සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අප්රි. 1
“මම කැමතියි, බයිබලයේ තියෙන සිත්ගන්නාසුලු දෙයක් ඔයත් එක්ක බෙදාගන්න. [මතෙව් 22:37 කියවන්න.] ඔයා හිතන විදිහට මේ පදයෙන් අදහස් කරන්නේ මොකද්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ‘ඔබේ හදින් හා මනසින් දෙවිව සොයන්න’ කියන මේ ලිපියේ කියන දෙය බලන්න. සැබෑ ඇදහිල්ල කියන්නේ නිකම්ම හදවතට පමණක් සම්බන්ධ දෙයක්ද නැත්නම් මනසත් ඒකට සම්බන්ධද?මේ ප්රශ්නයට මේ ලිපියේ දීලා තියෙන උත්තරයෙන් ඒ කාරණය හොඳින් අවබෝධ කරගන්න ඔයාට පුළුවන්.”
පිබිදෙව්! අප්රි. 8
“ඔයා දන්නවා අද කාලේ පවුලක් බලා කියා ගන්න එක ලෙහෙසි දෙයක් නෙමෙයි කියලා. අම්මා කෙනෙක්ට ගෙදරක හුඟාක් වැඩ තියෙනවා. ‘මවක් වීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද’ කියන විෂය ගැන උනන්දුව දනවනසුලු තොරතුරු මේ පිබිදෙව්! සඟරාවේ තියෙනවා. මම කැමතියි ඔයාට මේ සඟරාවේ පිටපතක් දෙන්න.”
මුරටැඹ අප්රි. 15
“මිනිසුන් ලෝකයේ කොතැනක ජීවත් වුණත් තමන්ගේ අනාගත ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් හොඳ රැකියාවක් කිරීමෙන් ආර්ථික වශයෙන් ආරක්ෂාවක් සපයාගන්න උත්සාහ කරනවා. සදාකාලයටම සුරක්ෂිතව ඉන්න පුළුවන් විදිහට මේ ලෝකයේ කල්පවතින සුරක්ෂිතභාවයක් ඇති කරන ක්රමයක් තියෙනවා කියලා ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවාද? [ගීතාවලිය 16:8, 9 කියවන්න.] සැබෑ සුරක්ෂිතභාවය සොයාගන්න පුළුවන් කොහෙන්ද කියා මේ මුරටැඹ සඟරාවේ සාකච්ඡා කරනවා.”
පිබිදෙව්! අප්රි. 8
“භූමිකම්පා නිසා හරියටම කියන්න බැරි තරම් මරණ හා දේපොළ විනාශයන් සිදු වෙනවා. හුඟාක් වේලාවට ජීවිත ගළවාගන්න අයට යන එන මං නැති වෙනවා. ඔවුන්ට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. භූමිකම්පාවකට ගොදුරු වුණ අයට භූමිකම්පාවෙන් පස්සේ අද්දකින්න සිදු වෙන දේවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලා මේ පිබිදෙව්! සඟරාවේ පැහැදිලි කරනවා. ඒ වගේම මේ සඟරාවේ පැහැදිලි කරනවා භූමිකම්පා වැදගත් බයිබල් අනාවැකියකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා.”