බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන අන්දම
මෙම අතිරේකයේ බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ යෝජනා කිහිපයක් තිබෙනවා. මෙම යෝජනා ඔබේ වචනවලින් සකස් කරගෙන, පුද්ගලයන්ට ගැළපෙන විදිහට යොදා ගැනීම පිණිස මෙම පොතෙන් කතා කළ හැකි කරුණු ගැන හුරුවක් ඇති කරගැනීම වඩාත් හොඳයි. ඔබේ ප්‍රදේශයට ගැළපෙන වෙනත් ක්‍රමද යොදාගන්න පුළුවන්.—2005 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුව බලන්න.
හර්මගෙදොන් (“ලෝක විනාශය”)
◼ “බොහෝදෙනෙක් “හර්මගෙදොන්” ඒ කියන්නේ “ලෝක විනාශය” යන වචන ඇහෙනකොට හිතන්නේ මුළු පොළොව, මිනිසුන් හා සත්වයන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලයි. නමුත් මේ ගැන අපි භය වෙන්න ඕනෑ නැහැ. ඔබ මොකක්ද හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න. මේ බලන්න. දැන් එළිදරව් 16:14, 16 කියවන්න.] හර්මගෙදොන්වලින් පස්සේ ලෝකයට සිදු වෙන්නේ මේකයි.” දැන් 82 පිටුවේ 21 ඡේදය කියවන්න.
බයිබලය
◼ “බයිබලය දේවවචනය බව හුඟදෙනෙක් දන්නවා. නමුත් මිනිසුන් ලියූ පොතක් දෙවිගේ වචනය වෙන්නේ කොහොමද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවාද? [පිළිතුරට ඉඩහරින්න. ඊළඟට 2 පේතෘස් 1:21 සහ 19 පිටුවේ 5 ඡේදය කියවන්න.] මේ පොතේ මේ ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා. මේ බලන්න.” 6 පිටුවේ ප්‍රශ්න පෙන්වන්න.
◼ “දැන් ජීවිතයට යම් යම් උපදෙස් ලබාගන්න පොත් පත් සඟරා සහ වෙනත් ක්‍රම හුඟක් තියෙනවා. සාර්ථක ජීවිතයකට හොඳ උපදෙස් කොහෙන් ලබාගන්න පුළුවන් කියලාද ඔබ හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න. ඊළඟට 2 තිමෝති 3:16, 17 පෙරළා, 23 පිටුවේ 12 ඡේදය කියවන්න.] දෙවිව සතුටු කරන විදිහත් අප ප්‍රයෝජන ලබාගන්න විදිහත් මේ පොතේ පෙන්වලා තියෙනවා.” මෙහි 122-3 පිටුවේ වගුව සහ පින්තූරය පෙන්වන්න.
මරණය/නැවත නැඟිටීම
◼ “හුඟදෙනෙක් කල්පනා කරනවා මැරුණාම මොකක්ද වෙන්නේ කියලා. ඒ ගැන අපිට දැනගන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? [පිළිතුරට ඉඩහරින්න. ඊළඟට දේශනාකාරයා 9:5 සහ 58 පිටුවේ 5-6 ඡේද කියවන්න.] මළවුන්ගේ නැවත නැඟිටීම ගැනත් බයිබලයේ දීලා තිබෙන පොරොන්දුව ගැනත් මෙහි කතා කරනවා.” මෙහි 75 පිටුව පෙන්වන්න.
◼ “අපේ කෙනෙක් මැරුණාම, අපි ආසයි ආයෙත් එයාව දකින්න. එහෙම නේද? [පිළිතුරට ඉඩහරින්න.] බයිබලයේ දීලා තියෙනවා පොරොන්දුවක්. ඒ තමයි නැවත නැඟිටීම. අපිට ඒකෙන් යම් සැනසීමක් ලබන්න පුළුවන්. [යොහන් 5:28, 29 සහ 71-2 පිටුවල 16-17 ඡේද කියවන්න.] මේ පරිච්ඡේදයේ මේ ප්‍රශ්නවලටත් උත්තර දීලා තියෙනවා.” මෙහි 66 පිටුවේ මුලින්ම තිබෙන ප්‍රශ්න පෙන්වන්න.
සදාකාල ජීවනය
◼ “හැමෝම කැමතියි ලෙඩක් දුකක් නැතිව වැඩි කල් ජීවත් වෙන්න. නමුත් සදාකල් ජීවත් වෙන්න ඔබට හැකිකමක් ලැබුණොත්, ඔබ ඒකට කැමතිද? [පිළිතුරට ඉඩහරින්න. ඊළඟට එළිදරව් 21:3, 4 කියවා 53 පිටුවේ 17 ඡේදය කියවන්න.] අපට සදාකාල් ජීවත් වීමට හැකි අන්දමත් දෙවි දී තිබෙන ඒ පොරොන්දුව ඉටු වෙද්දී ජීවිතය කොයි වගේ එකක් වෙයිද කියාත් මේ පොතේ පෙන්වලා තියෙනවා.”
පවුල් ජීවිතය
◼ “අපි හැමෝම ආසයි සන්තෝෂයෙන් පවුල් ජීවිතය ගෙවන්න. එහෙම නේද? [පිළිතුරට ඉඩහරින්න.] පවුලේ හැමෝටම සන්තෝෂය ඇති කර ගන්න පුළුවන් විදිහ ගැන බයිබලයේ කතා කරලා තියෙනවා. ඒ තමයි දෙවි අපිට ප්‍රේම කරනවා වගේ අපිත් හැමෝටම ප්‍රේම කරන්න ඉගෙනගැනීම.” එෆීස 5:1, 2 සහ 135 පිටුව 4 ඡේදය කියවන්න.
නිවාස ප්රශ්නය
◼ “අද හැමෝටම බලපාන ප්‍රශ්නයක් තමයි තමන්ටම කියලා නිවසක් නැති එක. කවදා හරි හැමෝටම තමන්ගේම කියා ගෙයක් දොරක් තියෙන කාලයක් එයි කියලා ඔයා හිතනවාද? [පිළිතුරට ඉඩහරින්න. අනතුරුව යෙසායා 65:21, 22 කියවා 34 පිටුවේ 20 ඡේදය කියවන්න.] දෙවිගෙන් ලැබෙන මේ පොරොන්දුව ඉටු වෙන ආකාරය මේ පොතේ පෙන්වලා තියෙනවා.
යෙහෝවා දෙවි
◼ “දෙවියන් ගැන විශ්වාසයක් තිබෙන හුඟදෙනෙක් කැමතියි දෙවියන්ට ළං වෙලා ඉන්න. දෙවියන්ට ළං වෙන්න කියා බයිබලයේ අපට දිරිගන්වන බව ඔබ දන්නවාද? [පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු යාකොබ් 4:8අ කියවා, 16 පිටුවේ 20 ඡේදය කියවන්න.] මෙම පොත සූදානම් කර තිබෙන්නේ ඔබේම බයිබලයෙන් දෙවියන් ගැන තව තවත් දේවල් දැන ගන්නයි.” දැන් 8වන පිටුවේ මුලින්ම සඳහන් ප්‍රශ්න පෙන්වන්න.
◼ ‘ඔබගේ නාමය ආරාධිත වේවා’ කියලා හුඟක් අය දෙවිට යාච්ඤා කරනවා. ඒ නම මොකක්ද කියලා ඔබ දන්නවාද? [පිළිතුරට ඉඩහරින්න. පසුව ගීතාවලිය 83:17 කියවා, 195 පිටුවේ 2-3 ඡේද කියවන්න.] යෙහෝවා දෙවි ගැනත් අපි ගැන දෙවිට තිබෙන අරමුණ ගැනත් බයිබලයේ තිබෙන දේ මේ පොතේ විස්තර කරලා තියෙනවා.”
යේසුස් ක්‍රිස්තුස්
◼ “හැමෝම වගේ යේසුස් ක්‍රිස්තුස්ව දන්නවා. එහෙම නේද? සමහරුන් හිතන්නේ යේසුස් ශ්‍රේෂ්ඨ මිනිසෙක් කියලයි. තවත් අය සිතන්නේ සර්වබලධාරී දෙවියන් කියලා. නමුත් අපි යේසුස් ක්‍රිස්තුස් හරියටම කවුද කියල දැනගන්න ඕනෑ නේද? පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු යොහන් 17:3 කියවා, 37 පිටුවේ 3 ඡේදය කියවන්න. මෙහි 4වන පරිච්ඡේදයේ මාතෘකාවට යටින් තිබෙන ප්‍රශ්න කියවන්න.
යාච්ඤාව
◼ “දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ කොහොමද කියා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවාද? [පිළිතුරට ඉඩහරින්න. ඊළඟට 1 යොහන් 5:14, 15 සහ 170-1 පිටුවල 16-18 ඡේද කියවන්න.] අප දෙවිට යාච්ඤා කළ යුත්තේ ඇයි කියාත් හරි විදිහට කරන්නේ කොහොමද කියාත් මෙහි පෙන්වලා තියෙනවා.
ආගම
◼ “බොහෝදෙනෙක් හිතන්නේ ආගම් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න ඇති කරලා තියෙනවා කියලා. අද ආගම් මිනිසුන්ව හරි දිසාවකට යොමු කරනවා කියා ඔබ හිතනවාද? [පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු මතෙව් 7:13, 14 කියවා 146 පිටුවේ 5වන ඡේදය කියවන්න.] දෙවි කැමති නමස්කාරය හඳුනා ගන්න විධි හයක් මේ පරිච්ඡේදයේ විස්තර කරලා තියෙනවා.” මෙහි 147 පිටුවේ ලැයිස්තුව පෙන්වන්න.
විපත්/දුක්වේදනා
◼ “යම් විපතක් වුණාම, මිනිසුන් අහන දෙයක් තමයි දෙවියන්ට මේවා පේන්නේ නැද්ද කියන ප්රශ්නය. ඔබ කවදා හරි මේ ගැන කල්පනා කරලා තියෙනවාද? [පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු 1 පේතෘස් 5:7 සහ 11 පිටුවේ 11 ඡේදය කියවන්න.] මේ පොතේ පෙන්වලා තිබෙනවා දෙවි මිනිසුන්ගේ දුක් වේදනා සදහටම නිමා කරන්නේ කොහොමද කියලා.” මෙහි 106 පිටුවේ මුල් ප්‍රශ්න පෙන්වන්න.
යුද්ධය/සාමය
◼ “හැමෝම බලා සිටින්නේ ලෝකෙට සාමය උදා වන තෙක්. ලෝකෙට සාමය එන එක නිකම්ම සිහිනයක් කියලාද ඔබ හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න. ඊළඟට ගීතාවලිය 46:8, 9 කියවන්න.] දෙවි තමන්ගේ අරමුණ ඉෂ්ට කරලා ලෝකෙට සාමය උදා කරන අන්දම මේ පොතේ සාකච්ඡා කරලා තියෙනවා.” මෙහි 35 පිටුවේ පින්තූරය පෙන්වා, 34 පිටුවේ 17-21 ඡේද සාකච්ඡා කරන්න.
[5වන පිටුවේ කොටුව]
සම්මාදම් ගැන පවසන අන්දම
“ලොව වටේම කෙරෙන අපේ වැඩකටයුතුවලට සුළු සම්මාදමක් දෙන්න ඔබ කැමති නම්, අපි කැමැත්තෙන් ඒක බාර ගන්නවා.”
“අපි අපේ පොත්වලට මුදල් අය කරන්නේ නැහැ. නමුත් අපේ වැඩ කටයුතුවලට දෙන සම්මාදම් අපි භාර ගන්නවා.”
“අපේ වැඩ කටයුතුවලට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා ඔබ හිතනවා ඇති. ඒවා කෙරෙන්නේ ලෝකය පුරාම සිටින අයගෙන් ලැබෙන ස්වේච්ඡා සම්මාදම්වලින්. යම් සුළු සම්මාදමක් දෙන්න ඔබත් කැමති නම්, අපි ඒක ඉතා සතුටින් භාර ගන්නවා.”