(1) ප්රශ්නය (2) බයිබල් පදය (3) පරිච්ඡේදය
බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත ඉදිරිපත් කළ හැකි සරල ක්‍රමයක් මෙන්න. (1) ප්‍රශ්නයක් ඇසීම (2) ගැළපෙන බයිබල් පදයක් කියවීම සහ (3) එම කාරණය ගැන කතා කරන පරිච්ඡේදයට හරවා එහි මාතෘකාවට යටින් ඇති මූලික ප්‍රශ්න කියවීම. ගෙවැසියා උනන්දුවක් පෙන්වයි නම්, එම පරිච්ඡේදයේ මුල් ඡේද කිහිපය යොදාගනිමින් බයිබල් පාඩමක් කරන සැටි පෙන්වා දීමට ඔබට හැකියි. මුල් හමුවීමේදී හෝ නැවත බැලීමකදී බයිබල් පාඩමක් ආරම්භ කිරීමට මෙම ක්‍රමය යොදාගත හැකියි.
◼ අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට සර්වබලධාරී මැවුම්කරුව දැනගන්න පුළුවන් කියලා බයිබලයේ මෙතැන කියනවා.” ක්‍රියා 17:26, 27 කියවන්න. “මේ ගැන දැන් ඔබට මොකද හිතෙන්නේ?” පිළිතුරට ඉඩ හරින්න. ඊළඟට 1වන පරිච්ඡේදය පෙන්වන්න.
◼ “අපි අද මුහුණ දෙන ප්‍රශ්න ගැටලු දිහා බැලුවාම, අපිට සහනයක් හා බලාපොරොත්තුවක් හොයාගන්න පුළුවන්ද? මේ බලන්න.” දැන් රෝම 15:4 කියවන්න. “ඔබ මේ ගැන මොකද හිතන්නේ?” ඊළඟට 2වන පරිච්ඡේදය පෙන්වන්න.
◼ “බලන්න මේ බයිබල් පදයේ මෙහෙම දෙයක් කියනවා.” එළිදරව් 21:4 කියවන්න. “මෙහි කියා තියෙන දේවල් නැති කරන්න ඔබට බලයක්, හැකියාවක් තියෙනවා නම්, ඔබ කරනවාද?” පිළිතුරට ඉඩහරින්න. දැන් 3වන පරිච්ඡේදය පෙන්වන්න.
◼ “මේ ගීතිකාවේ තියෙන විදිහේ තත්වයක ජීවත් වෙන්න අපේ දරුවන්ට පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද? මේ බලන්න.” ගීතාවලිය 37:10, 11 කියවන්න සහ පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු 3වන පරිච්ඡේදය පෙන්වන්න.
◼ “මේ වචන කවදා හරි ඉටු වෙන දවසක් එයි කියලා ඔබ හිතනවාද?” දැන් යෙසායා 33:24 කියවන්න. පිළිතුරට ඉඩහරින්න. දැන් 3වන පරිච්ඡේදයට හරවන්න.
◼ “ජීවත් වන අය කරන දේවල් ගැන මළවුන් දන්නවාද නැද්ද? මොකක්ද ඔබ හිතන්නේ?” පිළිතුරට ඉඩහරින්න. දැන් දේශනාකාරයා 9:5 කියවා, 6වන පරිච්ඡේදයට හරවන්න.
◼ “අපි කිට්ටුවෙන් හිටිය කෙනෙක් මැරුණාම ආයෙ දවසක දැක ගන්න ලැබෙයි කියල ඔබ හිතනවාද?” පිළිතුරට ඉඩහරින්න. බලන්න යේසුස් මේ ගැන කියපු දේ.” යොහන් 5:28, 29 කියවන්න. “මොකක්ද හිතන්නේ?” දැන් 7වන පරිච්ඡේදයට හරවන්න.
◼ “යේසුස් කියා දීපු පරමණ්ඩල යාච්ඤාවේ හැටියට දේවකැමැත්ත ස්වර්ගයේදී වගේම පොළොවේදීත් වෙන්න නම්, මොකක්ද වෙන්න ඕනෑ?” මතෙව් 6:9, 10 කියවා පිළිතුරට ඉඩහරින්න. දැන් 8වන පරිච්ඡේදය කියවන්න.
◼ “අපි දැන් ජීවත් වෙන්නේ අන්තිම කාලයේ කියලා ඔබ හිතන්නේ නැද්ද? මේ බලන්න මේ අනාවැකිය දැන් ඉෂ්ට වෙන්නේ නැද්ද කියලා.” 2 තිමෝති 3:1-4 කියවා පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු 9වන පරිච්ඡේදයට හරවන්න.
◼ “හුඟදෙනෙක් කල්පනා කරනවා ඇයි ලෝකයේ ප්‍රශ්න ගැටලු එන්න එන්නම වැඩි වෙන්නේ කියලා. මේකට හේතුව මොකක්ද කියලා ඔබ හිතලා තියෙනවාද?” එළිදරව් 12:9 කියවා, පිළිතුරට ඉඩහරින්න. ඊළඟට 10වන පරිච්ඡේදයට හරවන්න.
◼ “මේ බලන්න, මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරක් ගැන ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවාද?” යෝබ් 21:7 කියවන්න. පිළිතුරට ඉඩහරින්න. දැන් 11වන පරිච්ඡේදයට හරවන්න.
◼ “බයිබලයේ දීලා තියෙන මේ වගේ උපදෙසක් පවුල් ජීවිතයට අදාළ කරගත්තොත් පවුලේ සන්තෝෂය ඇති වෙයි කියලා ඔබට හිතන්නේ නැද්ද?” එෆීස 5:33 කියවන්න. පිළිතුරට ඉඩහරින්න. දැන් 14වන පරිච්ඡේදයට හරවන්න.
යම් බයිබල් පාඩමක් කරන සැටි පෙන්වා දී දෙවතාවක් කළ පසුව සහ එය දිගටම කරගෙන යා හැකි බව පෙනෙනවා නම්, එය බයිබල් පාඩමක් හැටියට වාර්තා කළ හැකියි.