ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 අප්‍රියෙල් 3-4 පි.
  • ඔයාගේ සේවය හිමිදිරි උදේ පතිත වෙන පිනි බිඳු වගේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ සේවය හිමිදිරි උදේ පතිත වෙන පිනි බිඳු වගේද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සේවය පිනි බිඳු වගේ . . .
  • සේවය වටිනා දෙයක් හැටියට සලකන්න
  • ස්වභාවධර්මයාගේ කඳුළු
    1995 පිබිදෙව්!
  • ඔබත් පිනි බින්දු වගේද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට මතකද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 අප්‍රියෙල් 3-4 පි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කෙනෙකුට පණිවිඩය දේශනා කරන විදිහ පිනි බිඳුවක් ඇතුළේ පෙන්නලා තියෙනවා

ඔයාගේ සේවය හිමිදිරි උදේ පතිත වෙන පිනි බිඳු වගේද?

දේවසේවය අපිට හුඟක් වටිනවා. ඒත් සේවයේදී අපිට හම්බ වෙන හැමෝම ඒක අගය කරන්නේ නැහැ. සමහරු ශුභාරංචියට උනන්දුවක් දැක්වුවත් බයිබල් පාඩමක් කරන්න කැමති නැහැ.

ගැවින් ඒ වගේ කෙනෙක්. එයා රැස්වීම්වලට ආවත් බයිබලේ පාඩම් කරන්න කැමති වුණේ නැහැ. එයා මෙහෙම කියනවා. “මට බයිබලේ ගැන එච්චර දැනුමක් තිබුණේ නැතත් ඒක අනිත් අයට පෙන්නන්න මං කැමති වුණේ නැහැ. මං බොරුවකට අහු වෙයි, ආගමකට බන්දගනියි කියලා හිටියේ බයෙන්.” ගැවින් ගැන ඔයා මොනවද හිතන්නේ? එයා වෙනුවෙන් මහන්සි වෙන එකේ තේරුමක් තියෙයිද? කවදාවත් එහෙම හිතන්න එපා. බයිබලේ තියෙන ඉගැන්වීම් කෙනෙකුගේ ජීවිතේට මොන තරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා හිතන්න. යෙහෝවා දෙවි අතීතයේ හිටපු ඔහුගේ සෙනඟට මෙහෙම කිව්වා. “මාගේ වචන පිනි බිඳු මෙනි. ඒවා තණකොළ සිපගන්නා පොද වැසි මෙනි.” (ද්වි. 31:19, 30; 32:2) පිනි බිඳුවක් මොන වගේද කියලා තේරුම්ගද්දී ඕනෑම කෙනෙකුට හිතට දැනෙන විදිහට කතා කරන්න අපිටත් පුළුවන් වෙයි.—1 තිමෝ. 2:3, 4.

සේවය පිනි බිඳු වගේ . . .

සුමුදුයි. පිනි බිඳු හැදෙන්නේ වාතයේ තියෙන ජල අංශු ටිකෙන් ටික එකතු වෙලා. දෙවිගේ ‘වචන පිනි බිඳු’ වගේ කිව්වේ ඔහු හරිම මෘදු, කාරුණික විදිහට, සෙනඟව තේරුම් අරන් කතා කරපු නිසයි. අනිත් අයගේ අදහස්වලට ගරු කරද්දී අපිත් ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිවයි. සේවයේදී හම්බ වෙන අයට අපි උනන්දු කරන්න ඕනෙ අපේ පණිවිඩය නිකම්ම පිළිගන්න කියලා නෙමෙයි හේතු ඇතුව දේවල් හොයලා එයාලටම තීරණයක් ගන්න කියලයි. ඒ විදිහට සැලකිල්ලක් දක්වද්දී අපේ පණිවිඩය පිළිගන්න එයාලට පහසු වෙයි.

ප්‍රබෝධයක් ගෙන දෙයි. සේවයේදී හම්බ වෙන අයගේ උනන්දුව තව වැඩි කරන්න පුළුවන් ක්‍රම ගැන හිතලා ඒවා අදාළ කරගන්නවා නම් ඒ අයට ප්‍රබෝධයක් ගේන්න අපිට පුළුවන්. ගැවින්ව මුලින්ම හම්බ වුණේ ක්‍රිස්ට. පාඩමක් කරන්න බල කරනවා වෙනුවට බයිබලේ තියෙන තොරතුරු ගැන සාකච්ඡා කරන්න ආසාවක් ඇති කරන්න එයා විවිධ ක්‍රම පාවිච්චි කළා. බයිබලේ තේමාව හොඳට අවබෝධ කරගත්තොත් රැස්වීම්වලින් තවත් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා එයා ගැවින්ට කිව්වා. බයිබලේ ගැන එයාට විශ්වාසයක් ඇති වුණේ අනාවැකි අධ්‍යයනය කරපු නිසයි කියලත් ක්‍රිස් ගැවින්ට කිව්වා. අනාවැකි ඉටු වෙලා තියෙන විදි ගැන කීප වතාවක්ම සාකච්ඡා කරන්න ඒකෙන් මඟ පෑදුණා. ඒ සාකච්ඡාවලින් ගැවින් ලොකු ප්‍රබෝධයක් ලැබුවා. බයිබල් පාඩමක් කරන්නත් එයා කැමති වුණා.

ජීවය පවත්වාගන්න උදව්වක්. ඊශ්‍රායෙල් දේශයේ සමහර කාලවලදී මාස ගාණක් යන කල් වැහි පොදක් දකින්නවත් නැහැ. පින්න තිබුණේ නැත්නම් ගහ කොළ ඒ කාලයේදී වේළිලා යයි. දෙවි ගැන නිවැරදි දැනුම නැති නිසා අද මිනිස්සු ඉන්නෙත් නියඟයක් අද්දකිනවා හා සමාන තත්වයක. (ආමො. 8:11) ඒත් දෙවි පොරොන්දු වුණේ අභිෂේක ලත් අය දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට දැනුම් දෙනවා කියලයි. එයාලව “යෙහෝවා දෙවි වෙතින් නික්මෙන පිනිවලට” සමාන කළේ ඒ නිසයි. ඒ අයට “වෙනත් බැටළුවනුත්” සහය වෙනවා. (මීකා 5:7; යොහ. 10:16) මිනිසුන්ට ජීවය පවත්වාගෙන යන්න අවශ්‍ය පෝෂණය දෙවි ශුභාරංචිය මාර්ගයෙන් ලබා දෙනවා කියලා අපිට විශ්වාසද?

දෙවිගේ ආශීර්වාදයක්. (ද්වි. 33:13) පණිවිඩය පිළිගන්න අයට අපේ සේවය ආශීර්වාදයක් වෙන්න පුළුවන්. ගැවින්ටත් ඒ වගේ ආශීර්වාද ලැබුණා. බයිබල් පාඩම නිසා එයාට තිබුණු ප්‍රශ්නවලට උත්තර ලැබුණා. එයා ඉක්මනින් බව්තීස්ම වුණා විතරක් නෙමෙයි බිරිඳ ජොයිස් එක්ක දැන් උපරිමයෙන් සේවයේ හවුල් වෙනවා.

බස් නැවතුම්පොළක ඉන්න අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය ගැන කියමින්

පිනි දියෙන් පොළොව නැහැවෙනවා වගේ සාක්ෂිකරුවන් පොළොව පුරාම ශුභාරංචිය පතුරුවනවා

සේවය වටිනා දෙයක් හැටියට සලකන්න

ඔයා කරන සේවයේ ප්‍රමාණය මොකක් වුණත් ඒක හුඟක් වටිනවා කියලා තේරුම්ගන්නත් පිනි බිඳු ගැන හිතන එක උදව්වක්. ඒ කොහොමද? පිනි බිඳුවකට ලොකු දෙයක් කරන්න බැහැ. ඒත් මිලියන ගාණක් පිනි බිඳුවලට පුළුවන් මුළු පොළොවම පිනි දියෙන් නහවන්න. ‘මම කරන සේවය හරිම ටිකයි’ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සේවකයන් එකතු වෙලා කරන සේවය නිසා “සියලු ජාතීන්ට” දේශනා කරන්න පුළුවන් වෙලා තියෙනවා. (මතෙ. 24:14) අපි කරන සේවය යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයක් හැටියට අනිත් අය දකියිද? අපේ සේවය පිනි බිඳු වගේ නම් ඒක එහෙම වෙයි!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න