දිව්‍යාණ්ඩු සේවා පාසලේ පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2005 අගෝස්තු 29න් පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. වර්ෂ 2005 ජූලි 4 සිට අගෝස්තු 29 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. අපගේ බලාපොරොත්තුව ගැන පවසන විට අපේ “සාධාරණකම සියලු මිනිසුන්ට දැනගැනීමට සලස්වන්න” අපට හැක්කේ කෙසේද? එය වැදගත් වන්නේ මන්ද? (ෆිලි. 4:5; යාකො. 3:17) [be 251 පි. 1-3 ඡේ., කොටුව]
2. සාධාරණ විය යුතු අවස්ථා හඳුනාගැනීම අන්‍යයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාරවත් වන්නේ කෙසේද? [be 253 පි. 1-2 ඡේ.]
3. අප යමෙකුට කාරණයක් තර්කානුකූලව සිතා බැලීමට උපකාර කිරීම සඳහා දක්ෂ ලෙස ප්‍රශ්න ඇසීම වැදගත් වන්නේ මන්ද? [be 253 පි. 3-4 ඡේ.]
4. ඒත්තුගන්වනසුලු ඉදිරිපත් කිරීමක් සඳහා සලකා බැලිය යුත්තේ කිනම් කරුණුද? [be 255 පි. 1-4 ඡේ., කොටුව; 256 පි. 1 ඡේ., කොටුව]
5. ශුද්ධ ලියවිල්ලේ තිබෙන අදහස් නිවැරදි බව තහවුරු කිරීමට යම් බාහිර මූලාශ්‍රවලින් තොරතුරු භාවිත කරන්නට තීරණය කරනවා නම් අප මතකයේ තබාගත යුත්තේ කුමක්ද? [be 256 පි. 3-5 ඡේ., කොටුව]
පැවරුම් අංක 1
6. යේසුස් පුරාණයේ ජීවත් වූ බවට පැහැදිලි සාක්ෂි සපයන්නේ කුමක් මගින්ද? [w03 6/15 4-7 පි.]
7. ‘අවංක අයගේ මුඛය ඔවුන් ගලවන්නේ’ කෙසේද? එමෙන්ම ධර්මිෂ්ඨයන්ගේ ගෘහය “පවතින්නේ” කෙසේද? (හිතෝ. 12:6, 7) [w03 1/15 30 පි. 1-3 ඡේ.]
8. කළ යුතු දේ හා නොකළ යුතු දේ ගැන බයිබලයේ ලැයිස්තුවක් සපයා නැති නිසා ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්ද කියා වටහාගන්න’ අපට හැකි වෙන්නේ කෙසේද? (එෆී. 5:17) [w03 12/1 21 පි. 3 ඡේ.–22 පි. 3 ඡේ.]
9. දුප්පත්කම හෝ ආර්ථික අගහිඟකම් තිබෙන විට, ඊට මුහුණ දීම සඳහා කෙනෙකුට කුමන බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත හැකිද? [w03 8/1 5 පි. 2-5 ඡේ.]
10. නොමිලේ දීම සම්බන්ධයෙන් යෙහෝවා තැබූ ආදර්ශය අපට බලපෑ යුත්තේ කෙසේද? (මතෙ. 10:8) [w03 8/1 20-22 පි.]
සතිපතා බයිබල් කියවීම
11. සලමොන් ඉදි කළ දේවමාලිගාවේ දොරටුව අසල යාකීන් හා බෝවස් යන නමින් තිබූ කණු දෙකෙන් අදහස් කළේ කුමක්ද? (1 රාජා. 7:15-22)
12. සලමොන් විසින් හීරාම් රජුට ගලීල දේශයෙන් නගර 20ක් ප්රදානය කිරීම මෝසෙස්ගේ නීතියට එකඟ වීද? (1 රාජා. 9:10-13)
13. ‘දෙවිගේ මනුෂ්‍යයාගේ’ අකීකරුකමෙන් අපට උගත හැක්කේ කුමන පාඩමද? (1 රාජා. 13:1-25)
14. යූදාහි ආසා රජ තම නිර්භීතකම විදහාපෑවේ කෙලෙසද? අපට ඔහුගේ ආදර්ශයෙන් උගත හැක්කේ කුමක්ද? (1 රාජා. 15:11-13)
15. ආහබ් රජ හා නාබොත් පිළිබඳ කතාවෙන් තමන් ගැනම අනුකම්පාවක් ඇති කරගැනීමේ අවදානම ගැන නිදර්ශනය වන්නේ කෙසේද? (1 රාජා. 21:1-16)