ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w19 මාර්තු 29-31 පි.
  • “ආමෙන්” කියන වචනයට වටිනාකමක් තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ආමෙන්” කියන වචනයට වටිනාකමක් තියෙනවාද?
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි”
  • “‘ආමෙන්’ කියා පවසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා”
  • වටිනාකමක් තියෙනවාද?
  • ඔබ දැන සිටියාද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ අරමුණ තුළ යේසුස්ට හිමි සුවිශේෂී කාර්යය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • “ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න”
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w19 මාර්තු 29-31 පි.
සභාවක සහෝදර සහෝදරියන් යාව්ඤාවක් අතරතුරේ ඔළුව පහත් කරගෙන ඒකට සවන් දෙනවා

“ආමෙන්” කියන වචනයට වටිනාකමක් තියෙනවාද?

අපි යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය ඔහු හුඟක් අගය කරනවා. ඔහුගේ සේවකයන් කරන කියන දේවලට ඔහු “හොඳින් අවධානය” දෙනවා වගේම ඔහුට ප්‍රශංසා කරන්න අපි කරන හැම පුංචි දෙයක්ම ඔහු අගය කරනවා. (මලා. 3:16) උදාහරණෙකට අපි නිතරම වගේ පාවිච්චි කරන “ආමෙන්” කියන වචනය ගැන හිතන්න. යෙහෝවා දෙවියන් අපි කියන ඒ පුංචි වචනය අගය කරනවාද? ඔව්. ඒ ඇයි කියලා දැනගන්න ඒ වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලත් ඒ වචනය බයිබලේ පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කියලත් අපි බලමු.

“සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි”

“ආමෙන්” කියන වචනයේ තේරුම “එසේම වේවා” හෝ “ඇත්තෙන්ම” කියන එකයි. ඒක ඇවිත් තියෙන්නේ “විශ්වාසවන්ත වෙන්න” කියන අදහස තියෙන හෙබ්‍රෙව් වචනයකින්. නඩු විභාග කරද්දීත් ඒ වචනය භාවිත කළා. කෙනෙක් දිවුරුමක් දුන්නාම එයා කියපු දේවල් ඇත්තයි කියලා ස්ථිර කරන්නත් ඒකේ ප්‍රතිඵල තමන් භාරගන්නවා කියලා සහතික කරන්නත් “ආමෙන්” කියලා කියනවා. (ගණන්. 5:22) කට්ටියක් ඉස්සරහා “ආමෙන්” කියලා කිව්වාම කියපු දේ කරන්න තියෙන පෙලඹීම වැඩියි.—නෙහෙ. 5:13.

ඊශ්‍රායෙල්වරු “ආමෙන්” කියන වචනය පාවිච්චි කරපු විදිහ ද්විතීය කතාව 27වෙනි පරිච්ඡේදයෙන් අපිට හොයාගන්න පුළුවන්. ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වුණාට පස්සේ එයාලා එක තැනක රැස් වුණා. එයාලා රැස් වුණේ නීතියට ඇහුම්කන් දෙන්න විතරක් නෙමෙයි නීතිය පිළිගත්තා කියලා කියන්නයි. එයාලා ඒක කළේ නීතියට අකීකරු වුණාම ලැබෙන ප්‍රතිඵල ගැන කිව්වාම ඒකට “ආමෙන්” කියලයි. (ද්වි. 27:15-26) ගැහැනුන්, පිරිමින් සහ ළමයින් දහස් ගාණක් එකපාර “ආමෙන්” කියලා කියද්දී ඒක කොහොම තියෙන්න ඇද්ද! (යොෂු. 8:30-35) එදා එයාලා කියපු දේ එයාලා අමතක කළේ නැහැ. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “යොෂුවා ජීවත්ව සිටි කාලයේදී ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළා. ඔහු මිය යෑමෙන් අනතුරුව ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවි ක්‍රියා කළ ආකාරය දැක තිබූ වැඩිමහල්ලන් ජීවත්ව සිටින තාක් කල් සෙනඟ දෙවිට විශ්වාසවන්තව හිටියා.”—යොෂු. 24:31.

යේසුත් “ආමෙන්” කියන වචනය පාවිච්චි කළා. ඒත් ඔහු ඒ වචනය පාවිච්චි කළේ වෙනස්ම විදිහකට. දෙයක් කිව්වාට පස්සේ “ආමෙන්” කියලා කියනවා වෙනුවට යේසුස් “ආමෙන්” (නැත්නම් “ඇත්තෙන්ම”) කියලා කිව්වේ යම් දෙයක් කියන්න කලින්. එහෙම කළේ ඔහු කියන්න යන දේ සත්‍යයයි කියලා කාවද්දන්න. (මතෙ. 5:18; යොහ. 1:51) දෙවියන්ගේ හැම පොරොන්දුවක්ම ඉටු වෙන්නේ යේසුස් මාර්ගයෙන් නිසා ඔහු කියන දේවල් සත්‍යයයි කියලා ලොකු නිසැකකමකින් කියන්න ඔහුට පුළුවන් වුණා.—2 කොරි. 1:20; එළි. 3:14.

“‘ආමෙන්’ කියා පවසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා”

ඊශ්‍රායෙල්වරු දෙවියන්ට ප්‍රශංසා කරද්දීත් යාච්ඤා කරද්දීත් “ආමෙන්” කියන වචනය පාවිච්චි කළා. (නෙහෙ. 8:6; ගීතා. 41:13) යාච්ඤාවකට සවන් දුන්නාට පස්සේ “ආමෙන්” කියලා කිව්ව එකෙන් පෙන්නුවේ යාච්ඤාවෙන් කියපු දේවලට එයාලත් එකඟයි කියලා. ඒකෙන් රැස් වෙලා ඉන්න හැමෝටම දෙවියන්ට කරපු නමස්කාරයට හවුල් වෙන්න අවස්ථාව ලැබුණා. දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනාපු අවස්ථාවේ මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට යාච්ඤාවක් කළා. 1 ලේකම් 16:8-36 සඳහන් වෙන්නේ ඒ යාච්ඤාවයි. දාවිත්ගේ යාච්ඤාව හිතට කොච්චර වැදුණාද කියනවා නම් රැස් වෙලා හිටපු “සියලුදෙනාම, ‘ආමෙන්’ කියා පවසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා.” ඒ විදිහට එක්ව දෙවියන්ට නමස්කාර කරලා එදා එයාලා ලොකු සතුටක් ලැබුවා.

මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීනුත් දෙවියන්ට ප්‍රශංසා කරද්දී “ආමෙන්” කියන වචනය පාවිච්චි කළා. හුඟක් බයිබල් ලේඛකයන් එයාලා ලියපු ලිපිවලත් ඒ වචනය සඳහන් කරලා තියෙනවා. (රෝම 1:25; 16:27; 1 පේතෘ. 4:11) ස්වර්ගයේ ඉන්න අයත් දෙවියන්ට ප්‍රශංසා කරන්න “ආමෙන්” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. (එළි. 19:1, 4) මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එයාලගේ රැස්වීම්වලදී කරපු යාච්ඤා සාමාන්‍යයෙන් අවසන් කළේ “ආමෙන්” කියලා. (1 කොරි. 14:16) ඒත් එයාලා ඒක කිව්වේ නිකම්ම පුරුද්දක් විදිහට නෙමෙයි. මුළු හදවතින්ම පෙලඹිලයි එයාලා “ආමෙන්” කිව්වේ.

වටිනාකමක් තියෙනවාද?

අතීතයේ හිටපු අය “ආමෙන්” කියන වචනය පාවිච්චි කරපු විදි තේරුම්ගත්තාට පස්සේ අපිට පේනවා යාච්ඤාවක් අවසානයේ “ආමෙන්” කියලා කියන එක කොයි තරම් ගැළපෙනවාද කියලා. අපි පෞද්ගලිකව කරන යාච්ඤාවක් අවසානයේ “ආමෙන්” කියන්නේ අපි කියපු දේවල් කිව්වේ හදවතින්ම කියලා පෙන්නන්න. ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවක් අවසානයේ නිහඬව වුණත් අපි “ආමෙන්” කියද්දී ඒකෙන් පෙන්නන්නේ ඒ කෙනා කියපු දේට අපි එකඟයි කියලා. යාච්ඤාවක් අවසානයේ අපි “ආමෙන්” කියද්දී ඒකට වටිනාකමක් එකතු වෙන්නේ තව මොන හේතු නිසාද?

තව කෙනෙක් කරන යාච්ඤාවකට අපි හොඳින් ඇහුම්කන් දෙන නිසා. යාච්ඤාව අපේ නමස්කාරයට අයිති දෙයක්. ඒ නිසා යාච්ඤා කරද්දී අපි කියන දේ වගේම අපි හැසිරෙන විදිහත් වැදගත්. යාච්ඤාවක් අවසානයේදී අපිට ඕනෙ අවංකවම “ආමෙන්” කියන්න නිසා අපි කතා කරන්නේ කා එක්කද කියන දේ මනසේ තියාගන්නවා වගේම යාච්ඤාවට හොඳින් ඇහුම්කන් දෙනවා.

අපි අතරේ එක්සත්කමක් ඇති කරන නිසා. ප්‍රසිද්ධ යාච්ඤාවකදී සභාවේ හැමෝම සවන් දෙන්නේ එකම දේටයි. (ක්‍රියා 1:14; 12:5) ඊටපස්සේ හැමෝම “ආමෙන්” කියද්දී එක්සත්කම තව වැඩි වෙනවා. අපි හැමෝම එකට ශබ්ද නඟලා හෝ හිතින් “ආමෙන්” කියද්දී අපේ ඉල්ලීම ඉටු කරන්න දෙවියන් පෙලඹෙයි.

දුරකථනය මාර්ගයෙන් රැස්වීමට සවන් දෙන සහෝදරියක් යාච්ඤාව වෙලාවේ ඔළුව පහත් කරගෙන ඒකට සවන් දෙනවා

අපි “ආමෙන්” කියද්දී ඒකෙන් දෙවියන්ට ප්‍රශංසාවක් ලැබෙනවා

අපි යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන නිසා. දෙවියන්ට නමස්කාර කරන්න අපි කරන පුංචි දේත් ඔහු දකිනවා. (ලූක් 21:2, 3) අපි ඒක කරන හේතුවත් ඔහු දන්නවා. කෙනෙක් රැස්වීමට දුරකථනය මාර්ගයෙන් සවන් දුන්නත් එයා “ආමෙන්” කියද්දී දෙවියන් ඒක දකිනවා. එයා එතන හිටියේ නැතත් දෙවියන්ට ප්‍රශංසා කරන්න සභාවේ අනිත් අය එක්ක එයා එකතු වෙනවා.

“ආමෙන්” කියන්නේ පුංචි වචනයක්. ඒත් ඒකට ලොකු අර්ථයක් තියෙනවා. බයිබල් විශ්වකෝෂයක කියන විදිහට දෙවියන්ගේ සේවකයන්ට පුළුවන් මේ පුංචි වචනය පාවිච්චි කරලා ලොකු දෙයක් කරන්න. අපි “ආමෙන්” කියලා කියන හැම වතාවකම ඒ ගැන දෙවියන් සතුටු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.—ගීතා. 19:14.

හැම යාච්ඤාවක් අවසානයේම “ආමෙන්” කියන්න ඕනෙද?

“ආමෙන්” කියන වචනයට ලොකු අර්ථයක් තියෙනවා. ඒ නිසා අපි ඒක ආවට ගියාට පාවිච්චි කරන්නේ නැහැ. හිතන්න, යාච්ඤාවක් කරද්දී කෙනෙක් දෙයක් වරද්දලා කිව්වා කියලා. ඒ යාච්ඤාවට අපි “ආමෙන්” කියන එක සුදුසු නැද්ද? එහෙම කියන්න බැහැ. මොකද කතා කරද්දී අපි හැමෝටම වරදිනවා කියලා දෙවියන් දන්නවා. ඔහු ඒ වැරදි අමතක කරනවා. ඒ නිසා වෙන කෙනෙක් යාච්ඤා කරද්දී වචනයෙන් වචනයට අවධානය දෙනවා වෙනුවට එයා කියන අදහසට අවධානය දෙනවා නම් “ආමෙන්” කියලා කියන්න අපිට පුළුවන් වෙයි.

ඒ වුණත් සාක්ෂිකරුවෙක් නොවන කෙනෙක් කරන යාච්ඤාවකට අපි ශබ්ද නඟලවත් හිතින්වත් “ආමෙන්” කියලා කියන්නේ නැහැ. උදාහරණෙකට හිතන්න රැකියා ස්ථානයේ මොකක් හරි විශේෂ අවස්ථාවකට අපි සහභාගි වෙද්දී එතන ඉන්න කෙනෙක් යාච්ඤාවක් ඉදිරිපත් කරනවා කියලා. එහෙම නැත්නම් සාක්ෂිකරුවෙක් නොවන ඔයාගේ පවුලේ මූලිකයා පවුලේ අය වෙනුවෙන් යාච්ඤාවක් ඉදිරිපත් කරනවා කියලා හිතන්න. ඒ වගේ අවස්ථාවකදී අපි මොකද කරන්නේ?

ඒ අවස්ථාවට අගෞරව නොකර නිශ්ශබ්දව ඉන්න අපිට පුළුවන්. ඒත් යාච්ඤාව අවසානයේදී අපි “ආමෙන්” කියලා කියන්නේවත් යාච්ඤාව වෙලාවේ අනිත් අයගේ අත් අල්ලගන්නේවත් නැහැ. එහෙම කළොත් අපිත් ඒ යාච්ඤාවට හවුල් වුණා වගේ වෙනවා. ඒ වගේ වෙලාවක කැමති නම් අපිට පුළුවන් නිහඬව යෙහෝවා දෙවියන්ට යාච්ඤාවක් කරන්න. ඒත් පෞද්ගලිකව අපි කරපු යාච්ඤාවට ශබ්ද නඟලා “ආමෙන්” කියන්නේ නැහැ. මොකද එතකොට අනිත් අය හිතයි අපි “ආමෙන්” කිව්වේ එයාලගේ යාච්ඤාවට කියලා. එතන ඉන්න අනිත් හැමෝම හිටගත්තොත් මොකද කරන්නේ? හිටගන්නවාද නැද්ද කියලා අපිට තීරණයක් ගන්න පුළුවන්. මොකද හිටගත්තා කියලා, ඔළුව පහත් කරගත්තා කියලා අපි එයාලගේ නමස්කාරයට හවුල් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙද්දී කරන්න ඕනෙ මොනවාද කියලා තීරණය කරන්න අපි එක් එක් කෙනාට පුළුවන්. ඒ වගේම තව කෙනෙක් ගත්ත තීරණයක් අපි විවේචනය කරන්න හොඳ නැහැ.

අපි “ආමෙන්” කියද්දී යෙහෝවා දෙවියන් ඒ ගැන සැලකිලිමත් කියලා ඉහත සඳහන් උදාහරණවලින් පැහැදිලි වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න