උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කිරීම
◼ “මේ කියමන මිනිස්සු පිළිපැද්දොත් ලෝකය මීට වඩා හුඟාක් හොඳ තැනක් වේවි කියා ඔබ සිතනවාද? [මතෙව් 7:12අ, කියවන්න. ඉන්පසු ප්රතිචාරයට ඉඩ දෙන්න.] මේ පොතේ හුඟාක් පාඩම්වල විස්තර කරලා තියෙනවා, මෙතෙක් ජීවත් වූ උතුම්ම ගුරුවරයා උගන්නපු පාඩම් බොහොමයක්.” දැන් 17වන පරිච්ඡේදයේ පින්තූරු සහ ඒවාට අදාළ ශීර්ෂ පාඨ පෙන්වන්න.
◼ “අද දෙමාපියන් වැඩිදෙනෙක් තමන්ගේ දරුවන් තුළ වටිනා සාරධර්ම පැලපදියම් කිරීමට උත්සාහ කරනවා. මේක වැදගත් දෙයක් කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩ දෙන්න. ඉන්පසු හිතෝපදේශ 22:6 කියවන්න.] මේ බලන්න මේකෙ දිරිගන්වලා තියෙනවා දෙමාපියන් තමන්ගේ දරුවන්ට කුඩා කාලයේ ඉඳලාම පුහුණුවක් දෙන්න ඕනෑ කියලා. මේ පොත පිළියෙල කරලා තියෙන්නේ අන්න ඒක කරන්න ඔවුන්ට උදව් කිරීමටයි.” මෙහි 15, 18 හෝ 32වන පරිච්ඡේදවල පින්තූරු සහ ශීර්ෂ පාඨ හුවා දක්වන්න.
◼ “දෙමාපියන් තමන්ගේ දරුවන් අහන ප්රශ්න ගැන හුඟාක් වෙලාවට පුදුම වෙනවා. සමහරක් ප්රශ්නවලට පිළිතුරු දෙන එක නම් හරිම අමාරුයි, එහෙම නේද? [ප්රතිචාරයට ඉඩ දෙන්න. ඉන්පසු 2 තිමෝති 3:14, 15 කියවන්න.] තිමෝතිගේ මව සහ ආච්චි ඔහුට කුඩා කාලයේ ඉඳලාම ශුද්ධ ලියවිලිවල කියන දේ ඉගැන්වුවා. දැන් ඉන්න දරුවන්ටත් ඒ විදිහටම උගන්වන්න මේ පොත දෙමාපියන්ට උපකාරයක් වෙනවා.” දැන් මෙම පොතේ 11 සහ 12 හෝ 34 සිට 36 දක්වා පරිච්ඡේදවල අඩංගු පින්තූරු සහ ශීර්ෂ පාඨ කිහිපයක් හුවා දක්වන්න.