ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/03 7 පි.
  • ආබාධිත වුවත් පල දරමින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආබාධිත වුවත් පල දරමින්
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් ඔයාව සවිමත් කරයි
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයාට භාර දීලා තියෙන දේවසේවය සම්පූර්ණයෙන්ම කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අප්‍රියෙල් මාසය ‘වීර්යය කරමින් වැඩ කිරීමට’ කාලයකි
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • ඉගෙනීමේ විකලතාවක් සමඟ ජීවත්වීම
    1997 පිබිදෙව්!
තව තොරතුරු
2003 අපගේ රාජ්‍ය සේවාව
km 6/03 7 පි.

ආබාධිත වුවත් පල දරමින්

1 ඔබත් ආබාධිතව සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිහිපදෙනාගෙන් කෙනෙකු නම් පලදායක ලෙස දේවසේවයේ හවුල් වන්න ඔබටත් පුළුවනි. ඔබ සිටින තත්වය නිසා යම් අයට සාක්ෂි දැරීමට හා යම් අයව දිරිමත් කිරීමට ඔබට විශේෂ ප්‍රස්තා උදාවීමට ඉඩ තිබේ.

2 සාක්ෂියක් දීමට උදා වන ප්‍රස්තා: ශාරීරිකව ආබාධිතව සිටීම නිසා අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින අය දේවසේවයේ පූර්ණ ලෙස හවුල් වෙති. නිදසුනක් වශයෙන්, සැත්කමකින් පසු ඇවිදීමට හා කතා කිරීමට නොහැකි තරමට දුර්වල වූ සහෝදරියක්, බොහෝදෙනෙකු ගමන් කරන විදීයක් අසල ස්වාමිපුරුෂයා ඔවුන්ගේ මෝටර් රථය නතර කර තැබුවොත් සඟරා සේවයේ හවුල් වන්න හැකි බව තේරුම්ගත්තාය. එක් අවස්ථාවකදී ඇය පැය දෙකක් ඇතුළත සඟරා 80ක් බෙදාහැරියාය. ඔබ සිටින තත්වය නිසා ඔබටත් ප්‍රස්තා උදා විය හැකියි වෙනත් ආකාරවලින් හමුවීම දුෂ්කර විය හැකි ජනයා සමඟ කතා කිරීමට. එසේනම් එම අවස්ථා ඔබේ විශේෂ බලප්‍රදේශය හැටියට සලකන්න.

3 ඔබේ දේශනා සේවය ඉතා පලදායී විය හැකියි. ඔබේ අධිෂ්ඨාන ශක්තිය හා බයිබල් සත්‍යය ඔබේ ජීවිතය කෙරෙහි ඇති කර තිබෙන යහපත් බලපෑම අනිත් අය දකිද්දී ඔවුන්ගේ සිත් රාජ්‍ය පණිවිඩය කෙරෙහි ඇදී යා හැකියි. එපමණක්ද නොවෙයි, නොයෙකුත් අමාරුකම් නිසා දුක් වේදනා විඳින අයව ඔබට හමු වන විට, දේවවචනයෙන් ඔවුන්ට සැනසිල්ල ගෙන දීමට ඔබ ජීවිතයේ අද්දකින දෙය මහත් උපකාරයක් විය හැකියි.—2 කොරි. 1:4.

4 අන් අයව ශක්තිමත් කරන්න: අවුරුදු 37ක් පුරා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක එක්තැන් වී සිටියත් බයිබලයේ සඳහන් සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගැනීමට 17දෙනෙකුට උපකාර කළ ලෝරල් නිස්බට්ගේ ජීවිත කතාව කියවීමෙන් ඔබ දිරිගැන්වීමක් ලැබුවේ නැද්ද? ඒ හා සමානව ඔබේ ආදර්ශයද යෙහෝවාගේ සේවයෙහි හැකි උපරිමයෙන් හවුල් වීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට සෙසු ඇදහිලිවන්තයන්ව පෙලඹවිය හැකියි.—පිබිදෙව්! 1993 මැයි 8 සඟරාවේ පිටු 16-19.

5 ඔබ සිටින තත්වය නිසා කැමති තරම් කාලයක් දේවසේවයේ හවුල් වීමට නොහැකි වුවත් අන් අයව ශක්තිමත් කරන්න ඔබට හැකියි. එක් සහෝදරයෙක් මෙසේ පැවසුවේය. “දරුණු ලෙස ආබාධිත තත්වයක සිටින කෙනෙකුගෙන් පවා අනිත් අයට ලොකු සේවයක් වෙනවා කියලා මම තේරුම්ගෙන තියෙනවා. මගේ භාර්යාවත් මමත් අපේ සභාවේ විවිධ තත්වයන්වල සිටින අයට ශක්තිය සපයන ආධාරකයක් වෙලා තියෙනවා. අපි ඉන්න තත්වය නිසා අපිට පුළුවන් ඕනෑම වේලාවක අන් අයට උපකාර කරන්න.” කෙසේවෙතත් ඔබේ දුර්වල සෞඛ්‍ය තත්වය නිසා ඔබට තිබෙන ජ්වලිතය තරමටම දේවල් කරන්න නොහැකි බව කවුරුත් තේරුම්ගන්නා දෙයකි. එනමුත් ඔබට යම් උපකාරයක් ලැබුණොත් යම් ප්‍රමාණයකට දේවසේවයේ ක්‍රියාශීලීව හවුල් වන්න ඔබට හැකියි. එනිසා ඔබට යම් උපකාරයක් අවශ්‍ය නම් ඔබ සභාවේ සිටින වැඩිමහල්ලන්ට හෝ උපකාර කළ හැකි වෙනත් අයට ඔබේ අවශ්‍යතාව ගැන පැවසීමට පසුබට නොවන්න.

6 යෙහෝවාට සේවය කිරීම සඳහා ඔබ කරන සෑම දෙයක්ම ඔහු දකියි. ඔබේ මුළු හදින්ම ඔබ කරන දෙය දැක ඔහු සතුටු වෙයි. (ගීතා. 139:1-4) ඔබ ඔහු මත රඳා සිටින විට, පලදායක හා අර්ථවත්ව දේවසේවයේ හවුල් වීම සඳහා ඔබට අවශ්‍ය ශක්තිය ඔහු ලබා දෙනු ඇත.—2 කොරි. 12:7-10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න