තක් දැනෙයි.

මුල් වතාවට බයිබලය කියවද්දිත් ඔයාට ඒ විදිහට දැනෙයි. මොකද බයිබලය ඔයාව ගෙනියන්නේ ඈත අතීතයට. ඒ නුහුරු නුපුරුදු පරිසරයේදී ඔයාට පිලිස්තිවරු කියලා ජාතියක් මුණගැහෙයි. ‘වස්ත්‍ර ඉරාගන්න’ එක වගේ අමුතු සිරිත් විරිත් ගැනත් මන්නා කියන අලුත් කෑම ජාතිය ගැනත් රිදී කාසි ගැනත් දැනගන්න ලැබෙයි. (නික්මයාම 16:31; යොෂුවා 13:2; 2 සාමුවෙල් 3:31; ලූක් 15:9) පිටරටකට ගියාම එහේ තියෙන දේවල් කවුරු හරි පැහැදිලි කරලා දුන්නොත් ඔයා ඒක අගය කරනවා නේද? ඒ වගේ බයිබලයේ තියෙන දේවල් කවුරු හරි කියලා දුන්නොත් ඔයා අගය කරන්නේ නැද්ද?

අතීතයේදී ලැබුණු උදව්

ක්‍රිස්තු පූර්ව 16වෙනි සියවසේදී බයිබලය ලියන්න පටන්ගත්ත කාලයේ ඉඳලා ඒකේ තියෙන දේවල් අනිත් අයට තේරුම්ගන්න උදව් කරපු අය හිටියා. උදාහරණෙකට ඊශ්‍රායෙල් ජාතියේ 1වෙනි නායකයා වුණ මෝසෙස් ලියවිල්ල පැහැදිලි කරලා දුන්නා.—ද්විතීය කතාව 1:5.

ඊට සියවස් 10කට විතර පස්සෙත් ශුද්ධ ලියවිලි ගැන හොඳ දැනුමක් තිබුණ අය හිටියා. ක්‍රි.පූ. 455දී දරුවන් ඇතුළු විශාල පිරිසක් යෙරුසලමේ රැස් වුණ අවස්ථාවක ශුද්ධ ලියවිලි ගැන හොඳ දැනුමක් තිබුණු අය ජනයාට ඇහෙන්න ‘ලියවිල්ල කියෙව්වා.’ ඒ විතරක් නෙමෙයි ‘ඒ දේවල නියම අර්ථය තේරුම්ගන්නත් ඔවුන්ට උපකාර කෙරුවා.’—නෙහෙමියා 8:1-8.

ඊට සියවස් 5කට පස්සේ යේසුස් ඒ වගේම ඉගැන්වීමේ කටයුත්තක යෙදුණා. ඔහු කා අතරත් ප්‍රසිද්ධ වෙලා හිටියේ ගුරුවරයෙක් හැටියට. (යොහන් 13:13) ඔහු විශාල සමූහයන්ට වගේම තනි තනි පුද්ගලයන්ටත් ඉගැන්නුවා. යේසුස් කන්ද උඩ දේශනාවේදී විශාල සමූහයකට ඉගැන්නුවා. ඒ වෙලාවේ ‘සමූහයා ඔහු උගන්වන ආකාරය ගැන මවිත වුණා.’ (මතෙව් 5:1, 2; 7:28) තවත් අවස්ථාවක ක්‍රි.ව. 33දී යෙරුසලම කිට්ටුව තිබුණු ගමකට යද්දී යේසුස් ඔහුගේ ගෝලයන් දෙන්නෙක්ට කතා කෙරුවා. ඔවුන්ගේ ගමනට එකතු වුණ යේසුස් ‘ශුද්ධ ලියවිල්ලේ දේවල් හොඳින් පැහැදිලි කෙරුවා.’—ලූක් 24:13-15, 27, 32.

යේසුස්ගේ ගෝලයනුත් දේවවචනය ඉගැන්නුවා. ඉතියෝපියානු නිලධාරියෙක් ශුද්ධ ලියවිල්ලේ කොටසක් කියවමින් හිටිය වෙලාවක ෆිලිප් කියන ගෝලයා ඔහුගෙන් ඇහුවා “ඔබ කියවන දේ ඔබට ඇත්තටම වැටහෙනවාද” කියලා. “කාගෙවත් මඟ පෙන්වීමක් නැතුව මේ දේවල් මම කොහොමද තේරුම්ගන්නේ” කියලා ඒ නිලධාරියා කිව්වාම ෆිලිප් ඒ කොටස ඔහුට පැහැදිලි කෙරුවා.—ක්‍රියා 8:27-35.

අද දින ලැබෙන උදව්

අතීතයේ හිටිය අය බයිබලය ගැන ඉගැන්නුවා වගේ අදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 239ක බයිබලය ඉගැන්වීමේ කාර්යයක නියැලෙනවා. (මතෙව් 28:19, 20) ඔවුන් මිලියන 9කට වඩා වැඩි පිරිසකට බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න සතිපතා උදව් කරනවා. ඉගෙනගන්න වැඩිදෙනෙක් ක්‍රිස්තියානි අය නෙවෙයි. ඉගෙනගන්න කෙනාගේ ගෙදරදී හරි ඒ කෙනා කැමති තැනකදී හරි සාක්ෂිකරුවන් ඒ අයට උගන්වන්නේ නොමිලේ. තවත් සමහරු ෆෝන් එකෙන්, ටැබ් එකෙන්, වීඩියෝ කෝල් මාර්ගයෙන් නැත්නම් අන්තර්ජාලය හරහා බයිබලය ගැන ඉගෙනගන්නවා.

මේ සැලැස්මෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහ ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් අහන්න. බයිබලයේ තියෙන දේවල් ඉගෙනගනිද්දී ඒක තේරුම්ගන්න බැරි පොතක් නෙවෙයි ඒක “ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්” පොතක් කියලා ඔයාට දැනගන්න ලැබෙයි. බයිබලයේ තියෙන දැනුම ලබාගත්තාම ඔයාට “සියලු දේ කිරීමට සමත් කෙනෙක් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක්” වෙන්න පුළුවන්.—2 තිමෝති 3:16, 17.

www.pr418.com/si වෙබ් අඩවියේ තියෙන ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න

www.pr418.com/si වෙබ් අඩවියේ තියෙන ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලන්න

වෙබ් අඩවියෙන් උදව්

ආපන ශාලාවක ඉඳගෙන ඉන්න කාන්තාවක් jw.org වෙබ් අඩවිය බලනවා

බයිබලයේ තියෙන දේවල් දැනගන්න ඔයාටම පුළුවන්. මුලින්ම jw.org වෙබ් අඩවියට යන්න. ඒකෙන් බයිබලය ගැන භාෂා 700කට වඩා වැඩි ගණනකින් තොරතුරු නොමිලේ ලබාගන්න පුළුවන්. මේ මාතෘකා යටතේ තියෙන ලිපි කියවලා බලන්න.

පොදුවේ අහන ප්‍රශ්න

  • ජීවිතේ හරය මොකක්ද?

  • අපි මැරෙන්නේ ඇයි?

  • මැරුණට පස්සේ මොකද වෙන්නේ?

(බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න)

පෞද්ගලික ප්‍රශ්න

  • කලකිරීමෙන් ගොඩ එන විදිහ

  • බරපතළ අසනීපයක් දරාගන්න විදිහ

  • ආර්ථික ප්‍රශ්න සහ ණය බර

(බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න)

පවුලේ අයට උපකාරය

  • බහින් බස් වීම් වළක්වගන්න විදිහ

  • වගකීම් දැරීමට දරුවන්ව පුහුණු කරන විදිහ

  • දරුවන්ගේ සිතට නිවැරදි ප්‍රතිපත්ති කාවද්දන විදිහ

(බයිබල් ඉගැන්වීම් > විවාහක යුවළට සහ දෙමාපියන්ට යටතේ බලන්න)

යෞවනයන්ට

  • ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන විදිහ

  • ළමයි අරියාදු කරද්දී කරන්න පුළුවන් දේ

  • තනිකම දරාගන්න පුළුවන් විදිහ

(බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න