ප්‍රශ්න පෙට්ටිය
◼ රැස්වීම්වලදී ඉගෙනීම සඳහා සුදුසු පසුබිමක් ඇති කරන්න අප සැමට පුළුවන් කොහොමද? (ද්වි. 31:12)
යෙහෝවා දෙවිටත් සභා රැස්වීම්වලටත් ගරු කිරීමක් වශයෙන් රැස්වීමට කලින්ම පැමිණ දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට සූදානම් වෙන්න කියා සියල්ලන්ටම දිරිගන්වන්න කැමතියි. කුඩා දරුවන් සිටින අයට හා ඉඳ හිට ප්‍රමාද වී පැමිණෙන අයට පිටුපස ආසන තබා අනිත් අය ඉදිරි අසුන්වලට යෑම බාධා අඩු කිරීමට උදව්වක් වෙයි. රැස්වීම පටන්ගන්න කලින් ජංගම දුරකතන වැනි යන්ත්‍ර වසා දමන්න හෝ නිහඬ කරන්න. සියලුදෙනාම රැස්වීම පුරා ගෞරවාන්විත ලෙස සවන් දෙමින් සිටිනවා නම් බාධා අඩු කරගත හැකියි.—දේශ. 5:1; ෆිලි. 2:4.
නවකයන් මුල් වතාවට රැස්වීමකට පැමිණෙන විට ඔවුන්ව හඳුනන අයට හැකියි ඔවුන් සමඟ වාඩි වෙන්න. විශේෂයෙන්ම ඒ නවකයන්ට කුඩා දරුවන් සිටිනවා නම් නිහඬව යම් වේලාවක් ඉඳගෙන සිටීමට ඔවුන්ව පුහුණු කිරීම සඳහා එය උපකාරයක්. සමහරවිට පුංචි අයව ටික වෙලාවකට ප්‍රධාන ශාලාවෙන් පිටතට ගෙනියන්න සිදු වන නිසා පිටුපස ආසනවල ඉඳගන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා නම් ඔවුන් එය අගය කරයි. (හිතෝ. 22:6, 15) කුඩා දරුවන් සිටින පවුල් දෙවන ශාලාව වැනි වෙනත් කාමරයක ඉඳගැනීම සුදුසු වන්නේ නැහැ. එසේ කළොත් දරුවන්ට කෑගහන්න නිදහස ලැබෙනවා. දරුවාව හික්මවන්න හෝ ඔහුගේ වෙනත් අවශ්‍යතාවක් ඉටු කරන්න ඔහුව ශාලාවෙන් පිටතට ගෙන යෑම වඩාත් සුදුසුයි. ඉන්පසු යළි දරුවා සමඟ ශාලාවට පැමිණිය හැකියි.
නමස්කාර ගෘහයකට සුදුසු වාතාවරණයක් පවත්වාගන්න පරිවාරකයන් බොහෝ සේ උත්සාහ කරනවා. පවුලේ අයට එක ළඟ ආසන සොයා දීමටත් ඉඳ හිට ප්‍රමාද වන අයට අනවශ්‍ය බාධාවක් ඇති නොකර පහසුවෙන් අසුන් ගැනීමටත් උපකාර කිරීම සඳහා පරිවාරකයන් උපායශීලීව මෙන්ම දූරදර්ශීව කටයුතු කරනවා. බලාපොරොත්තු නොවූ බාධාවක් ඇති වෙද්දී ඔවුන් එය වළක්වන්න උත්සාහ කරන්නේ නැණවත්වයි. දරුවෙකු අන් අයට බාධා වෙන විදිහට හැසිරෙනවා නම් තත්වය කාරුණිකව හසුරුවන්න පරිවාරකයන්ට හැකියි.
යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් ඉගෙනගැනීම සඳහා සුදුසු පසුබිමක් ඇති කිරීමට දායක වෙන්න රැස්වීම්වලට පැමිණෙන සියලුදෙනාටම පුළුවන්.—හෙබ්‍රෙ. 10:24, 25.